ඉන්ධන පිරවීමට දවසේ හොදම වෙලාව මෙන්න - Nonimi

ඉන්ධන පිරවීමට දවසේ හොදම වෙලාව මෙන්න

යාලුවොත් එක්ක බෙදාගන්න

ඔබගේ වාහනයට ඉන්ධන පිරවීමට සුදුසුම කාළය වන්නෙ උදෑසන සහ රාත්‍රී කාළයයි. එයට ප්‍රධානතම හේතුව වන්නේ උදෑසන සහ රාත්‍රී කාළය තුල උෂ්නත්වය ඉතා පහළ අගයක් ගන්න නිසයි. එවරල් අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ උෂ්ණත්වය වෙනස් වන සෑම අංශක 15 කටම ඉන්ධන 1% කින් පුළුල් වීමක් සිදුවෙන බවයි. උදෑසන සහ රාත්‍රී කාළය තුල සිසිලසක් ඇති නිසා වාහනයකට ඉන්ධන පිරවීම උදෑසන සහ රාත්‍රී කාළය තුල සිදු කිරීම සුදුසු යැයි ප්‍රසිද්ධ මතයක්ද ඇත.

ඉන්ධන පරිමාව හා උෂ්ණත්වය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ සිද්ධාන්තයේ සත්‍යතාවය කුමක්ද?

බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ඉන්ධන, ද්‍රව හෝ වායු ස්වරූපයෙන් තිබිය හැකි අතර උෂ්ණත්වය ඉහළ ගිය විට ඉන්ධන පුළුල් වන අතර උෂ්ණත්වය අඩු වූ විට එය හැකිලෙන බවයි. ඉන්ධන ප්‍රසාරණය හේතුවෙන් විශේෂයෙන් උණුසුම් දිනවලදී බලශක්ති උත්පාදනය අඩු වේ. මෙවැනි තත්වයක්දී ඉන්ධන වේගයෙන් දහනය වේ. තවද ඉන්ධන වල ඝනත්වය එහි උෂ්ණත්වය අනුව වෙනස් වේ

බොහෝ රියදුරන් උදේ පාන්දරින් හෝ රාත්‍රී කාලයට ඉන්ධන පිරවීම සිදු කරයි, එයට හේතුව වන්නේ එම කාළයන් තුල පරිසරය තුල ඉතා අඩු උෂ්ණත්වයක් ඇති නිසායි. පල පුරුදු රියදුරන් මෙම කාරනය පිළිබඳව ඉතා සැලකිලිමත් වේ එයට හේතුව නම් ඔවුන්ට මෙම කාරනය පිළිබඳ හොඳ අත්දැකීමක් ඇති නිසායි.

කෙසේ වෙතත් මෙම සිද්ධාන්තයේ සත්‍ය තවාය ඇතැම් ප්‍රවීණයන් විසින් ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්ධන පිරවුම්හල් තුල ඉන්ධන භූගතව ගබඩා කර ඇති අතර එම ගබඩා කර තබන ඉන්ධන ටැංකි වල උෂ්ණත්වය සම්මත මට්ටමක පවත්වා ගෙන යන බවයි. වායුගෝලයේ සිදුවෙන උෂ්ණත්ව වෙනස් වීම් එම ටැංකි වලට කිසි ලෙසකටත් බල නොපාන බව ඔවුන් ගේ මතයයි.

එසේ වුවද, පොළොවට ඉහළින් ඇති ඉන්ධන බෙදා හරින ටැංකිය තුල ඉන්ධන දිගු කලක් තිබීමත්, අවට පරිසරයේ උෂ්ණත්වයන් වෙනස් වීමත් යන කරණා අනුව අපි ඉහත සඳහන් කල ක්‍රියාදාමය සිදුවීමට වැඩි ඉඩක් ඇති බව බොහෝ දේනාගේ මතයයි. නමුත් එවැනි අවස්ථාවක උවද ඔබ ලබගන්නා ඉන්ධන උෂ්ණත්වයෙන් අධික වුවත් භූගත ටැංකි තුලින් එන උෂ්ණත්ව‍ය අඩු ඉන්ධන නිසා එහිදී කිසිම අවාසිදායක තත්වයක් ඔබට හිමි වන්නේ නැත.

ඉහත සඳහන් කල කාරනය තුලද සත්‍යතාවයක් ඇත, නමුත් අදටත් බොහෝ දෙනා රාත්‍රී කාලයේ හෝ උදෑසන කාලය තුල ඉන්ධන පුරවා ගැනීම සිදු කරයි. එයින් අදහස් වන්නේ මෙම කාරනයේ යම් සත්‍යතාවයක් ඇති බවටයි.

ඉහත සඳහන් කල කරුනු කාරනා වලට අමතරව තවත් වැදගත් කරුනක් ඇත. ඔබ ඔබගේ වාහනයට ඉන්ධන ලබා ගැනීමට යන අවස්ථාවේ ඔබගේ වාහනයේ තිබෙන ඉන්ධන ටැංකියේ ඇති ඉන්ධන උණුසුම්ව පැවතීමත් යම් ආකරයකට මෝටර් රථයේ ක්‍රියාකාරිත්වයට බලපාන බව මොටර් රථ ප්‍රවීණයන් සඳහන් කරයි.


යාලුවොත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *