උඩින් පේන එකක් ඇන්දත් බර බරේ තමයි. පියුමිට නීති දාන අලුත් කෙනා මෙන්න - Nonimi

උඩින් පේන එකක් ඇන්දත් බර බරේ තමයි. පියුමිට නීති දාන අලුත් කෙනා මෙන්න

පියුමි හංසමාලිහැමෝම වගේ දන්නා කියනා චරිතය. ගොඩක් දෙනෙක් වැඩියෙන් කතාබහවේ චරිතයක් ඒ වගේම රටේ පුවත් මවන්නියක් කිවොත් හරියටම හරි. ඉතින් කාලයක් ඇය ගැන ගොඩක් දෙනෙක් කතා වුණා. හැබැයි ඉතින් අද වෙද්දී දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. ඉතින් අද අපි හිතුවා ඇයත් එක්ක ටිකක් කතා කරන්න. ඉතින් මේ දිනවල මොකද කරන්නේ. අලුත් වැඩ මොනවද. මේ දිනවල මම රට යන්න ලෑස්ති වෙන්වා ඒ නිසා ගොඩක්ම කාර්යබහුල වෙලා තමයි ඉන්නේ. මම හිතන්නේ මම රංගනය දන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් මේ වෙද්දී මම සිනමා නිර්මාණ දෙකක් හා ටෙලිකතා දෙකක් වෙනුවෙන් රංගනයෙන් දායකත්වය ලබාදීලා තියනවා. ඉතින් ඊට අමතරව මියුසික් වීඩියෝ කිහිපයක් වෙනුවෙනුත් දායකත්වය ලබාදීලා තියනවා. හැබැයි මම මොනවා කලත් රටේ මිනිස්සු දකින්නේ වැරදි ඇහැකින් වෙන්නත් පුළුවන්. මොකද මේ රටේ මිනිස්සු හරි කුහකයි. කොටිනම් කියනවා නම් කෙනෙක් ලස්සනට ඇඟ හදාගෙන ලස්සන ඇඳුමක් ඇඳලා ඉන්න එකක් බලන්න කැමති නැහැ.

ඉස්සර වගේ නෙවෙයි සන් පුතාගෙන් ටිකක් නිතී වැඩියි. දැන් එයා ලොකුයි. මම එයාගේ පාසලට යද්දී නම් ගවුමක් හරි කලිසමක් හරි ඇඳගෙන යන්නේ. හැබැයි ඉතින් යාලුවෝ එක්ක එලියට යද්දී නම් කොටට අදිනවා. හැබැයි ඉතින් දැන් බේරෙන්න බැහැ. පුතා දැන් නීති දානවා. කොට ඇඳුම ඇඳගෙන හිටියොත් ඕක හරියන්නේ නැහැ, මේක ඇඳගන්න කියලා ගවුලක් ගෙනත් දෙනවා. පුතා එක්ක තාත්තා කතා කරනවා එයට කෝල් කරනවා. මම හිතන්නේ එයා වෙන්න ඇති පුතාගේ ඔලුවට මේ වගේ දේවල් දාන්නෙ. මම දැන් කොට එකක් ඇන්දත් උඩින් පේන එකක් ඇන්දත් දැන් පුතාගෙන් බර බරේ තමයි. දැන් මම හිතාගෙන ඉන්නේ පුතා එක්ක ඔස්ටෙලියාවට යන්න. ඒ එයාගේ අධ්‍යාපන කටයුතු ගැන හිතලා තමයි ඒ තීරණේ ගත්තේ. මම හිතන්නේ එහෙ ගියාම ඒ දේවල් හරියාවි.

මම පාසල් යන කාලේ අසා කලේ ගුවන් සේවිකාවක් වෙන්න තමයි. ඒ වෙනුවෙන් ගොඩක් හොඳට ඉංග්‍රීසි දැනුමක් තියෙන ඕනේ නිසා ඒක කාලයක් යද්දී මගෙන් මග හැරුනා. මම හැබැයි කිසිම දෙයක් ගැන පසු තැවෙන්නේ නම් නැහැ, මේ තමයි මගේ දෛවය. දැන් මට පුතෙක් ඉන්නවා, ඒ ගැන මට ගොඩක් සතුටුයි. කාලයක් ඉතින් මෝඩ තීරණ ගත්තේ නැහැ කියන්නත් නැහැ, ඒ වයසත් එක්ක ගත්ත මෝඩ තීරණ. අද වෙද්දී මට ගොඩක් ලොකු අත්දැකීම් තියනවා. අද නම් මම තීරණයක් ගන්නේ දෙපාරක් හිතලා. ඉතින් ඔන්න එහමයි ඇය ඇගේ මේ දිනවල ජිවිතයේ විස්තර අපිත් එක්ක කිවේ. ඉතින් ඇයගේ චයරුප පෙළක් ගෙන ආවේ නැත්නම් ඒක ලොකු අඩුවක්. ඒ නිසා ඔන්න ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් පහලින් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඇයගේ ඉදිරි ජිවිතයට සුබපතුම් එකතුකරන්න අමතක කරන එපා.

01

02

03

04

05

06

07

08

Leave a Reply

Your email address will not be published. Required fields are marked *