ඉන්දියාවේ ගිහින් කරන වැඩ ගැන කාටවත් කියන්නෑ

මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර තරුණියක් තමයි දුෂේනි මියුරංගි කියන්නේ. ඇය මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගන්න සමත්වුණ ගොඩක් සුන්දර තරුණියක්. මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණයෙන් පස්සේ ඇය නිරුපිකාවක ලෙස කළා ලෝකයට පිවිසෙනවා. ඒ වගේම දැන් ඇය රංගන ශිල්පිනියකු ලෙසත් හැමෝගෙම ආදරය දිනාගෙන තියෙනවා. ඒ ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයෙන්. කොහොම වුනත් මේ දවස්වල දුෂේනි පාරවල් ගානේ පොකට් ගහනවා කියලා ගොසිප් එකක් යනවා ඒ ඇය එම ටෙලිනාට්‍යයේ රඟපාන චරිතය නිසා.

ඉතින් මේ ‘පාරදිගේ’ නාට්‍යයේ ඇය රංගනයෙන් දායක වන ‘බන්ටි’ කියන චරිතයට දැන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවලු. කොහොම වුනත් දුෂේනි කාලයක් ලංකාවේ හිටියේ නෑ. ඇය එම කාලයේ පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ ඉන්දියාවේ. ඒ වගේම දැනුත් ඇය නිතරම ඉන්දියාවට යනවා. ඒ පිලිබඳ දුෂේනි කියන්නේ මේ වගේ කතාවක් ”මම ඉන්දියාවේ පොඩි පොඩි ව්‍යාපෘති කිහිපයකට සම්බන්ධ වුණා. මම ආපහු ඉන්දියාවට යනවා, රටේ තත්වය හරි නැති නිසා අවුරුද්දක් ලංකාවේ ඉන්න සැලසුම් කරගත්තා. හැමෝම අහනවා මම ඉන්දියාවේ මොකද කරන්නේ කියලා මම ඒ ගැන කිසිම තැනක කතා කරලා නැහැ. ඒක ඉස්සරහට දැනගන්න ලැබේවි” කියලයි.

1

2

3

4

5

6

7

8

8

10

11

12

13

14

15

Leave a comment

Your email address will not be published.