අපි විසින් එදිනෙදා කරනු ලබන වැරදි ක්‍රියා 15ක් මෙන්න

අපි අද ඔබg කියන්න යන්නේ දිනපතා අපි විසින් සිදු කරන එහෙත් ඇත්තටම ශරීරයට අහිතකර දේවල් තිහිපයක් ගැනයි. මේ පහලින් තියෙන එම වැරදි එකක් හෝ ඔබ කරනවා නම් අදම එය නතර කර දමන්න.

1. කිවිසුම් සිරකර ගැනීම.


හානි සිදුවෙන ස්තාන: ශ්වසන පද්ධතිය, රුධිර වාහිනී, මොලය සහ අන්නස්‍රෝතය.

කිව්සුම් වල ප්‍රධාන කාර්ය වෙන්නේ බැක්ටීරියා, වෛරස් සහ දූවිලි අංශු ඉවත් කිරීමයි. ඉතින් ඔබ ඔබේ කිවිසුම් සිර කර ගන්නවා නම් මේ කිසිවක් ඔබේ ශරීරයෙන් ඉවත් වෙන්න නැහැ. මෙසේ සිතා බලන්න.. යම් උණ්ඩයක් නිකුත් කර එය පිටවීමට නොදී තුවක්කුවේ මුව වසා දමනවා නම් කුමක් සිදුවෙයිද? එයට සමාන ප්‍රතිඵලයක් ඔබ කිවිසුම් සිරකර ගැනීමේදීද සිදු වෙනවා. කිවිසුමේ සම්පූර්ණ බලයම නැවත ආපස්සට ගොස් ඔබේ ශ්‍රවන ඉන්ද්‍රිය වලට හානි කරනවා වගෙම රුධිර පීඩනය වැඩිකර අන්නස්‍රෝතයටද හානි පමුනුවනවා.

2. Toothpicks භාවිතය.


හානි සිදුවෙන ස්තාන: විදුරුමස්.

දන්ත වෛද්‍යවරුන් ටූත්පික් ප්‍රතික්ෂේප කරනවා. එයට හේතුව එමගින් එනමලයට හා විදුරුමස් වලට හානි පැමිනීමයි. ඒවගෙම ටූත්පික් මගින් දත් පිරිසිදු කිරීමද ඉතාම අපහසුයි. එම නිසා මුඛය පිරිසිදු කිරීම සදහා දන්ත වෛද්‍යවරුන් දන්ත කෙදි භාවිතය නිර්දේශ කරනවා. (නමුත් ඒවා භවිතා කිරීමට භාවිතා කරන ආකාරය පිලිබද හොදින් දැනුවත් වෙන්න)

3. මුහුණ පහලට කර කොට්ටය මත නිදා ගැනීම.


හානි සිදුවෙන ස්තාන: ආශ්වාස ප්‍රාශ්වාසයට, රුධිර සංසරණයට, කොදු ඇට පෙලට, මුහුණේ මාංශ පේශින් වලට.

මෙම ඉරියවුව ඔබට සුවපහසු එකක් වෙන්න පුලුවන්. නමුත් මේ ඉරියවුවෙන් නිදා ගැනිමේදී හුස්ම ගැනීම පහසු වෙනවා, බෙල්ල අස්වාභාවික ඉරියවුවකින් පිහිටනවා, රුධිර සංසරණය වඩාත් නරක අතට හැරෙනවා වගෙම ගෙල අසල කශේරුකාවටද හානි පැමිනෙනවා. ඒ වගේම වෛද්‍යවරුන් පවසන ආකාරයට මෙම ඉරියවුවෙන් නිදා ගැනීම තුලින් නැවත කිසිම දිනක අතුරුදහන් නොවන ආකාරයෙන් මුහුණේ රැලි ඇතිවෙනවා.

4. ඇට වර්ග වල පොතු දත් වලින් ඉවත්කිරීම.


හානි සිදුවෙන ස්තාන: දත් සහ පිත්තාශය.

සූරියකාන්ත බීජ ප්‍රයෝජනවත් වගෙම ඉතාම රසවත්. නමුත් ඒවායේ පොතු දත් වලින් ඉවත් කිරීම එතරම් යහපත් දෙයක් නොවෙයි. එමගින් දත් වලට දැඩි හානියක් වෙන බව දන්ත වෛද්යවරුන් විසින් සොයාගෙන තියෙනවා. ඒවගෙම පිත්තාශය සම්බන්ධ ගැටළු ඇති අය ඒවා අනුභව නොකල යුතුයි. ඒවා ග්‍රෑම් 100ක කැලරි 500කට වැඩි ප්‍රමානයක් අඩංගු වෙනවා.

5. යම් යම් ඝන වස්තු සැපීම.


හානි සිදුවෙන ස්තාන: දත්, විදුරුමස් සහ මුඛය

බොහෝ අය පුරුද්දක් ලෙස පැනසල්, පෑන්, පේපර් ක්ලිප් වගෙම තවත් ඝනකම් වස්තු බොහෝමයක් සැපීම සිදු කරනවා. නමුත් එය ඔබේ එනමලයට දැඩි හානි පමුනුවනවා. ඒවගෙම බෝතල් මූඩි මුඛයෙන් විවෘත කිරීම, අයිස් කැට, ලොලිපොප් ආදිය සැපීම ද දත්වලට හා මුඛයට හානි පමුනුවනවා.

6. ශරීර කෘත්‍ය කිරීම කල් දැමීම.


හානි සිදුවෙන ස්තාන: වකුගඩු, මුත්‍ර පද්ධතිය සහ අන්ත්‍රය.

2018 ජූනි මාසයේ, මහා බ්‍රිතාන්‍යයේ තරුණයෙකු කිසිදු විරාමයකින් තොරව පැය 8ක් එක දිගටම වීඩියෝ ක්‍රීඩා වල නිරත වීමෙන් පසුව රෝහල් ගත කෙරුනා. එහිදී සොයා ගැනුනේ ඔහුගේ බඩවැල් සහ මුත්‍රාශය අධික ලෙස ඉදිමී පිපිරීමට ආසන්නව තිබුන බවයි. මෙසේ ශරීර කෘත්‍ය කිරීම කල් දමනවා නම් මාංශ පේශීන් වලට හානි පැමිනෙනවා වගෙම මුත්‍රා ආසාදන හා මලබද්ධය ඇති වීමටද ඉඩ තියෙනවා.

7. උණුසුම් වතුරෙන් හිසකෙස් පිරිසිදු කිරීම.

හානි සිදුවෙන ස්තාන: මොළයේ වාහිනී සහ හිස්කබල.

ඉතා උණුසුම් ජලයෙන් ස්නානය කිරීමට ඔබ කැමති නම්, වහාම එය නතර කල යුතුයි. මොකද එමගින් දැඩි හිසරදය හා හිස කරකැවිල්ල ඇති වෙන්න පුලුවන් වගෙම හිස්කෙස් අපිරිසිදු කරන හිස්කබලේ සැඟවුණු ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය උණුසුම් ජලය මගින් උත්තේජනය කරනවා.

8. නිතරම ඔබේ මුහුණ සහ ඇස් පිරිමැදීම.


හානි සිදුවෙන ස්තාන: සම සහ ඇස්

නිතරම ඔබේ ඇස් සහ මුහුණ පිරිමැදීමේ පුරුද්දක් ඔබට තිබෙනවා නම් කුරුලෑ ආසාදනය වීමේ අවදානම, සහ තවත් බොහෝ චර්ම රෝග වැලදීමේ අවදානමක් හට ගන්නවා. ඒවගෙම ඔබ නිතරම ඔබේ ඇස් පිසදැමීම පුරුද්දක් කරගෙන තිබෙනවා නම් ඇස් වල ආසාදන ලෙඩ රෝග, ඇස් දැවිල්ල, කැසීම වගෙම ආලෝක සංවේදීතාවයද ඇති වෙන්න පුලුවන්.

9. නිතරම බබල් ගම් සැපීම.


හානි සිදුවෙන ස්තාන: බඩ, දත්, සහ කෙටි කාලීන මතකය.

බබල්ගම් නිතරම සැපීමෙන් ඇතිවෙන හානිකර ප්‍රතිඵල කිහිපයක්ම තිබෙනවා.

• හපන ක්‍රියාවලිය ආමාශයික යුෂ නිෂ්පාදනය උත්තේජනය කරන නිසා ආහාර ගැනීමට පෙර බබල් ගම් සැපීම සිදු කරන්න එපා. එමගින් ගැස්ට්‍රයිටිස් ඇතිවීමේ සහ බඩේ තුවාල ඇතිවීමේ ආවදානමක් හට ගන්නවා.

• බබල්ගම් සැපීම ඔබේ දත් වලටද හානිකර වෙනවා.

• ඒවගෙම බබල්ගම් ඔබේ මතකයටද බලපෑම් කරනවා. එමගින් මතකතබා ගැනීම වැඩි දියුණු කර දීර්ඝ නිරීක්ෂණයක් අවශ්‍ය කාර්යන් කෙරෙහි ඔබේ අවදානය රදවා ගැනීමට උපකාර කලද එමගින් කෙටි කාලීන මතකයට බාධා පමුනුවනවා.

10. ඇදේ වැතිරි පොත් කියවීම.


හානි සිදුවෙන ස්තාන: ඇස්, කොදු ඇට පෙල හා බෙල්ලේ සම.

ඇදේ සිට කියවීමට පෙර පහත සදහන් උපදෙස් අනුගමනය කරන්න.

• පොත ඔබේ ඇස්වලට සමීපව තබන්න එපා.

• ඔබේ පිටුපස වකුටු කර බෙල්ලට අධික බරක් දෙන්න එපා.

• ඔබේ පැත්තෙන් වැතිරී පොත් කියවන්න එපා. එවිට ඔබේ ඇස් වලට දැඩි වෙහෙසකර බවක් දැනෙන්න පුලුවන්.

• උදරය යටවන සේ වැතිරී පොත් කියවන්න එපා. එමගින් ඔබේ කොදු ඇට පෙලට දැඩි හානියක් වෙන්න පුලුවන්.

මෙම පියවර අනුගමනය කිරීම අපහසු බව ඔබට හැගෙන්න පුලුවන්. නමුත් මතක තබා ගන්න ඇදේ වැතිරී පොත් කියවීම මගින් බෙල්ලේ ඉතා ගැඹුරු තිරස් රැලි මතු වීමට වැඩි ඉඩක් තිබෙනවා.

11. කුඩා තුවාල ලෙවකෑම සහ පිඹීම.


හානි සිදුවෙන ස්තාන: සුවවීමේ ක්‍රියාවලිය.

ඔබේ ඇගිල්ලක් තුවාල වූ වහාම ඔබ කරන්නේ තුවාලය ලෙව කෑම හෝ පිඹීම නේද? නමුත් හාවර්ඩ් විශ්ව විද්යාලයේ විද්යාඥයන් මිනිස් මුඛවල ජීවත් වන ක්ෂුද්ර ජීවීන් 600 කට වඩා ගණනය කර ඇත. මේ සියලු ජීවීන් අතර staphylococci සහ streptococci යන බැක්ටීරියාවන් සිටිය හැකි අතර තුවාල මත තිබෙන රුධිරය ඔවුන්ට ජීවත් වීම සදහා හොද වාසස්ථානයක් වනු ඇත. එම නිසා ලෙවකෑමෙන් වැලකී තුවාලයක් සිදු වුනු වහාම ඒ මත විශේෂ ඖෂධ යෙදීමට වග බලා ගන්න.

12. කෙදිරීම.

හානි සිදුවෙන ස්තාන: ස්වර තන්තු සහ ස්වරාලය.

හිටපු ගායකයකු වූ රොබට් සැටලොෆ් සොයා ගෙන තිබුනේ මිනිසුන් කොදුරන විට එමගින් ඔවුන්ගේ උගුරේ ස්වර තන්තු වලට හානි සිදු වෙන බවයි. ඒ වගෙම එවිට ස්වරාලයට තුවාල සිදු වීමේ අවස්තාවද වැඩිය. බොහෝ කතා කරන පුද්ගලයන්ට මෙය විශේෂයෙන්ම අනතුරුදායකයි.

13. නාන කාමරය තුල දුරකථන භාවිතා කිරීම.


හානි සිදුවෙන ස්තාන: ගුදය සහ සමස්ත සනීපාරක්ෂාව.

දුරකථන සදහා පමනක් නොවේ පොත් සහ පුවත් පත් සදහාද මෙම කාරණය අදාල වෙනවා. මලපහ පිට කිරීම සදහා විනාඩි 5කට වඩා වැඩි වෙලාවක් වාඩි වී සිටීම මගින් ධමනි වල පීඩනය වැඩි වෙනවා. ඉතින් ඔබ නානකාමරය තුලදී දුරකථනය භාවිතා කරනවා නම් කාලය කොපමන ගත වෙනවා දැයි ඔබට හැගීමක් නැති වෙනවා. ඒ වගෙම එවැනි දේවල් මගින් අහිතකර බැක්ටීරියාවන් ද ඉතා ඉක්මනින් පැතිරෙනවා.

14. නාසය පිරිසිදු කිරීම සදහා කපු earbuds භාවිතා කිරීම.


නාසය පිරිසිදු කිරීම සදහා කපු කූරූ භාවිතා කිරීම නුසුදුසු බව බොහෝ විශේෂඥයන් පවසනවා.

• ඔබේ නාසයේ ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා නම් පමනක් නාසය පිරිසිදු කිරීමට කපු කූරූ භාවිතා කල යුතුය.

• ඒ වගෙම ඔබට වෙනත් විකල්පයක් නොමැති නම් වඩා ගැඹුරට නොයන සේ කපු කූර වතුරෙන් පොගවා නාසය පිරිසිදු කර ගන්න.

Leave a comment

Your email address will not be published.