අන්තර්ජාලය පුරා බොහෝ ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන ඡායාරූප කිහිපයක පිටුපස තියෙන ඇත්ත කතාව

අන්තර්ජාල සම්බන්ධතා තියෙන ගොඩක් දෙනෙක් මේ අපූරු ඡායාරූප ටික දැකලා තියෙනවා වුනත් මේ පිටිපස්සේ තියෙන ඇත්තම කතාව දන්නේ නම් අතලොස්සක් තරම් පිරිසක් විතරයි. මේ ඡායාරූප බැලූ බැල්මට අමුතුයි/විස්මිතයි. ඒ වගේම අසාමාන්‍යයි. ඒනිසා අනිවාරෙන් මේ පිටිපස්සේ තියෙන ඇත්තම කතාව දැනගන්න ඔයා ගොඩක් කැමති වෙයි. ඔන්න තියෙනවා පහලින්.

1. පියාඹන වලහා

කොලරාඩෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ගසකට නැගුනු විශාල වලස් තඩියෙක්ව සන්සුන්ව බිමට ගන්න වනජීවි නිලධාරින් කටයුතු කරන අවස්තාවක තමයි මේ පින්තූරය අරගෙන තියෙන්නේ.

2. ඇල්බට් අයින්ස්ටයින්ගේ දිව


ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ 72 වන උපන්දිනය දවසේ ඡා‍යාරූප ශිල්පියා විසින් ඔහුගෙන් සිනාසෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් ඡායාරූප වලට හිනා වෙලා ඉදලම එපා වුනු අයින්ස්ටයින් මේ ඡායාරූපයට තමන්ගේ දිව පිටතට දාන්න කටයුතු කරලා තියෙනවා.

3. ජනප්‍රිය ඔලිම්පිික් ක්‍රීඩිකා McKayla Maroney ගේ මුහුණ.


මැකායිලා ගේ මේ ජනප්‍රිය පින්තූරය ලන්ඩන් ඔලිම්පික් උලෙලෙදි තමයි අරගෙන තියෙන්නේ. පසුව ඇය කියලා තියෙන්නේ අවදානය වෙනස් වීමක් නිසා විනෝදයට තරහ ප්‍රකාශ කරන්න ඒ විදියේ ඉරියවුවක් ප්‍රදර්ශනය කලා කියලයි.

4. ජනෙල් පිරිසිදු කරන සුපර් මෑන්.


මෙල්බර්න් හි රාජකීය ළමා රෝහලේ කවුළු පිරිසිදු කරන්නන් එහි සිටින රෝගී දරුවන්ව සතුටු කරන්න තමයි මේ විදියට සුපර් මෑන් ඇදුමකින් සැරසිලා පිරිසිදු කිරීම් සිදු කරන්නේ.

5. බියොන්සෙගේ  පින්තුරය


පහුගිය කාලේ වඩාත් ජනප්‍රිය වෙලා තිබුනු බියෝන්සේගේ මේ ඡායාරූපය 2013 වර්ෂයේදි සුපර් බෝල් තරගාවලියේ රගදැක්වීමක් අතරතුර තමයි අරගෙන තියෙන්නේ.

6. නැව ගිලුනත් බෑන්චූන් ළමයා


2004 වර්ෂයේ පටන් මේ  ළමයගේ ඡායාරූපය මහත්සේ ප්‍රසිද්ධියට පත් වුනා. මේ පිටුපස තියෙන ඇත්ත කතාව තමයි: උතුරු කැරොලිනාහි දේශීය ගිනි නිවීමේ ඒකකය සිදුකල සජීවි පුහුණුවක් අතරතුර තමයි මේ දරුවා මෙහෙම සිනාසීගෙන ඡායාරූපයකට පෙනී සිටියේ.

7. වෙහෙසට පත් වෛද්‍යවරයා.


මේ ඡායාරූපයෙන් වෙහෙසට පත් වුනු වෛද්‍යවරයෙක් හා හෙදියක් පෙන්නුම් කරනවා. මෙහෙම අධික වෙහෙසකට පත් වෙන්න හේතුව තමයි පැය 23ක් පුරා හෘද සැත්කමක් සිදු කිරීම.

8.  පූස් මූණ.


මේ නපුරු මූණක් හදාගෙන ඉන්න පූස් යාළුවගේ නම තමයි Tardar Sauce. එයාගේ ඇත්තම මූණ තමයි මේ.

9. Keanu Reeves පිටුපස සැගවුනු කණගාටුදායක කතාව.


Keanu Reeves ගේ මේ ඡායාරූපය පිටුපස ඉතාම කණගාටුදායක කතාවක් තියෙනවා. ඔහු කුඩාම කාලයේදි ඔහුගේ දෙමවුපියන් මියගිය අතර ඉන් පසුව කටුක ළමා කාලයකට ඔහුට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඔහුගේ විවාහයෙන් පසුව ඉපදීමට නියමිතව සිටි දරුවාගේ මරණය නිසා විවාහයද බිද වැටීමට ලක් වුනා. සියල්ලම අවසානයේ ඔහු තමන්ගේ වැටුපෙන් 70%ක් පුන්‍යායතනයකට පරිත්‍යාග කරන්න කටයුතු කරමින් පවතිනවා.

10. මේජර් ටෙරී ගුරෝරා වසරකට පසු තම දියණියව මුණ ගැසෙමින්.


ඉරාකයේ හමුදා සේවය ඉටු කිරීම සදහා මේජර් ටෙරී ගුරෝරා ව යොදවා තියෙනවා. නොකඩවා වසරක සේවයෙන් පසුව ඇගේ දියණිව මුණ ගැසුනු පලමු අවස්තාව තමයි මේ.

11. ජෝන් එෆ් කෙනඩිගේ අවසාන ඡායාරූපය


මේ ඡායාරූපය ලෝකෙ පුරා තියෙන පුවත්පත් දස දහස් ගණනක මුල පිටුවේ පල වෙලා තියෙනවා. 1963 දි ලබාගත් මේ ඡායාරූපය ලබා ගෙන මොහොතකට පසුව කෙනඩි ජනාධිපතිතුමා වෙඩි වරුසාවකට මුහුණ දුන්නා.

12. ඩයනා කුමරිය ඝා*ත*න*ය කළ මෝටර් රථ අනතුර


මුළු ලොවක් හඩවා මෙලොව හැර ගිය ඩයනා කුමරියට ජීවිතය අහිමි කල මරණීය මෝටර් රථ අනතුර තමයි මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ.

13. වසා දැමූ සත්වොද්‍යානය.


වසා දමා තිබුනු වොෂින්ටන් සත්ව උද්‍යානයේ ගේට්ටුවේ එල්ලි සිටින මේ වදුරු ඇදුමකින් සැරසුනු පුංචි දරුවගේ ඡායාරූපය ඇමරිකානු ආණ්ඩුවට පවා බලපෑම් කරන්න සමත් වෙලා තියෙනවා.

14. ෆොටෝ එකට පැන්න ලේනා.


මේ යුවල විනෝද චාරිකාව පරිපුර්ණ කර ගන්න ඡායාරූප ලබා ගන්න තමයි කටයුතු කරමින් ඉදලා තියෙන්නේ. නමුත් ලේන් යාළුවා කැමරාව දෙස සමීපව බලන්න ආවම අහම්බෙන් එයාවත් ඡායාරූපයට අහු වෙලා තියෙනවා.

15. නියපොතු වලින් එල්ලීම


Reddit පරිශීලකයෙක් තමයි මේ ඡායාරූපය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔහු එහි පහලින් සටහනකුත් තබා තියෙනවා. ” Grand Canyon වල චාරිකාව අතරතුර මම ගත්ත මේ කණගාටුදායක ඡායාරූපය දැකලා මගේ අම්මා කම්පනයට පත් වුනා.” මේ ඡායාරූපය 2012 නොවැම්බරයේ දී තමයි ජනප්‍රිය වුනේ.

16. ලෝකේ ලොකුම ඉබ්බා


මේ ඡායාරූපය “ලෝකේ ලොකුම ඉබ්බා” යන නමින් ප්‍රසිද්ධියට පත් වුනත් ඇත්තටම මේක ව්‍යාජ ඡායාරූපයක්. මේ පිටුපස තියෙන සත්‍ය කතාව තමයි: මෙය ජපානයේ ප්‍රසිද්ධ චිත්‍රපටියක් වන “Gamera the Brave” චිත්‍රපටියේ දර්ශනයකි.

17. දුවන ගැහැණු ළමයා


මේ ඡායාරූපය සහ ඡායාරූප ශිල්පියාගේ අනන්‍යතාවය අද වන තුරු හෙලි වෙලා නැහැ. නමුත් මේ ඡායාරූපය 2009 අගෝස්තු මාසයේදි ජනප්‍රිය වුනා.

18. ඇද වැටුනු බර්ලිනයේ එක් වීම.


බර්ලින් තාප්පය බිද වැට්ටවීම 1990 දී ආරම්භ වූ අතර එය වසර 2ක් පුරා සිදුවුනා. මේ එවැනි අවස්තාවක ගත් ඡායාරූපයකුයි.

19. ඔසාමා බින් ලාඩන් අල්ලා ගැනීමේ මෙහෙයුම් කටයුතු පිලිබද නිරීක්ෂණය කරන ඇමරිකානු ජනාධිපතිවරයා හා ජාතික ආරක්ෂක කණ්ඩායම


ඔසාමා බින් ලාඩන් අල්ලා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කරන බැරැක් ඔබාමා ජනාධිපතිවරයා හා ආරක්ෂක කණ්ඩායම මේ අයුරින් කැමරාවේ සටහන් කර ගන්න ධවල මන්දිර ඡායාරූප ශිල්පියා කටයුතු කරලා තියෙනවා.

20. උඩින් යන මුගටි පැටියා


එංගලන්තයේ ඡායාරූප ශිල්පියකු වන Martin Le-May කෑරලකුගේ පිට යන මුගටි පැටියකුව මේ ආකාරයට ඡායාරූපයට ගෙන තියෙනවා.

Leave a comment

Your email address will not be published.