එළාම් ඔරලෝසුවක් ලෙස අප අපගේ දුරකථන භාවිතා නොකළ යුතු හේතු

ජංගම දුරකතනය කියන දේ අපගේ වර්තමාන ජිවිත වලින් වෙන් කළ නොහැකි දෙයක් බවට පත්ව පත්ව තිබේ. රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීම, තොරතුරු සෙවීම හෝ ජීවත් වීමට නව ස්ථානයක් සොයා ගැනීම වැනි බොහෝ කාර්යයන් සඳහා අපි ජංගම දුරකතනය භාවිතා කරමු. ඇත්ත වශයෙන්ම, අපි මෙම දුරකතනය අපගේ ජීවිතයෙන් ඈත්කල හොත් අපගේ ජිවිතයට විශාල අඩුවක් මෙන්ම පාඩුවක් දැනේ. එලාම් එකක් සැකසීම සෑම කෙනෙකුම පාහේ ඔවුන්ගේ දුරකථනයෙන් කරන කාර්යයකි, කෙසේ වෙතත්, ඔබ මෙය කළහොත් සිදුවිය හැකි නරක දේවල් කිහිපයක් ගැන කියන්නයි අප මෙම ලිපිය විශේෂයෙන් සැකසනු ලැබුවේ.

ජංගම දුරකතනයෙන් එලාම් සකසා තැබිමෙන් ඔබට සිදුවිය හැකි හාණි කිහිපයක් ඇත ඔබ මෙය මිට පෙර දැන සිටියාද?

1. එය ඔබේ නින්දට හානි කළ හැකිය.

අප සැවෝම පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි නින්දට පෙර ඇදට වෙලා දුරකතනයෙන් කුමක හෙ‍ා් කාර්්‍යක නිරත විමයි. අපගේ සමාජ මාධ්‍යට පිවිසිම,ගේම් ගැසිම,විඩියෝ නැඹිම වැනි කාර්යයන් කිරීමයි. කෙසේ වෙතත්, මෙය ඔබ නිදා සිටින කාලය කෙටි කරනවා පමණක් නොව, දුරකථනයේ නිල් ආලෝකය ඇසට ඇතුලු වි ඔබගේ නිදි කරවීමේ ගුණාත්මක භාවයට බලපාන අතර ආබාධවලට ද හේතුවේ.

2. එය උදේ ඔබේ පුරුද්දට බාධා කළ හැකිය.

නැවතත්, අපගේ අතේ දුරකථනයක් ලැබුණු පසු, අපි ස්වයංක්‍රීයව ඊමේල් සහ පණිවිඩ පරීක්ෂා කිරීමට පෙලබේ ඇත්ත වශයෙන්ම, මෙය ඔබ මුලින් සැලසුම් නොකර කිරිමට යාමෙන් වැඩි කාලයක් ගතවේ, මේ නිසාම අපගේ දෛනික ක්‍රියා පටිපාටීන්ට භාධාවක් ඇතිවේ.

3. ඇසෙනු නොලැබෙනු ඇත

ඔබ එලාම් දුරකතනයෙන් තැබිමේදි ඔබ නිදා සිටියදි ඔට එය නොවැසෙන්නට පුලුවන මන්ද අප සැවොම දිවා කාලයේදී කරන දුරකථන ශබ්ද වලට පුරුදු සිටිම නිසා නින්දේදි එය නොවැසෙනු ඇති, එබැවින් ගැඹුරු නින්දකින් අපව අවදි කිරීමට එය ප්‍රමාණවත් නොවනු ඇත.

4. එහි බැටරිය බැස තිබිය හැක

බැටරිය අක්‍රිය වූ විට ජංගම දුරකථන වල එලාම් ක්‍රියා නොකරනු ඇත, එබැවින් ඔබට වැදගත් දෙයක් සඳහා ප්‍රමාද වීම සිදුවිය හැක, ඔබ සැබෑ එලාම් එකක් භාවිතා කිරීම වඩාත් හොඳය.
ඔබ දුරකථන එලාමයක් හෝ සැබෑ එකක් භාවිතා කරනවාද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *