එක් එක් රටවල් වල ජීවත් වෙන සැබෑම කුමාරිකාවො 10 දෙනෙක්

වර්තමානය වෙනකොටත් රජ පවුල් ලෝකය පුරා ජීවත් වෙනවනෙ. මේ අතරින් කුමාරිකාවන් කිහිපදෙනෙක් ගැන තමයි අපි අද කතා කරන්නෙ. කුමාරිකාවො කිවුවට ඔවුනුත් ආදරය, හිනාව සමග ජිවත් වෙන සරල නූතන ගැහැනු ළමයි වගේ තමයි. ඔවුන්ගේ තියන එකම වෙනස වෙන්නේ පරම්පරාගත රාජකීය උරුමය හා විවිධ විශේෂ උත්සව වලට ඔවුන්ට ලැබෙන ආරාධනා ප්‍රමානය වැඩි වීම පමනයි.

ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය, ලක්සම්බර්ග්

24 වන වියේ පසුවන මැය හෙන්රි ආදිපාදවරයාගේ හා මරියා ටෙරෙසා ආදිපාදවරියගේ සුරූපි එකම දියණියයි. ඇලෙක්සැන්ඩ්‍රා ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන අතර, ඇයට භාෂා 5ක් කතා කිරීමේ හැකියාවද පවතිනවා. එමෙන්ම ඇය විම්බ්ලෙන්ඩන් තරගාවලිය සදහාද සහභාගි වෙනවා. සියලුම යුරෝපීය කුමරියන්ගෙන් දිගම නම හිමි වන්නේ ඇයටයි : ඇලෙක්සැන්ඩ්රා ජෝසීෆිනී ටෙරේසා චාලට් මාරි විල්හෙල්මින්. කෙසේවුවත් ඇයට සිංහාසනයට හිමිකම තියෙන්නේ 5 වෙනියාටයි.

අමලියා වින්ඩ්සර් ආර්යාව, එක්සත් රාජධානිය

අමලියා ආර්යාව 20 වන වියේ පසුවන අතර ඇය එංගලන්තයේ සුරූපිම තරුණියයි. ශ්‍රේෂ්ඨ V වන ජෝර්ජ් රජුගේ දියණිය වන ජෝර්ජ් වින්ඩ්සර්ගේ හා ශාන්ත ඇන්ඩෲ අර්ල්ගේ ආදණීය මිනිපිරියයි. අනාගතයේදී මේ තරුණිය, මාධ්‍ය වේදිනියක් වීමට අදහස් කරන අතර ඒ පිලිබද ඇය ගැඹුරින් හදාරයි. ඇය නිතරම බාල් නැටුම් වලට හා සමාජීය කටයුතු වලට සම්බන්ධ වන අතර, වින්ඩ්සර් ආර්යාව ටැට්ලර්ගේ ආවරණයේ පෙනී සිටි රාජකීය රුධිරයේ පළමු පුද්ගලයා බවට පත් වී තියෙනවා. විලාසිතා සදහා ඇය විශාල කැමැත්තක් දක්වන අතර ඒ සදහා මේයිසන් ඩි චැනල් වලදි සීමාවාසික පුහුණුවක්ද ලබා ගෙන තියනවා.

ලුයිසා මාරියා කුමරිය, බෙල්ජියම

බෙල්ජියමේ ඇස්ට්‍රිඩ් කුමරියගේ හා ලෝරන්ස්ගේ ආදරණීය දියණිය වන මේ කුමරිය 21 වන වියේ පසුවනවා. මේ සුන්දර තරුනිය මේ වන විට එකත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටින අතර ඇය උරුමයේ මාර්ගයේ 9 වන ස්තානයේ සිටිනවා. එමෙන්ම ඇයගේ පුදුමකාර පෙනුම නිසා හා දෙමවුපියන්ගේ වාසනාව නිසා ලොව ලස්සනම මනාලිය වුයේ ඇයයි.

ඊමාන් කුමරිය, ජෝර්දානය

ඊමාන් බින්ට් අබ්දුල්ලා කුමරිය, II වන අබ්දුල්ලා රජුගේ හා රානියා රැජිනගෙ වැඩිමහල් දිණියයි. දැනට 20 වන වියේ පසු වන ඇය, ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන්හි ජෝර්ජ්ටවුන් විශ්ව විද්යාලයේ අද්‍යාපනය ලබනවා. ඇය ප්‍රසිද්ධියේ පෙනීනොසිටීමට දැඩි පිලිවෙතක් අනුගමනය කරන නමුත් ඇයගේ රාජකීය මව සමග පුන්‍ය කටයුතු වලදීනම් දකින්නට ලැබෙනවා.

චාලට් කුමරිය, මොනාකෝ

29 හැවිරිදි චාලට් කැස්රාගි, හොලිවුඩ් තරුවක් වන ග්රේස් කෙලීගේ ආදරණිය මිනිපිරියයි. සෝබෝන්හි උපාධිදාරිනියක් වන ඇය සුප්‍රසිද්ධ ලන්ඩන් සගරාවේ ඉහල තනතුරක් දරා තිබෙනවා. ඇයට පුතකු සිටියද තවමත් සුරූපී බවෙන් අඩුවක් නැති ඇය සිංහාසනයට 4 වෙනියාට උරුමකම් කියනවා.

මාකො කුමරිය, ජපානය

ජපානයේ වර්තමාන අධිරාජ්යයා වන අකිහිතෝගේ වැඩිමහල් මිණිපිරිය වන්නේ මාකො කුමරියයි. 24 වන වියේ පසු වන ඇය ටෝකියො හි ක්‍රිස්තියානි විශ්ව විද්‍යාලයෙන් සාර්තක ලෙස උපාධිය හදාරා ඇති අතර ඇය ඕස්ට්‍රේලියාවේද අධ්‍යාපනය ලබා තියෙනවා. තවමත් පාසල් සිසුවියක් වන ඇය ඇයගෙ පාසල් නිල ඇදුම නිසා ඇනිම් සංස්කෘතික සංකේතයක් හා අන්තර්ජාලය තුල තරුවක් වී සිටිනවා.

මාරියා ඔලිම්පියා කුමරිය, ග්‍රීසිය හා ඩෙන්මාර්කය

ග්‍රීසියේ රාජාණ්ඩුව නිල වශයෙන් අහෝසිකර තිබුනද, අන්තිම රජුගේ මුණුබුරු මිණිබිරියන් තවමත් එම මාතෘකාව රදවාගෙන සිටිනවා. කුමරියගේ පවුල එංගලන්තයේ ජීවත් වන අතර, මාරියා-ඔලිම්පියා ක්‍රියාකාරි සමාජ ජීවිතයක් ගත කරනවා. 20 හැවිරිදි වියේ පසුවන මේ සුරූපිනිය ග්‍රැෆික් නිර්මාණ හා නියෝර්ක් හි කලා ඉතිහාසය පිලිබද හදාරන අතර ඩයර් ෆැෂන් හවුස් හි පුහුණුවක්ද ලබා තියෙනවා. මේ රාජකීය යුවතිය ඇයගේ ඉන්ස්ටග්රෑම් නිතරම යාවත්කාලීන කරන අතර 80,000 කට අධික පිරිසක් ඇයව අනුගමනය කරනවා.

ගේබ්‍රියෙල්ලා කුමරිය, ඔස්ට්‍රියාව

ගේබ්‍රියෙල්ලා මාරියා පිල්ලර් යොලන්ද් ජොසෆින් චාලට් යනු ඔස්ට්‍රියාවේ කාල් ක්‍රිස්ටියන් ආදිපාදවරයාගේ හා මාරි ඇස්ට්‍රිඩ් ආදිපාදවරියගේ විශාල පවුලේ බාලම දරුවායි. 22 වන වියේ පසුවන මැය එම රටේ අවසාන අදිරාජ්යා වන I චාල්ස් රජුගේ මිණිපිරියකි. අද වන විට ඔස්ට්‍රියාව තුල රාජාණ්ඩුවක් නොතිබුනද, තවමත් රාජකීය පවුල වෙත සියලු මාතෘකා රදවා තියෙනවා.

පෝලීන් කුමරිය මොනාකෝ

පෝලින් ග්රේස් මාගායි ඩකුරෙට් කුමරිය, මොනාකොහි ස්ටෙෆනි කුමරියගේ හා ඇයගේ ආරක්ෂකයාව සිටි ඩැනියෙල් ඩකුරෙට් ගේ දියණියයි. 22 වන වියේ පසු වන ඇය වෘත්තිමය රිද්මයානුකූල ජිම්නාස්ටික් හා කිමිදුම්කරුවෙක් වේ. කුමරිය සර්කස් රසිකයෙක් වන අතර වාර්ෂික අන්තර්ජාතික සර්කස් සංදර්ශන උළෙලෙටද ක්‍රියාකාරීව සහභාගී වෙනවා. ඇය උරුමයේ මාර්ගයේ 14 වන ස්තානයේ සිටින නමුත් එය ඇයට කරදරයක් නොවන බව පෙනෙනවා.

ඉන්ෆන්ටා ලෙනොර්, ඇස්ටියුරියා කුමරිය, ස්පාඤ්ඤය

මේ කුඩා කුමාරිකාවගේ දෙමව්පියන් ස්පාඤ්ඤ රජවරු වෙනවා. ඉන්ෆන්ටා ලෙනොර්, ඇස්ටියුරියා කුමරිය, VI වන පිලිප් රජුගේ හා ස්පාඤ්ඤයේ ලැටිසියා රැජිනගේ බාල දියණියයි. 12 වන වියේ පසුවන ඇය, ඇයගේ වයසේ අනෙක් ගැහැණු ළමයින් මෙන් පාසල් යාමට කැමැත්තක් දක්වන අතර, රාජකීය කටයුතු වලදි දෙමවුපියන් සමග සම්බන්ද වෙනවා. අනාගත්යෙදි මේ කුඩා කාන්තාව බොහෝ මිනිසුන්ගේ හදවත් බිදින බවටනම් දැන්ම ඉදන් පැහැදිලිව පෙනෙනවා.

Leave a comment

Your email address will not be published.