ඇඳුම් සහ සපත්තු දිගුකලක් භාවිත කරන්න මේ දේවල් ටික අදම කරලා බලන්න - Nonimi

ඇඳුම් සහ සපත්තු දිගුකලක් භාවිත කරන්න මේ දේවල් ටික අදම කරලා බලන්න

සීරිම් හෝ ගැලවි යාම් ආදි හානි සිදුවීම නිසා අප වඩාත් කැමති ඇඳුම් සහා සපත්තු වර්ග භාවිතයෙන් ඉවත්කිරීමට සිදුවීම විශාල දුකක්. හැබැයි, මේ ක්‍රම භාවිතා කිරීමෙන් ඒවාට දෙවන අවස්ථාවක් ලබාදෙන එක අමාරු නැහැ.

1. සපත්තු ප්‍රවේශමින් පිරිසිදු කරගැනීමට නිය පීර (Nail pile) භාවිතා කරන්න

2. ලෙදර් සපත්තු වල දිලිසෙන පෙනුමකට ජනෙල් පිරිසිදුකාරක ඉසගනිමින් පිරිසිදු කරගන්න

3. ඇඳුම් මත ඇති වූ ලේ පැල්ලම් ඉවත් කරගැනීමට ලුණු, සිසිල් ජලය සහා ඇමෝනියා එක්කල මිශ්‍රණයක් භාවිතා කර ඒවා අතුල්ලා පිරිසිදු කරගන්න. (ජලය ලිටරයකට ලුණු මේස හැඳි 2 ක් හෝ ඇමෝනියා මේස හැඳි 2 ක් දමා මිශ්‍රණය සකසා ගන්න).

4. ඇඳුම් වල පවතින දිගුකාලීන අප්‍රසන්න දුර්ගන්ධය නැතිකරගැනීමට ඒවා සිපර් බෑග් වලට දමා ‍රැයක් පුරාවට අධි ශීතකරණයේ තබන්න.

5. ලෙදර් නිෂ්පාදන මත ඇති වී ඇති තිත් වැනි කැලැල් ඉවත් කරගැනීමට සිසිල් ජලයට විනාකිරි එක්කරමින් සාදාගත් මිශ්‍රණයක් භාවිතා කරන්න.

6. ග්‍රීස් පැල්ලම් ඉක්මනින් ඉවත් කරගැනීමට භාජන සෝදන දියර භාවිතා කරමින් පැල්ලම් අතුල්ලා හොඳින් සෝදාගන්න.

7. ලෙදර් සපත්තු මත ඇති සීරුම් කැලැල් ඉවත් කිරීමට ඉටි හෝ විනිවිද පෙනෙන නිය ආලේපන භාවිතා කරන්න. හානි වූ ස්ථානය මත ඉටි ගල්වා එය ඝන වූ පසු ෆ්ලැනල් රෙදි කැබැල්ලකින් ප්‍රවේශමින් පිසගන්න. ඉන්පසුව, සපත්තුවේ ෂූ පොලිශ් ආලේප කරගන්න.

8. ලෙදර් සපත්තු වල ඉරුණු කොටස් සුපර් ග්ලූ ගල්වා අලවා ගත හැකියි. ඒ සඳහා සපත්තුව ඇතුල් දෙසින් ටූත් පික් එකක් හෝ ගිනි කූරක් භාවිතා කරමින් සුපර් ග්ලූ ගල්වාගෙන රෙදි කැබැල්ලකින් එම ස්ථානය මිනිත්තු 3-4 ක් පමණ තදකර අල්ලාසිටින්න. ඉන්පසු, ගැලපෙන වර්ණයකින් තීන්ත තට්‍ටු කිහිපයක් සපත්තුව මත ආලේප කරන්න.

9. තද පැහැති ජීන්ස් කලිසම් පෙනුමින් අවපැහැගැන්වී යාම වළක්වාගැනීමට රෙදි සැදීමේදී ඔබ භාවිතා කරන සේදුම් කුඩු වලට විනාකිරි සහා ලුණු මිශ්‍රකරන්න.

10. ‘Nubuck’ වර්ගයේ හම් සපත්තු පිරිසිදු කරගැනීමට, ඇමෝනියා සහා ජලය 1:3 අනුපාතයෙන් ගෙන මිශ්‍රණයක් සකසා සපත්තු පිරිසිදු කරගන්න. එසේත් නැතිනම්, උණුජලය ලීටර් 1 කට විනාකිරි මේසහැඳි එකක් දමා සාදා ගත් මිශ්‍රණයකින් සපත්තු පිරිසිදු කරගන්න.

11. පැරණි දේවල් යලි සුමුදු බවට පත්කරගැනීමට ලුණු වතුරේ පෙ‍ඟෙන්නට හරින්න. ජලය ලීටර් 1 කට ලුණු වීදුරු භාගයක් එක්කරන්න. ඉන්පසු, ඔබට අවශ්‍ය දේ (පැරණි ඇඳුම් ආදී) එම ජලයට දමා දින තුනක් පමණ පෙ‍ඟෙන්නට හරින්න. දින තුන අවසානයේදී සේදුම් දියර හෝ කුඩු යොදා ඒවා හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

12. ලෙදර් බෑගයක ඇති පැල්ලම් ඉවත් කිරීමට විනාකිරි වල පෙඟවූ රෙදි කැබැල්ලක් හෝ කපු පුළුන් වලින් ඒ මත අතුල්ලා පිරිසිදු කරගන්න.මෙහිදී පිරිසිදු විනාකිරි (white vineger) පමණක් භාවිතයට ගැනීම වැදගත් වේ. නැතිනම් බෑගයේ ඇති සායම් ඉවත්වී යාමට ඉඩතිබිය හැක.

13. සිල්ක් රෙදි සෝදාගැනීමට හිසකෙස් සඳහා භාවිතා කරන කන්ඩිෂනර් ස්වල්පයක් භාවිතා කරන්න. එමඟින් රෙද්දේ ඇති සුමුදු බව සහා ලස්සන පෙනුම ආරක්ෂා වේ.

14. ඇඳුම් වල ඇතිවී තිබෙන නූල් පිපුම් ඉවත් කිරීමට වෙල්ක්‍රො කැබැල්ලක් භාවිතා කරන්න.

 

 

Leave a Reply