ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ අනගි කියන කතාව

මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන තිබෙන ටෙලිනාට්‍යක් තමයි ‘ඉස්කෝලේ’ කියන්නේ ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන මේ ටෙලිනාට්‍ය මේ වනවිට ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. නගරයේ ඉතාම පොහොසත් පවුලක තරුණියක් දුෂ්කර ගමක දරුවන්ට නර්තනය උගන්වන්න පැමිණීමෙන් පසුව සිදුවන සිදුවීම් කිහිපයක් වටා ගෙතෙන මෙම ටෙලිනාට්‍යයේ නවක රංගන ශිල්පියන් වගේම නවක රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුත් රංගනයේ යෙදෙනවා. ඉන් එක් අයෙක් තමයි ඉස්කෝලේ කතාවේ ‘අනගි’ කියන්නේ ඉතින් මේ ‘අනගි’ කියන චරිතයට පන පොවන්නේ හිරුෂි පෙරේරා නම් නවක රංගන ශිල්පිනිය විසින්.

ඉතින් ඇයට මේ ලැබුන චරිතය පිලිබඳ හිරුෂි කියන්නේ මේවගේ කතාවක් ” අනේ ඇත්තටම මම හරි ආසාවෙන් හිටියෙ පාසල් දැරියකගේ චරිතයක් රඟපාන්න. ඉතින් ‘ඉස්කෝලෙ’ නාට්‍යයේ පාසල් දැරියකගේ චරිතයක් තියෙනවා කියලා ඇරයුම් කළහම මට කියාගන්න බැරි තරම් ලොකු සතුටක් දැනුණේ. මම ඉස්කොලෙන් අස්වෙලා දැනට අවුරුදු හයක් විතර වෙනව. දර්ශන තලයට ගිහින් සුදු ගවුම ඇන්දම ආයෙත් ඉස්කෝලේ යන්න පටන් ගත්ත වගේ අමුතුම හැඟීමක් දැනුණා. ඇත්තටම ගොඩක් ශෝක් අත්දැකීමක් ඒක” කියලයි. ඉතින් මේ ටෙලිනාට්‍ය රඟපාන අවස්ථාවල විවිද අපූරු සිදුවීම් සිදුවෙනවා. ඉතින් ඇය ඒ පිලිබඳ කිවුවේ මේවගේ කතාවක්. ”මම කුඩැල්ලන්ට නම් ගොඩක් බයයි. එක දවසක් ෂූටින් වේලාවේ කූඩැල්ලෙක් මගේ කකුලෙ එල්ලිලා ඒක මට ඉතින් පුදුම ත්‍රාසජනක අත්දැකීමක් වගෙ.” කියලයි ඉතින් මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හිරුෂි ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

1

2

3

4

5

6

7

Leave a comment

Your email address will not be published.