අල්ලේ රේඛා මඟින් හෙළි කරන ඔබේ ජීවිතයේ වාසනාව ගැන දැනගන්න

වාසනාව යනු අප හැමෝම කැමති දෙයක්.මනුස්සයෙක් ලෙස උපත ලැබීමට හැකි වීම පමණක්ම මනුෂ්‍යයින් ලෙස අප ලද භාග්‍යයක් වාසනාවක් වේ.එනමුදු ඊට එහා ගිය වාසනාවක් අපි ජීවිතයෙන් බලාපොරොත්තු වේ.එම වාසනාව නොලැබුණු විට අනේ අපේ අවාසනාව කියා අපි පසුතැවිලි වෙයි.අපේ ශරීරයේ යම් යම් අංගයන්ගේ පිහිටීම අනුව අපි වාසනාවන්තද නැද්ද වාසනාව රැගෙනද අපි ඉපදුනේ කියලා හොයාගන්න පුළුවන් යම් යම් ශාස්ත්‍රයන් තියෙනවා.හස්ත රේඛා ශාස්ත්‍රය වගේ අංශයන් ඊට උදාහරණයක් වේ.කෙසේ වෙතත් අද අපි ඔයාලට පවසන්න යන්නේ ඔබේ අත්ලේ පහළම කොටසේ රූපයේ දක්වා ඇති පරිදි පිහිටන රේඛාවන් ඇසුරින් ඔයා මේ ලෝකයට උපත ලැබුවේ වාසනාව දෝතෙහි දරාගෙනද නැද්ද එහෙම නැත්නම් ඉන් ඔබට වෙන බලපෑම යහපත්ද අයහපත්ද ආදිය ගැන ඔබට යම් යම් තොරතුරු කිහිපයක් සැපයීමටයි.

1. ආලෝකයේ රේඛා දෙකක් හෝ තුනක්-

ඔබේ මැණික් කටුවේ රූපයේ පරිදි පහසුවෙන් දැකගත හැකි රේඛා පේලි දෙකක් හෝ තුනක් තියෙනවද?එසේනම් ඔබ ඉතාමත් වාසනාවන්ත පුද්ගලයෙක්.මන්ද මෙවැනි පුද්ගලයින්ට අනාගතයේදී ඉහල වැටුප් සහිත රැකියාවන ලැබේ.මුදල් ගැන පැමිණිලි කිරීමට එනිසා ඔවුන්ට නොහැක.ඉදිරි අවුරුදු 5ක කාලයේදී ඔබට ජීවිතයට තර්ජනයක් වෙන බරපතල රෝගාබාධ ඇති නොවන බවද කිව යුතුය.එනිසා මෙය ඉතමත් වාසනාවන්ත පිහිටීමක් ලෙස දැක්විය හැකිය.

2. ජාලයක් සාදන රේඛා-

මෙය පළමු ආකාරයේ ප්‍රතිවිරුද්ධ ආකාරය ලෙස දැකිය හැකියි.මන්ද මෙම ආකාරයට රේඛා ජාලයක් ලෙස පිහිටන අය දවස පුරා වෙහෙසී වැඩ කර මුදල් උපයයි.ඔවුන්ට විවේකයක් අවශ්‍ය යැයි කිව්වොත් නිවැරදියි.නමුත් මොවුන්ගේ මෙම අඛණ්ඩ බව නිසාම සාර්ථක ව්‍යවසායකයින් ,ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස ඔවුන්ට ජීවිතයේ දුර ගමනක් යා හැකිය.මොවුන්ද ආදරයට ලැදි අතර කම්පන සහගත අත්දැකීම් කිහිපයකින් පසු ඔවුන් ජීවිතයේ තම ආදරය සොයා ගනියි.පසුව ජීවිත කාලයම සතුටින් ආදරයෙන් සමගියෙන් ජීවත් වෙයි.

3. හරස් හැඩැති රේඛා-

 

මැණික් කටුවෙහි රූපයේ මෙන් හරස් රේඛා වර්ගයක් පවතින පුද්ගලයින් ආගම දහමට ලැදිය.ඔවුන් කාරුණිකයි.ඒ වගේම ත්‍යාගශිලියි.එවැනි අයෙක් අපට ජීවිතයේ එක්වරක් හෝ මුනගසුනහොත් අපට සිතෙන්නේ ඔවුන්ට වැඩ හොඳ අයෙක් ලෝකයේ තවත් නැත කියාය.ඔවුන් සාමාන්‍යයෙන් උත්සාහ කරන්නේ තමන්ට පෙර අන් අය තෘප්තිමත් කිරීමට ය.එනිසාම යමෙක් එසේ නොකරන්නේ නම් ඔවුන් බොහෝ කනස්සල්ලට පත් වේ.සහකරු හා ළමයින් සමඟ කුඩා ගොවිපොලක සතුටින් ජීවත් වීම වැනි සරල ජීවිතයකට මොවුන් කැමතිය.

4. ත්‍රිකෝණයක් සාදන රේඛා-මෙවැනි රේඛා මැණික් කටුවෙහි පිහිටන පුද්ගලයින් ඉතාම වාසනාවන්තය.මන්ද මෙම ජනතාව වාසනාව, මුදල්, ආදරය සහ යහපත් සෞඛ්‍යයකින් හෙබි පුද්ලයින් වේ.ඔවුන් ඉතා සමාජශිලිය.මොවුන්ට බොහෝ මිතුරන් ඇත.එසේම ඉතාම වෙහෙස මහන්සි වී වැඩ කරන නිසා රැකියා ස්ථානයේ ප්‍රදානියා වුවද මොවුන් ගැන පැහැදී ඔවුන් කෙරේ වඩාත් ලැදියාවක් සෙනෙහසක් දක්වයි.මේ නිසාම අන් අයට ලබා නොදෙන වරප්‍රසාද දීමනා රාශියක් මොවුන්ට ලබා දෙයි.එනිසා ඔබේ මැණික් කටුවෙහි මෙලෙස ත්‍රිකෝණයක හැඩය පිහිටයි නම් ඔබ ඉතාම වාසනාවන්තය .

Check Also

කොට්ටයක් නැතුව නිදාගත්තොත්

අප නිදා ගන්න ගන්නා කොට්ටයේ ඉතිහාසය පුරාණ මෙසපොතේමියාව දක්වා දිව යයි. එකළ ඒවා ගල් වලින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *