අතින් අල්ල ගන්න විදිහෙන් ඔයාලා ගැන කියවෙන දේවල් ඇත්තද බලන්න

ඔයාත් ආදරය කරනවද,ආදරය කරලා තියෙනවද, අපි කාටවත් කියන්න බැහැ අපි ආදරය කරලා නැහැ කියලා.මොකද,අපි පොඩි කාලයේ ඉදලම ආදරය කරනවා සෙනෙහස දක්වනවා. අපේ පවුලේ අයට දෙමව්පියන්ට, සතුන්ට, ගහකොළ වලට.ඉතින් අද අපි කියන්න යන්නෙ වෙනස්ම සෙනෙහසක් ගැන, භාහිර පරිසර සමඟ ගනුදෙනු කරන විට අපිට විවිධාකාර පුද්ගලයින් හමුවෙනවා.ඒ අතරින් අපිට විශේෂිත වුන අයට අපි විශේෂ සෙනෙහසක් දක්වනවා.

ඉතින් මේ සෙනෙහසේ කල් පැවැත්ම තිරණය වෙන්නෙ අපේ හැසිරිම මත කිව්වොත් මම හිතනවා මම නිවැරදි කියලා.දෙදෙනෙකුගෙ එක්විමකදී එක් ගමනාන්තයක් තොරා ගැනිමට අප වගබලා ගත යුතුයි.නැත්නම් කෙදිනක හෝ දරුවන් තනි වී දෙමව්පියන් ඔවුන්ගෙ ලොකවල තනි වනු ඇත.ඉතින් අද අපි කියන්න යන්නෙ ප්‍රේමසම්බන්දයක දී ඔවු නොවුන් අතර ඇති වන විවිධ වර්ගයේ අත් අල්ලා ගැනිම් පිටුපස ඇති සැබෑ අරුත ගැනයි.බලන්න,ඔයාලගෙ අත් අල්ලා .ගැනිමත් මේ වගෙද කියලා.

01.පහලට මුහුණලා දෙදෙනාගෙ අත් අල්ලා ගැනිම

ඔයාලත් මෙ විධියටනම් අත් අල්ලගෙන ඉන්නේ ගොඩක් ආදරයරෙන්, සෙනෙහස මත පවතින ආදරයක්.ශක්තිමත් පෞරෂයක් තියෙන, ඔනම කාරණයකදි තම සහකරැ පෙරමුණ ගෙන ක්‍රියා කරන තීරණාත්මක බැදිමක් පවතින යුගලකි.

02.එකිනෙකට සම්බන්ධ වු ඇඟිලි

ඔයාලා දෙන්නගෙනම් දැඩි සම්බන්ධතාවයක් පෙන්නුවත් දෙදෙනම එක සේ අත තදින් අල්ලගෙන සිටිය යුතුයි.නැතිනම් එක එච්චර හොද දෙයක් නොවෙන්නත් පුලුවන්, ඇත්තටම අපිට එහෙම කියන්න බැහැ මොකද එම මොහොතෙ දි දෙදෙනා අතර වන කතා බහා අනුව මේක තීරණය වෙන්න පුලුවන් හැබැයි දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්න වෙලාවට නම් අනිත් කෙනාගෙ අත ලිහිල් වෙලා තියෙනව නම් ඒක කතා කරලා විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්.

03.දෙදෙනාගෙම සුලගිල්ල පමනක් සම්බන්ධ වු විට

ඔයාලා දෙන්නා නම් එකිනෙකාගෙ කැමැත්ත වෙනුවෙන් වැඩ කරනවා ඒ වගේම දෙදෙනාගෙ වටපිටාව සකස් කර ගන්න (වෘතිය හෝ පෙෘද්ගලික )එකි නෙකාගෙ ක්‍රියාකාරකම් සිතුවිලි වලට ගරු කල යුතු ආකාරය ගැන දන්න යුවලක්.

04.සහාකාරයගේ වැලමිට බාහුවෙන් සහකාරිය අල්ලා සිටිම.(linked arms)

ඔයාලත් මේ විදියනම්, ඔයාගේ සහාකාරිය ඔයාලගේ සම්බන්ධය ගැන විශ්වාසයකින් නෙවෙයි ඉන්නෙ ඇය ඔබගෙ ආරකෂාව ආදරය පතනවා.සමහර විට මෙය එක් අයෙකුගෙ උවමනාව මත පවතින සම්බන්ධයක් විය හැකියි.

05.අත් අල්ලන්නෙ නැතිව දෙදෙනාම ගමන් කිරිම.

ඔයාගෙ සහකාරයා ඔයාගෙන් විතරක් සෑහිමකට පත් නොවන බව මෙයින් ඇගවුවත් අපට එසේ කීමට, සාක්ෂි නැති තරම්,ඔහුගේ කැමැත්ත,ලැජ්ජාව වගේ කරුණු නිසාත් මෙය සිදු වෙන්න පුලුවන්,

මෙහි සදහන් වෙන කරුණු අපිට ඒ විධියටම හිතන්න බැහැ ඕනම කෙනෙක් අතර හිත් අමනාපකම් සිදු වු විට ඔහුගේ හෝ ඇයගේ හැසිරිම කාලයක් යන තුරුම වෙනස් කම් දක්නට ලැබෙනවා.ඔයාලගේ සම්බන්දයේ ආදරණිය අවස්ථා මතකයට නැගිමෙන් මේ පිලිබද කරදර විමට තරම් කරුණක් නැති වෙන්නත් පුලුවන්, හදිස්සි වෙන්නෙ නැතිව කල්පනාකාරීව සහකරු හෝ සහකාරිය සමඟ අත්වැල් බැඳ ගන්න

Check Also

ඔබ වැඩිපුර සිනාසෙන විට සිදුවන දේවල්

අපි සිනාසෙන විට, අපට ක්ෂණිකව වෙනස් හැඟීමක් දැනෙන්නට පටන් ගනී, අමුතු ආකාරයකින්, අපගේ මුහුණ සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *