අංකයට අනුව ඔබ ගැන දැනගන්න

ඕනෑම කෙනෙක්ට පෞරුෂ අංකය මගින් තව කෙනෙක් කෙබඳු වේ දැයි කියා අනුමාන කර නිගමනයකට එළඹිය හැකියි.ඊට හේතුව නම් මෙය පුද්ගල චරිතයක අනන්‍යතාවය හඟවන එක මිනුමක් නිසාය.පෞරුෂ අංකය කියන්නේ දැනගන්නේ කොහොමද කියා සමහරවිට ඔබට ප්‍රශ්නයක් ඇත.අපි අද ඉදිරිපත් කරන්නේ කෙනෙකුගේ නම ඉංග්‍රීසියෙන් ලියු විට නමෙහි අකුරු වලට අදාල අංකයන් මගින් පෞරුෂ අංකය හොයා ගන්නේ කොහොමද කියාය.ඒ ඇසුරෙන් ඔබ ගැන දැනගැනීමට ඔබට හැකියාව ලැබේවි.ඔබගේ පෞරුෂ අංකය පහත දැක්වෙන ආකාරයට සොයාගන්න.

1 = A, J, S

2 = B, K, T

3 = C, L, U

4 = D, M, V

5 = E, N, W

6 = F, O, X

7 = G, P, Y

8 = H, Q, Z

9 = I, R

දැන් මෙම අක්ෂරයන්ට අනුව ඔබේ සම්පුර්ණ නම ගළපා අවසානයට ලැබෙන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවත් තනි ඉලක්කමකට පත් වෙන තුරු එකතු කරන්න.නමුත් ඔබට එකතුව ලෙස 11 හෝ 22 යන සංඛ්‍යා දෙක ආවොත් එම සංඛ්‍යා 2 පමණක් ඒ විදිහටම තබන්න.ඒ හැර අනෙක් සියලු සංඛ්‍යා තනි ඉලක්කමක් ලැබෙන තුරු නැවත එකතු කරන්න.මෙම උදාහරණය කියවන්න.එවිට ඔබට පහසුවක් වේවි.

උදා:සම්පුර්ණ නම :අමල් කුමාර කියා සිතන්න.එය ඉංග්‍රීසියෙන් ලියු විට,

AMAL KUMARA A – 1, M – 4, A – 1, L-3 K – 2, U – 3, M – 4, A – 1, R – 9, A – 1ඒ අනුව, මේ සියලු ඉලක්කම් එකට එකතු කල විට, 1+4+1+3+2+3+4+1+9+1=2929 යන සංඛ්‍යාව තනි ඉලක්කමක් ලැබෙන ලෙසට එකතු කල විට,(29) —– 2+9=11ලැබුනේ 11 බැවින් නැවත එකතු නොකරයි.මන්ද 11 හා 22 යන සංඛ්‍යා වලට අදාලව පිළිතුරු ඇති බැවිනි.

වෙනත් නමකට ඔබට පිළිතුරු ලෙස ලැබුනේ 39 කියා සිතන්න.එවිට එය තනි ඉලක්කමක් ලැබෙන සේ නැවත එකතු කල විට (39)——3+9=12 නමුත් 12 යනු නැවත ඉලක්කමක් දෙකක සංඛ්‍යාවකි.නමුත් ඉලක්කම් දෙකක් සහිත සන්ක්ය සඳහා පිළිතුරු ඇත්තේ 11 හා 22 ට පමණක් බැවින්,මෙය නැවත තනි ඉලක්කමක් ලැබෙන සේ එකතු කල යුතුයි.එවිට ,

(12)———1+2=3 ඒ අනුව පෞරුෂ අංකය 3 වේ.

මෙම උදාහරණ වලින් ඔබට ඔබේ පෞරුෂ අංකය සොයා ගන්නා ආකාරය පැහැදිලි වෙන්නට ඇති අපි සිතනවා ඉතින්.ඔබේ සම්පුර්ණ නම ඇසුරෙන් ඉහත දැක්වූ ආකාරයට ඔබේ පුරුෂ අංකය සොයාගන්න.ඊට අදාලව ඔබ කව්රුන්ද කියා හඳුනා ගන්න දී ඇති විස්තරය ඇසුරෙන් උත්සහ කරන්න

පෞරුෂ අංක 1

ඔබේ පෞරුෂ අංකය අංක 1 නම් ඔබ ස්වාධීන පුද්ගලයෙක්.නමුත් ඔබ ස්වාධීන වුවා කියා සමාජ විරෝධී කටයුතු වල නියෙලෙන අයෙකු නොවේ.විශාල කණ්ඩායමක්,පිරිසක් එකම අරමුණකට මෙහෙයවීමට,පෙළඹවීමට ඔබට හැකියව ඇත.ඔබ ඊට බිය නැත.එසේම ඔබ තරමක් ආත්මාර්ථකාමී වගේම ප්‍රවේසමින් ජීවත් වෙන අයෙකි.

පෞරුෂ අංක 2

ඔබ කලාත්මක පුද්ගලයෙකි.ඔබ අන් අයවද කලාවට සෞන්දර්යයට යොමු කරන නිර්මාණශීලි අයෙක්.එසේම ඔබ විශ්වාසවන්ත පුද්ගලයෙක්.ඕනෑම කෙනෙක් ඔබව පහසුවෙන් විශ්වාස කරයි. ඕනෑම අයෙකු පහසුවෙන් ඔබ හා මිතුරු වේ.ඒ ඔබේ සුහදශීලි අයෙක් නිසාය.මෙනිසාම සමාජය අතර එකමුතුකම පතුරවාලීමට මිනිසුන්ව එකමුතුකමින් එකට එක කරවීමටද ඔබට හැකිය.ඔබේ දුර්වලතාවයක් ඇත.එනම් ඔබගේ මනසේ අදහස් රාශියක් ඇති බැවින් සමහර අවස්ථා වල නිවැරදි තීරණය ගැනීමට ඔබට අපහසු වන අවස්ථා ඇත.එවන් අවස්ථා වල සිතාමත නිවැරදිව තීරණ ගැනීමට ඔබ හුරු විය යුතුයි.

පෞරුෂ අංක 3

ඔබත් නිර්මාණශීලි අයෙක්.නමුත් ඔබේ විශේෂත්වය වන්නේ ඔබ බුද්ධිමත් ,සාකච්චා කිරීමට කැමති සිත්ගන්නාසුළු අයෙකු වීමයි.ඔබ කතන්දර පැවසීමට කැමතියි.එනම් හොඳ සන්නිවේදකයෙකි.ඔබේ ජීවන අත්දැකීම් අන් අය සමඟ බෙදා ගන්න අතරම ඔබේ සිහිනයන් සැබෑ කරගැනීමට ඔබ උත්සහ කරයි.

පෞරුෂ අංක 4

මෙම පෞරුෂ අංක ,සංඛ්‍යා අතුරෙන් වඩාත්ම විශ්වසදායක අංකය අංක 4යි.ඔබේ අංකය මෙය නම් ඔබ සංවිධානාත්මක,විනයගරුක,වෙහෙසමහන්සියෙන් වැඩ කරන ස්ථාවර පුද්ගලයෙකු ලෙස මිනිසුන් ඔබව දකියි.තවත් සමහරු ඔවුන්ගේ ජීවිතය හා රැකියාව පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සඳහා ඔබ වෙත පැමිණෙති. ඔබේ අරමුණ වෙන්නේ ඔවුන්ටද උදව් උපකාර කරමින් ඔබේ අපේක්ෂාවන් ඉටු කරගනිමින් අරමුණු ඉලක්ක සපුරා ගනිමින් සතුටින් විනෝදයෙන් ජීවත් වීමයි.

පෞරුෂ අංක 5

ඔබ වික්‍රමාන්විත,ත්‍රාසජනක ක්‍රියාවලට කැමති සමාජශීලි අයෙකි.ඔබ සංචාරය කිරීමට කැමතියි.එනිසාම ඔබට ඔබගේ අරමුණු ගැන යම් අවිනිශ්චිතතාවයක් ඇත.ඔබේ රැකියාව ගැන වැඩි අවදානයක් යොමු කරමින් කැපවීමෙන් වැඩ කලොත් ඔබට අයහපතක් නොවෙනු ඇත.එවිට ඔබ ස්ථාවර බවක් ඔබට දැනේවි.

පෞරුෂත්ව අංක 6

ඔබ ආදරණිය පුද්ගලයෙක්.එසේම කරුණාවන්තයි.එනිසාම පිහිටක් පතා බොහෝ අය තම සිත සනසා ගැනීමට ඔබ කරා එයි.ඔබ තම පවුලට දැඩි ලැදිකමක් දක්වයි.නමුත් ඔබේ මෙම කරුණාවන්ත බව නිසාම අයහපත් මිනිසුන් ඔබව පාලනය කිරීමට උත්සහ කරනු ඇත.එනිසා එවැනි පුද්ගලයින්ගෙන් ඈත්ව ජීවත් වෙන්නට ඔවුන්ව හඳුනාගන්නට ඔබ මතක තබා ගත යුතුය.

පෞරුෂ අංක 7

ඔබේ පෞරුෂ අංකය අංක 7 නම් ඔබ මිනිසුන්ව හඳුනා ගැනීමට ඔවුන්ව හැදෑරීමට,අධ්‍යයනය කිරීමට කැමති පුද්ගලයෙකි.මිනිසුන්ව කියවීමට එනම් අධ්‍යයනයට ඔබ ඉතා දක්ෂය.ඔබ බුද්ධිමත් අයෙක් වන අතර සැමවිටම කොහෙන් හෝ වැඩි දැනුමක් රැස්කර ගැනීමට උත්සහ කරයි.පිටස්තරයින්ට ඔබ සමඟ සබඳතා ඇති කර ගැනීම තරමක් දුෂ්කර කරුණක් විය හැක.මන්ද ඔබේ යම් ගුප්ත බවක් ඇති නිසාය.එනිසා තරමක් විවෘත පුද්ගලයෙකු වීමට උත්සහ කරන්න.

පෞරුෂ අංක 8

ඔබ සැමවිටම සාර්ථකත්වය සොයන අතර අනෙක් අය ඔබව දකින්නේද ඒ ආකාරයටමයි.ඔබ කුමක් කලත් එහි ඉහලටම සාර්ථකම මට්ටමට ගමන් කිරීමට ඔබ අධිෂ්ඨාන කරගෙන සිටියි.නමුත් අධික ලෙස මමත්වය සුදුසු නැත.උඬඟු නොවිය යුතුය.මේ දුර්වලකම් මගහැරගෙන උත්සාහයෙන් වැඩ කිරීමෙන් ඔබව සාර්ථක වෙනු ඇත.

පෞරුෂ අංක 9

ඔබ පරමාදර්ශී අයෙකි.ලෝකයට සැමවිටම ඔබෙන් ලැබෙන්නේ ආදර්ශයක්මය.ඔබ මිනිසුන් සමඟ මෙන්ම සොබාදහම සමඟද ආදරයෙන් බැඳී ඇත.ඔබ ධනාත්මක පුද්ගලයෙකි.මෙම අංකය ලැබෙන පුද්ගලයින් නායකත්වයට බොහෝ සුදුසුය.ඔබේ අදහස් දර්ශනයන් ගැන කතා කරන විට ඔබ යම් නුසුදුසු ලෙසක් පෙන්නුවද ඔබ සැබවින්ම ධනාත්මක යහපත් චරිතයකින් යුතු අයෙකි.

පෞරුෂ අංක 11

ඔබද නායකත්ව ගුණ දරයි.එසේම අහංකාර බව අඩු නිහතමානී චරිතයකින් යුතු අයෙකි.කාරුණිකයි.ඔබ තරහ ගත යුතු තැන් වලදී වුවද ආදරයෙන් එම අවස්ථා ජය ගනී.කරුණාවේ අගය ලොවට කියලා දෙයි.නමුත් ඔබේ සබකෝලය,ලැජ්ජාශීලි ගති හා නොසන්සුන් බව දුරු කරගතහොත් ඔබට කැපී පෙනෙන නායකයෙකු වීමට හැකියාව ඇත.ඊට අදාල කුසලතා ඔබ සතුය.

පෞරුෂත්ව අංක 22

ඔබ 2 හා 4 ශක්තීන් වලින් සැදුම් ලත් අයෙකි. අංක 2 ඔබව නිර්මාණාත්මක, චිත්තවේගීය හා සමාජීය කරවන අතර අංක 4 වම් මොළයට වඩා වෙහෙසකාරී හා විශ්ලේෂණාත්මක අයෙක් බවට පත් කරයි.එනම් ඔබ වම හා දකුණු මොලයේ යන දෙකේම සමතුලිතතාවයෙන් යුතු අයෙකි.ඔබ දක්ෂතා හැකියාවන් රාශියකගෙන් පිරිපුන් අයෙක්,නමුත් ඒවා හඳුනා ගැනීම ඔබට අභියෝගයකි.සමහරු ඔබව සියල්ලට දක්ෂ අයෙක් ලෙස සැලකුවත් ඔබ තුලින් ඔබේ හැකියාවන් කුසලතා හඳුනා ගැනීම ඔබට තරමක් දුෂ්කර කටයුත්තකි.

Check Also

ඔබ වැඩිපුර සිනාසෙන විට සිදුවන දේවල්

අපි සිනාසෙන විට, අපට ක්ෂණිකව වෙනස් හැඟීමක් දැනෙන්නට පටන් ගනී, අමුතු ආකාරයකින්, අපගේ මුහුණ සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *