අන්තර්ජාලය තුල මහත් ප්‍රසිද්ධියට පත් පූසා ගැන ඔබ නොදත් කතාව මෙන්න

සමාජ මාධ්‍ය මේ වන විට ලොව පුරා ජනප්‍රියත්වයට පත් දෙයක් බවට පත්ව තිබෙනවා.ඉතින් මේ තුළ නොයෙකුත් ආකාරයේ දේවල් හුවමාරු වනවා.ඉතින් මේවාගෙන් මිනිස්සු තමන්ගේ දුක තනිකම නිවාගන්න නිර්මාණය කරන ෂෙයා කරන දෙයක් තමා meme කියන්නේ.සමාජ මාධ්‍ය තුළ මේ වන විට කෝටි ගණනින් meme නිර්මාණය වෙලා ඇති.ඉතින් මෙම meme නිර්මාණ වලට මිනිසුන්,කාටුන් මෙන්ම සතුන්ගේ ඡායාරූපද බොහෝ විට යොදා ගනු ලබනවා.ඉතින් එසේ යොදාගත්ත සතෙක් ගැන තමා අද අපි ඔබට කියන්න යන්නේ

පසුගිය දවස්වල ඔබත් දකින්න ඇතිනේ එක්තරා පූසෙක් මිනිසෙක් විසින් අල්ලන් ඉද්දි ඌ නිකන් කෑ ගසන පෙනුමකින් සිටින ඡායාරූපයක් ඉතින් මෙහි නිධාන කතාව ගැන තමා මේ කියන්න යන්නේ.

එහි ඇත්තටම සිදුව ඇත්තේ තම අයිතිකරුවන් සමඟ හෝටලයකට පැමිණ ඇති මේ පූසා එක්වරම මේසය මත තිබූ කෑම වලට පැන ඒවා කෑමට සුදානම් වීමත් සමඟයි.

ඒ අවස්ථාවේ පූසාගේ භාරකරුගේ දෑතින් අල්ලාගෙන මේසයෙන් ඉවතට ඇද දමනු ලබන මොහොතේ  කෑ ගසා ඇදගෙන යන අතරතුර ලබාගත් ඡායාරූපයකුයි මෙසේ අන්තර්ජාලය තුළ මහත් ජනප්‍රියත්වයට පත් වෙන්නේ.

 

Leave a Reply