අම්මා ඒක ගැන ඉස්සරලම ඇවිල්ලා ඇහුවේ මගෙන්

සම්පූර්ණ නම මොකක්ද?

අදිකාරි මුදියන්සේලාගේ කවින්ද්‍යා දේවින්දි අදිකාරි.

නමෙ කැමතිම කොයි කොටස කියනවටද?

කවි කියන කොටසට..

ලංකාවෙ සංගීතය කොයි වගේද?

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒක වෙනස් වෙනවා. එතකොට අපේ අම්මිලාගේ, අපේ සීයලාගේ කාලේ තිබ්බ සංගීතය නෙමෙයි දැන් අපිට හැඟෙන්නේ. සංගීත ඉතින් වෙනස් වෙනාවා සහ සමහර වෙලාවට හොඳ විදියට වෙනස් වෙනවා සමහර දේවල් නරක විදියට වෙනස් වෙනවා. හැබැයි මමත් හැමවෙලේම විශ්වාස කරන්නේ අපිට ප්‍රිය නම් අපි බලන්න ඕන. අපිට ප්‍රිය නැත්නම් අපි නොබල ඉන්න ඕනේ. ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න ඉඩ තියෙනවා.

අම්මට ගොඩක් ආදරෙයි ද?

ඔව්.

අම්මා ගැන පොඩ්ඩක් කතා කරමු. සමිතා මුදුන්කොටුව මහත්මියට සමහරක් මිනිසුන්ගේ පුංචි ඇඟිල්ලක් දික් වන කාලයක් මේක. හැබැයි ඇය ගැන හරියටම දන්න මනුස්සයා තමයි මේ ඉන්නේ. අපි ඒගැන කතා කරමු.

අම්මා ගැන කිව්වොත් ඒ තරම් ශක්තිමත් කාන්තාවක් මම දැකලා නැහැ. මගේ අත්තම්මා ගැනත් මතක් කරන්න ඕනේ අපේ අම්මගේ අම්මා. එයා නිසා තමයි අම්මා ශක්තිමත් වුනේ. ඉතින් ඒයා නිසා අපි දෙන්නම හොඳටම ශක්තිමත් කාන්තාව විදියට හදල තියෙන්නෙ මගේ මම්මා. ඉතිං අම්ම තමයි 2010 ඉඳන් අර කියන්නේ වටපිටවත් බලන්නේ නැතුව මල්ලියි මායි දිහා බලාගෙනම දිගටම අපි දෙන්නම කොහොම හරි ලස්සනට හැදුවා. ඉතිං එයාගෙ ශක්තිය ඇත්තටම ඒ දරාගැනීම මට එච්චර නැහැ. මට යම්තාක් දුරකට තියෙන්නේ. ඒ දරාගැනීම කවදාක්වත් මට එන්නෙ නැති වෙයි. එයාගෙ ශක්තිය නිසා තමයි මම වැඩිපුරම මෙහෙම උහුලන්න පුරුදු වෙලා තියෙන්නෙ. අම්මා කවදාවත් කිසිම දේකට වැටුන නැහැ. මං මුලින්ම present කරන්න ආපු කාලේ පොඩි ගොසිප් ඒවා මේව හැදුන කාලේ මම ගොඩාක් වැටුණා මම ගෙදරින් එළියට වත් බැස්සෙ නැහැ සමහර දවස් වලට. අම්මා ඒව හරි සාමාන්‍ය විදියට ගත්තේ මොකද ඇයත් මේ ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන්ම පත්තරවලින් හැමතැනම එයාට දොස් කියලා එක එක දේවල් කියලා තිබ්බා. අම්මා තමයි ගොඩක් වෙලාවට හිත හැදුවේ නෑ ඔයා කරන්න කියලා.ඉතිං මල්ලියි මායි අද කවුරුහරි කියනවා නම් හොඳ දරුවෝ විදියට හැදිලා ඉන්නවා කියලා ඉතින් ඇත්තටම ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනේ එයාට සහ එයයි මගේ මම්මටයි.

ආදරේට වයස කොහොමද බලපාන්නේ?

මම හිතන්නේ නෑ ඒක බලපානවා කියලා. මම හිතන්නෙ ලංකාවෙ තමයි ඔය හැමදේටම නීති දාල තියෙන්නෙ වැඩිපුරම. ඒක හරි සාමාන්‍ය දෙයක් ඉතින්. ලංකාවේ සංස්කෘතියක් එකක් තියනවද කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා සමහර වෙලාවට. සංස්කෘතිකයි කියන අයත් සංස්කෘතිකයි කියලා ප්‍රශ්නයක් තියෙනවා .මොකද ඒගොල්ලන් ඒවා කිව්වට ඒ ගොල්ලන්ම ඊට අනුව ජීවත් වෙනවා නම් කාටවත් ඇඟිල්ලක් දික් කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් මං විශ්වාස කරන්නේ කෙනෙක් කසාද බැඳලා හොර කෙනෙක් තියන් ඉන්නවට වඩා වයසින් වැඩි හෝ අඩු හෝ තමන්ට ආදරේ කරන්න පුලුවන් මනුස්සයෙක් ඉන්නවනම් ඒක හරි. අපේ අය සංස්කෘතිකයි කියලා කිව්වට සමහර අය බැඳලා ඉන්නවා ඔය ෆේස්බුක් වල බනින අයත් ගොඩක් එහෙමනේ. සමහර වෙලාවට ඒ ගොල්ලො ජීවිතේ කිසි දෙයක් අර්ථවත් දෙයක් නැහැ ළමයි එක්ක කිසිම බැඳීමක් නැහැ, හස්බන්ඩ් එක කිසිම බැඳීමක් නැහැ. සමිතා මෙහෙමයි සමිතාගේ ළමයි මෙහෙමයි එහෙමයි කිය කිය කමෙන්ට් දදා ඉන්නවා.

දැන් කාලේ ළමයි drugs වලට පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඒවා ගැන හොයන්නේ නැහැ ඒත් අනුන්ගේ ඒවා හොය හොය ඉන්නවා අන්තිමට එරුණාට පස්සේ ඉතින් විඳව විඳව ෆේස්බුකුත් නෑ මුකුත් නැහැ. ඉතිං එහෙම මිනිස්සු ඉන්න සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම ගත්තහම ඇත්තටම අපි හරි සතුටින් ඉන්නවා. 100% සතුටු මිනිස්සු ලෝක නැහැ කොහෙවත්. අපිට වුනොත් ප්‍රශ්න එන්න පුළුවන්. ඒවා අපි අපි විසඳ ගන්නවා ඇරෙන්න අපි ලෝකෙට පෙන්න ප්‍රශ්න විසඳන පවුලක් නෙමේ කවදාක්වත්. ප්‍රශ්න ආවට අපි දෙයියන්ගේ පිහිටෙන් අපි සතුටින් ජීවත් වෙනවා.

ඔබ සමිතා මුදුන්කොටුව මහත්මියගේ මේ ආදර කතාවට කැමතිද?

මම අකමැති නම් අම්මා කොහොමටවත් ඕයි වගේ දෙයකට අත තියන්නේ නැහැ. මොන දේ කළත් එයා මුලින් මගෙන් අහනවා. මේ දේ ගැනත් මගෙන් ඇවිල්ලා ඇහුවා මට ගොඩක් සතුටු හිතුනා අම්මා ඇවිල්ලා එහෙම කිව්වම. මොකද අම්මා ඒ වෙනකොට කාත් එක්කවත් එහෙම යාළුවෙලාවත් මොකුත් තිබ්බේ නැහැ. මං දන්නවා අම්මා කොච්චර දුකක් විඳින්න ඇද්ද කියලා. අපි කියනවානේ අම්මා කෙනෙක්ට වුණත් දරුවන්ගේ තමන්ගේ මනුස්සය නැත්නම් එ අම්මා ළඟ දරුවන්ගෙන් දෙන ආදරේ වෙනම එකක්. එතකොට මල්ලිගෙන් මගෙන් ලැබෙන ආදරය වෙනයි. නමුත් අපේ අම්මා එහෙම ලොකු වයසක් ගියපු කෙනෙක් නෙමෙයි. ඉතිං ඒක නිසා එයාටත් කවුරුහරි ආදරේ කරන්න කෙනෙක් ඕනේ. ඉතිං එයාගෙ හිතට අල්ලපු කෙනෙක් හිටියා එයා ඇවිල්ලා මට කිව්වා. මම ඒකට ගරු කරනවා මොනා උනත් එයා මගෙන් ඇවිල්ලා ඇහුවා. ඉතින් මට එවෙලේ ඇති වුණ දේ තමයි මං සාමාන්‍යයෙන් මගේ අම්මගෙ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරන කෙනෙක්.

අම්මා වෙනුවෙන් වෙඩිල්ලක් උනත් කන්න ලෑස්ති. ඒක තමයි ඇත්තම කතාව. ඇගේ සතුට වෙනුවෙන් මම ඕන දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටියෙ. මට ලොකු shock එකක් ආවෙ නෑ අම්මෝ මේ මොකක්ද කරන්න යන්නේ කියලා. මගෙ ඔලුවට ආවෙ එයා සතුටින් ඉන්න ඕන කියන එක. මම කැමැති නෑ බිත්ති හතරකට කොටු වෙලා දවස ගානෙ අඩ අඩ අපිත් එක්ක ගත කරන කාලෙත් අර දුකෙන් උනාට බොරුවට හිනාවෙලා ඉන්නවා දකින්න ඕනෙ නැහැ. ඉතින් එයාගේ සතුට එතන නම් මං කිව්වේ ඒ දේ කරන්න කියලා. සමහර මිනිස්සු අර ලෝකෙට පේන්න සතුටින් ඉන්නවා කියලා කියනවානේ. ගොඩක් අය හිතන්නෙත් එහෙමයි. ඇත්තටම කිව්වොත් චිරන්ත වුණත් ගෙදර දේවල් හැමදේම බලනවා කරනවා. අපේ අම්මගේ අම්මා අපි ළඟ ඉන්නේ එයා cancer patient කෙනෙක්. එයාගෙ දේවල් ඉදන් අපේ ගෙදර පිරිමියා වෙලා හිටියෙ මම. මොකද මගෙ මල්ලි තාම ලොකු නැහැ. මම තමයි අර ගෙදර සද්දක් හරි ඇහුණොත් ඉක්මනට නැගිටලා ගිහිල්ලා බලන්නේ කරන්නේ. ඉතින් මම තමයි මූලිකයා වගේ හිටියේ තාත්තා ගියාට පස්සේ. ඉතින් දැන් ඇත්තටම කිව්වොත් මට එහෙම කිසිම උවමනාවක් නෑ කිසි දෙයක් කරන්න. මොකද හැම දෙයක්ම වගේ චිරන්ත බලනවා. ගාඩ්නිනුත් කරනවා හරි හොඳයි එයා. මල්ලි ගැන බලනවා මල්ලි ක්‍රිකට් ගහනවා එයත් එක්ක ඒවටත් උදව් කරනවා. මට සතුටුයි ඉතින් අම්මයි මල්ලියි සතුටුයි කියන්නේ මට ඕන දෙයක් ජීවිතේ.

විවාහයේදී living together කියන එක ඔබ කොහොමද දකින්නේ?

ලංකාවේ ඇත්තටම මම තව program එහෙක මේ ගැන කතාවක් කියල තිබ්බා. නමුත් මම විශ්වාස කරන්නේ දෙන්නෙක්ට දෙන්නෙක් විවාහ වෙන්න නම් ඒ දෙන්නා එකට ජීවත් වෙලා බලන්න ඕනේ විවාහ වෙන්න සුදුසුයි ද කියලා. මොකද අපි ගෙවල් දෙකක ඉඳන් ආදරය කරද්දි වගේ නෙමෙයිනෙ. අපි බැඳලා එක ගෙදරකට ආවට පස්සෙ සමහර වෙලාවට ඔයාගේ හස්බන්ඩ් ටවල් එක පිහදලා බිම දාල ගියොත් එතන ප්‍රශ්නයක් එතකොට වැඩ ඇරිලා ඇවිල්ලා ඇදුම් බිම දාල ගියොත් ප්‍රශ්නයක්, කන පිඟාන හෝදන්න නැතිවුණොත් ප්‍රශ්නයක්.. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් අර living together කියන කන්සෙප්ට් එකට අපි ගියොත් දෙන්නට දෙන්නා ජීවත් වෙන්නේ ඒ දෙන්නගේ බලනවනේ සමානකම් මොනවද, වෙනස්කම් මොනවද කතාබහ කරගන්නවා. නමුත් බැන්දට පස්සේ පොඩ්ඩක් ප්‍රෙෂර් එක වැඩි කොළයක් අත්සන් කරලා අයිත් හදාගන්න කාලයක් නැහැ.

 

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.