අත මිට මොළවන ආකාරයෙන් ගති ගුණ දැනගමු

අපි අද මෙය පවසනකම් ඔබ සමහරවිට මේ ගැන අවධානයක් යොමු කර නොතිබෙන්නට ඇති.ඔබේ අත මිටමොලවා බලන්න.ඔබේ අතේ මහපට ඇඟිල්ල පිහිටන්නේ කෙසේද?දැන් ඔබේ අසල සිටින ඔබේ අම්මට ,තාත්තාට,සහෝදර සහෝදරියකට,එහෙමත් නැත්නම් ඔබේ මිතුරෙක්ට පවසන්න ඔවුන්ගේ අත මිට මොලවන්නට කියා.දැන් බලන්න ඔවුන්ගේ අත මිට මොලවා ඇති විට ඔවුන්ගේ අතෙහි මහපට ඇඟිල්ල පිහිට ඇත්තේ කෙසේද කියා?බොහෝ දුරට ඔවුන් අත මිට මොලවන්නේ වෙනස් ආකාරයකට විය හැකියි.මන්ද රූපයේ දක්වා ඇති ආකාර තුනටම මහපට ඇඟිල්ල පිහිටන සේ මිනිසුන් තම අත මිට මොලවනවා.

ඉතින් මෙන්න මෙහෙම එකිනෙකට වෙනස් ආකාරයට අපි අත මිට මොළවන විට අපේ අතේ මහපට ඇඟිල්ල පිහිටන ආකාරයෙන් අපි එකිනෙකා තුල ඇති එකිනෙකට වෙනස් පෞරුෂ ලක්ෂණ ගැන යමක් හෙළි වෙන බව ඔබ දන්නවද?උත්සහ කර බලන්න.ඔබේ අත මිට මොළවා ඇත්තේ රූපයේ දැක්වෙන ආකාර වලින් කුමන ආකාරයටද කියා නිරීක්ෂණය කර ඒ ඇසුරින් ඔබේ පෞරුෂය ගැන හෙළි වෙන දෑ ගැන සොයා බලන්න.

1.

ඔබට සංවේදී පෞරුෂයක් ඇත.ඔබ කරුණාවන්තයි.අනුන්ට උදව් කිරීමට කැමතියි.මිනිසුන්ට උදව් උපකාර කිරීමට කැමති ඔබ ඉතාම අවංක පුද්ගලයෙක්.එසේම ඔබ උද්යෝගිමත් සහ ශක්තිමත් පරිකල්පන ශක්තියකින් යුතු කෙනෙක්.ඔබට අවශ්‍ය කවුරුන් හෝ මිනිසෙකුට පිහිටක් වී අවංකව ඔවුන්ට උපකාර කිරීමට වුවද මිනිසුන් ඔබගේ මෙම අවංක කාරුණික බවින් වාසි ලබා ගැනීමට උත්සහ කරයි.එනිසා ඔබ සැලකිලිමත් විය යුතුයි.ඔබ කුතුහලයෙන් යුතු අයෙක්.වික්‍රමාන්විත ක්‍රියා වලට කැමතියි.විනෝදජනකයි.නමුත් ආදරය සම්බන්දයෙන් ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව තරමක් දුර්වලය.

2.

ඔබ ඔබේ අත මිට මොළවන විට ඔබේ අතේ මහපට ඇඟිල්ල පිහිටන්නේ මෙහි දෙවනියට දක්වා ඇති රූපයේ ආකාරයට නම් ඔබ ඉතා දක්ෂ නිර්මාණශීලි අයෙක්.ඔබට මිතුරන් ඇති කරවා ගත හැකි සුවිශේෂී දක්ෂතාවයක් ඇත.ඊට ඔබේ අව්‍යාජ බව හේතුවේ ඔබව ලඟින් ඇසුරු කර හොඳම යහළුවෙක් කර ගැනීමට බොහෝ අය කැමති ඒ නිසාය.ඔබ ත්‍යාගශිලියි.බුද්ධිමත්.ආත්ම විශ්වාසයෙන් යුතුයි.ශක්තිමත් ආත්ම අභිමානයක් ඔබට ඇත.එසේම ඔබ බලය ,නායකත්වය ලබා ගැනීමට ආශා කරයි.

ඔබ තරමක් මුරණ්ඩු ගතිගුණ සහිත අයෙක්.නමුත් විශිෂ්ඨ ජීවිත පරමාදර්ශ වලින් යුතු අයෙක්.නමුත් විටෙක බිඳෙනසුළු හදවතකින් යුතු ඔබ උත්සාහයෙන් කැපවීමෙන් ජීවිතයට මුහුණ දෙයි.අසාර්ථක වීමට ඔබ විශාල බියක් දක්වයි.එවන් අවස්ථා වල ඔබට අන් අයගේ දිරිගැන්වීමක් අවශ්‍යමය.ආදර සම්බන්දතා වලදී ද ඔබ ඔබෙන් අනෙකාට වරදක් සිදු වෙනවා දැකීමට බිය අතර මේ හේතුව නිසාම යම් හුදෙකලාවක් සහිතව තනිවී ජීවත් වීමට ලැදියාවක් දක්වයි.

3.

ඔබද ඉතා නිර්මාණශීලියි.ඒ වගේම කඩිසරයි.ඔබට ඉතා ඉහල සන්නිවේදන හැකියාවක් ඇත.ඔබ පොළොවේ පය ගසා ජීවත් වෙන්නෙකි.එනම් සැමවිටම ප්‍රයෝගික ජීවිතයේ යථාර්තය සමඟ ජීවත් වීමට ඔබ කැමතියි.ඔබ කලාවට ,ස්වභාව සෞන්දර්යයට ආදරය කරයි.ඔබේ ජීවිතයේ එම අංශයට ඉතාමත් ඉහල ඉඩකඩක් හිමි වේ.එසේම ඔබ සමහර වෙලාවට ඕනෑවටත් වඩා සංවේදීය.එසේම වැනෙනසුළු ගතියකින් යුතුව ඔබ ජීවත් වේ.ඔබ මිනිසුන් හැසිරවීමට ඉතා දක්ෂ වන අතර ඔබ ඉතා බුද්ධිමත්ය.ඔබ නිහතමානියි.යමෙකුගේ දුක,විපත ඉදිරියේ ඔබේ ප්‍රතිපත්ති පවා වෙනස් කිරීමට ඔබ පසුබට නොවේ.

අන් අයව තේරුම් ගැනීමේ හැකියාව ඔබේ විශ්මිතයි.එතරම්ම නම්‍යශීලි ගතිගුණ වලින් ඔබ අනුනයි.ඔබේ විශේෂත්වයක් වන්නේ ඔබ සිහින දකිනවා වගේම ඒ සිහින තුල ජීවත් වීමටත් ඔබ ආශා කරයි.ආදරණිය ජීවිතයක් ගත කිරීමට ඔබට අවශ්‍යයි.ඔබේ ජීවිතයේ අනාගතය ආදරයෙන් පිරි සාමකාමී ජීවිතයක් බවට පත් කර ගැනීමට ඔබට අවශ්‍යයි.ඔබට රිදවන අයට සමාව දීමට ඉගෙන ගන්න.එවිට සිත් බිඳී යම් ඔබව වේදනාවට පත් නොකරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *