අපි නොදන්නා දේවල් කිහිපයක්

ඉතින් කාන්තාවන් ගැන ඔයලා නොදන්න කරුණු කිහිපයක් තමයි මම අද ඔයාලට අරගෙන ආවෙ.ඇත්තටම මෙම කරුණු පරීක්ශණ මගින් හොයාගත්තු ඒවා කියලා තමයි ගොඩක් තැන් වල සඳහන් වෙන්නෙ නම්.කාන්තාවක් කියන්නෙ ඇත්තටම අපි ගරු කළ යුතු කෙනෙක්.ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මොනවද මේ අපිනොදන්න කරුණු කියලා.

1. කාන්තාවන් වචන වැඩි ගණනක් දවසට කතා කිරීම

සාමන්යෙන් ඉතින් කාන්තාවක් දවස ගානෙම කච බචේ නෙ.බැඳපු අයනම් ඕක දන්නවා.ඉතින් පර්යේශන වලින් කියනවා සාමන්‍යෙන් කාන්තාවක් දිනකට වචන 20000 (විසිදාහක්)පමණ කතා කරනවා කියලා.පුදුමයක් නෙවෙයි ඉතින්.පිරිමි අපි සාමන්‍යෙන් දිනකට වචන 13000(දහ තුන්දාදක්) ක් පමණ කතා කරනවලු.

2.සාර්ථක මිනිසෙකු පසුපස ගැහැණියෙක් සිටී.

අපි අහලා තියෙනවනෙ මෙහෙම කියමනක්.”සෑම සාර්ථක මිනිසෙකු පිටුපස ගැහැණියෙක් සිටී ” කියලා.ඒ වගේම තමයි ලෝකයේ සල්ලිකාර කාන්තාවන් විසිදෙනාගෙන්ම 17 දෙනෙකු හැර ඉතුරු සියල්ලටම තියෙන්නෙ පියාගෙ උරුම සහ වෙනත් උරුමයන් කියලා.ඉතින් මම මුලින් කියපු කියමන නරකම නෑ නේද.

3.මේකනම් ටිකක් දුක හිතෙන කතාවක්

මේ අපි ගත කරන ලෝකයේ ගත කරන සෑම තත්පර 90කට වාරයක් ගර්භනී හෝ දරු ප්‍රසූතිය නිසා කාන්තාවක් මිය යනවා.

4.ලස්සන වෙන්න දහඩිය යොදාගෙන.

මේකනම් ටිකක් අමුතුම පුදුම හිතෙන කතාවක්.ඒ තමයි ඉස්සර පුරාතන රෝමයේ කාන්තාවන් තමන්ගෙ රූ සපුව සඳහා ලස්සන වෙන්න භාවිත කරලා තියෙන්නෙ ඒ කාලේ හිටපු මල්ලවපොර ශූරයින්ගේ දාඩියලු.ඒකනම් කමක් නෑ කියමුකො ඒත් කොහොමද ඒ දහඩිය එකතු කරගන්නේ?

5.රුසියාවට යමු එහෙනම්

ඊරිසියාවට වඩා ලොකුයි රුසියාව මල්ලි කියන්නෙ නිකන් නෙවෙයි කියලා මේක කියෙව්වම ඔයාලට තේරෙයි.රුසියාවේ පිරිමින්ට වඩා කාන්තාවන් මිලියන 90ක් ඉන්නවලු.ඉතින් තනිකඩව ඉන්න ඔයාලට යන්න පුලුවන්නම් හොඳම රට තමයි රුසියාව.

6.සීයට සීයක්ම ඇත්ත වෙන්න ඕන ඒකනම්

පර්යේශන වලින් කියනවා කාන්තාවන් අවුරුද්දෙ වැඩි‍යෙන්ම වැය කරන්නෙ අඳින ඇඳුම තීරණය කරන්න කියලා.පර්යේශණ කෙසේ වෙතත් කතාවනම් ඇත්ත.

7.අවුරුද්දට 30-64 අතර වාරයක්

සාමන්‍යෙන් කාන්තාවන් අවුරුද්දට 30-64 අතර වාරයක් අඬනව කියලා කියනවා.ඇත්ත වෙන්නත් ඇති හින්දි කතා එහෙම බලනවනේ ඒ අය අඬ අඬ.පිරිමි සාමන්‍යෙන් අඬනවා කියන්නෙ නම් අවුරුද්දට 6-17 වාරයක් කියලා කියන්නෙ.

8.අඩුම වයසකින් දික්කසාද වූ ලමයා

ටිකක් අරුම පුදුම කතාවක් තමයි මේකත්.ලෝකයේ අඩුම වයිසින් දික්කසාද වූ ලමයත් ගැහැණු ළමයෙක්.ඔබ හිතන්නෙ ඇය කෙතරම් වයස ඇත්ද කියලද? ඇත්තටම ඇයට වයස 10 යි.(ඇය දික්කසාද වන විට වයස)

9.කාන්තාවන්ට හදවත් රෝග තියේනම් මේ ලක්ෂණ පෙන්නුම් කරනවා

සාම්න්‍යෙන් කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද හදවත් රෝග විශාල වශයෙන් හට ගන්නවා ඉතින් කාන්තාවන්ට මේ රෝගය ඇත්නම් මෙන්න මේ ඔක්කාරය,අජීර්ණය සහ උරහිස් කැක්කුම වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.ඔයාලා දන්න කියන අය ඉන්නවනම් එයාලව පොඩ්ඩක් දැනුවත් කරන එක වටිනවා මේ ගැන.

10.ඔසප් වෙන්න ජීවිතේ කලෙන්ම ගත වෙන කාලය

සාමන්‍යෙන් කාන්තවන්ගේ ජීවිත කාලෙන් අවුරුදු 4ක්ම ඔසප් වීමට ගත වෙනවා කියලා කියනවා.ඒකනම් ටිකක් දුකයි වගේ.

11.උස කාන්තාවක්ද?

ගොඩක් තැන් වලත් මට මේක අහන්න දකින්න ලැබුනු දෙයක්.ඒ තමයි සාමන්‍යෙන් උස කාන්තාවන්ට පිළිකා හට ගැනිමේ වැඩි අවදානමක් තියෙන බව.ඉතින් උස වුන පලියට බය වෙන්න එපා මේක ඇහුවා කියලා හැමෝටම එහම අවදානමක් නෑ

12.කාන්තාවකට ලැබුනු වැඩිම දරුවන් සංඛ්‍යාව

අම්මො ඒකන්ම් හිතාගන්නත් බෑ.එක් කාන්තාවකට ලැබුනු වැඩිම දරුවන් සංඛ්‍යාව වන්නෙ 69ක්.වැඩිම දරුවන් ගණනක් හිටපු කාන්තාව තමයි ඒ.

13.තමන් ලස්සනයි කියලා කියන්නෙ නෑලු

කාන්තාවක් තමන් ලස්ස්නයි කියලා පිලිගන්නවා ඔයාලා කොහෙදි හරි දැකලා තියෙනවද?මම නම් එහෙම තවම දැකලා නෑ.ඉතින් කාන්තාවන් ගෙන් සීයට දෙකක් පමණයිලු තමන් ලස්සනයි කියලා පිළිගන්නෙ.ඉතින් ඉතුරු අය කොච්චර ලස්සන වුනත් ලස්සන නෑ කියලා පිළිගන්න කොඨ්ඨාශය තමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *