එක රැයින් ලංකාවේ කොල්ලන්ගේ හිත් සොරාගත් වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් තරුවගේ කතාව - Nonimi

එක රැයින් ලංකාවේ කොල්ලන්ගේ හිත් සොරාගත් වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් තරුවගේ කතාව

ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟාවලියත් එක්ක ලංකාවේ ක්‍රිකට් උණුසුමනම් බොහෝ සෙයින් වැඩිවෙලානේ තියෙන්නේ.එයට අමතරව තවත් බොහෝ ක්‍රිකට් තරඟාවලි කිහිපයක්ද මේ දිනවල පැවැත්වෙනවා.ඉතින් මෙම ක්‍රිකට් තරඟ අතරින් ටී20 ක්‍රිකට් තරඟ වලට තියෙන්න් බොහෝ ප්‍රේක්ෂක මනාපයක්.ඉතින් මෙම මස 14 වෙනිදා සිට ආරම්භ වන කාන්තා 19න් පහළ ටී20 ලෝක කුසලානය කෙරෙහිත් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.කණ්ඩායම් 16කගේ සහභාගීත්වයෙන් දකුණු අප්‍රිකාවේ තමා එම ලෝක කුසලානය පැවැත්වෙනු ලබන්නේ.එයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමත් පසුගිය දිනෙක දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියා.

ඉතින් අපි අද කියන්න ආවේ මෙම ලෝක කුසලානය ගැන නම් නෙමේ.මෙම ලෝක කුසලානය නිසා ලංකාව ඇතුලු රටවල් බොහොමයක අතිමහත් ජනප්‍රියත්වයක් ලබාගත් සුරූපී ක්‍රීඩිකාවක් ගැනයි.ඊයේ දිනයේ Icc t20 world cup නිළ ෆේස්බුක් පේජය හරහා ඇයගේ ඡායාරූපයක් පළවීමත් සමඟයි බොහෝ දෙනා ඇය පිළිබඳව දැනගත්තේ.සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකා මන්දනාගෙන් පසුව බොහෝ තරුණයන්ගේ හිත හොරා ගත් ඇය නමින් Shunelle Samantha Sawh.ඇය 2004 වර්ෂයේ Trinidad and Tobago හිදී උපත ලබා තියෙන්නේ.ඇය ඉගෙනුම ලද Holy Faith Convent පාසලේ ලීග් ක්‍රිකට් තරඟාවලියක 2019 වර්ෂයේ  හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීමට ඇයට හැකිව තිබෙනවා.

 

තුන්ඉරියව් ක්‍රීඩිකාවක් වන ඇය දකූණතින් පිතිකාරියක් වනවා.2019 වසරේ තම පාසල වෙනුවෙන් අර්ධශතක කිහිපයක් සමඟ ලකුණු 434ක් ලබා වසරේ ක්‍රීඩිකාව ලෙස පත්ව මෙම වසරේ බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ ටී20 ලෝක කුසලාන සංචිතයටද තේරී පත්ව තිබෙන්නේ.ඇයගේ රූ සපුව නිසාම ලංකාව ඇතුලු රටවල් බොහොමයක් බොහෝ තරුණයන්ගේ සිත්දිනාගත් ඇය සහ ඇගේ කණ්ඩායම සහභාගි වන පළමු තරඟය මෙම මස 15වෙනිදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වේ.ඉතින් ඇයගේ හැඩ මෙන්ම වැඩත් බලාගන්න කැමති අයට එදිනට එම තරඟය නැරඹීමට පුලුවන්.

Leave a Reply