ඔබටත් මේ ලක්ෂණ තියෙනවද

ලස්සන රඳාපවතින්නේ බලන පුද්ගලයා මතයි කියලා කතාවක් තියෙනවනේ. ඒ කියන්නේ ලස්සන පිළිබඳ තියෙන සම්මතයන් පිළිගැනීම් මොනවා උනත් බලන පුද්ගලයාගේ කැමැත්ත හා හැඟීම් අනුව තමයි ලස්සන සහ අවලස්සන බව තීරණය වන්නේ. නමුත් නවතම අධ්‍යන වලින් පැවසෙන්නේ මේක සීයට සීයක්ම ඇත්තක් නෙවෙයි කියලයි.

ඇත්ත රැඳිලා තියෙන්නේ තරමක් මධ්‍යස්ථ තැනකලු. ඒ කියන්නේ අපිට තවත් කෙනෙකුව ආකර්ෂණීය ලෙස පෙනෙන්න ලස්සන පිළිබඳව ඇති පොදු සම්මතයන් වගේම තමන්ගේ පෞද්ගලික කැමැත්ත හා තෝරා ගැනීම් යන දෙකම බලපානවා. ඒ නිසා අපි අද මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබටවත් නොදනී තවත් පුද්ගලයකුව ඔබට ආකර්ෂණීය ලෙස පෙනීමට දැනීමට හේතුවන දේවල්.

01 ඇසේ කණිනිකාව.

වෙනස් ආලෝක තත්වයන් වලදී විතරක් නෙවෙයි සතුට, කැමැත්ත, ආදරය වැනි හැඟීම් වලට ප්‍රතිචාරයක් විදිහටත් ඇසේ කණිනිකාව විශාල වීම සිදු වෙනවා. මේ නිසා මිනිසුන් විශාල කණිනිකාවක් සහිත පුද්ගලයන් වඩාත් සිත් ඇදගන්නා සුලු ලෙස දකින්නේ එමගින් ඔවුන්ට තමන් කෙරෙහි ඇති කැමැත්ත එයින් හැඟවෙන බව සිතෙන නිසයි. අතීතයේ දී ඉතාලි කාන්තාවන් විසින් පිරිමින්ට තමන්ව වඩාත් ආකර්ෂණීයව පෙනෙන සේ කණිනිකාව විශාල කර ගැනීමට බෙලඩෝනා නම් විෂ සහිත පැළෑටියෙන් ගත් සාරයක් පවා යොදාගෙන තිබුනා.

02.ඉණෙහි අනුපාතය.

ඉණ සහ උකුල අතර අනුපාතය සෑමවිටම කාන්තාවකගෙ පෙනුමෙහි ඉතාම වැදගත් අංගයක් ලෙස සැලකෙනවා. අධ්‍යයන වලට අනුව මේ ඉණ-උකුල අතර අනුපාතය කුඩා අගයක් ගන්නා තරමට එම කාන්තාවන්ව පිරිමින් හට වඩාත් ආකර්ෂණීය ලෙස පෙනෙනවා.

03.මුහුණේ සමමිතිය.

අපගේ දෘෂ්ටි ප්‍රතිග්‍රාහක වලට වඩා පහසුවෙන් ග්‍රහණය කරගත හැකි නිසා සමමිතික මුහුණක් අසමමිතික මුහුණකට වඩා ආකර්ෂණීය ලෙස මිනිසුන් දකිනවා. එසේ දැකීමට තවත් ජෛව විද්‍යාත්මක හේතුවක් වන්නේ සමමිතික මුහුණක් හොඳ ජාන මත පදනම් වූවක් ලෙස සිතෙන නිසයි.

04.සාමාන්‍ය මුහුණු.

කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ වෙනස් ඇස් ,නාස්, තොල්, අඟපසඟ සහිත පෙනුමකට වඩා සාමාන්‍යයෙන් අපි දන්නා දැක පුරුදු සුලබ පෙනුමකට මිනිසුන් වඩාත් කැමැත්තක් දක්වන බව සොයාගෙන තිබෙනවා. ඇතැම් විට ඒ ජෛව විද්‍යාත්මකව වඩා හොඳ ජාන ලෙස දකින නිසා හෝ මිනිසුන් නිරායාසයෙන්ම සාම්ප්‍රදායික සාමාන්‍යයෙන් හුරුපුරුදු පෙනුමක් වෙත වඩාත් නැඹුරු වන නිසා හෝ විය හැකියි.

05.ආහාර රටාව.

මෑතකදී සිදුකරන ලද කුඩා අධ්‍යයනයක් මගින් පිරිමින් විසින් ආහාර තෝරා ගන්නා රටාව ඔවුන්ව කාන්තාවකට ආකර්ෂණීය ලෙස පෙනීමට බලපාන බව සොයාගෙන තිබෙනවා. මේ අනුව සෞඛ්‍ය සම්පන්න ලෙස එළවළු පලතුරු ආහාරයට ගත් පුරුෂයෙකුගෙන් නිකුත්වෙන සුවඳ, පාන් පාස්ටා වැනි අහිතකර ආහාරයක් ගත් පුරුෂයෙකුගෙන් නිකුත්වෙන සුවඳට වඩා කාන්තාවන් ප්‍රිය කරන බවත් ඔවුන්ව වඩාත් ආකර්ෂණීය ලෙස දකින බවත් සොයාගෙන තිබෙනවා.

06.කටහඬ.

උස් තියුණු කටහඬකට වඩා පිරිමි කෙනෙකුගේ රළු ගැඹුරු කටහඬක් කාන්තාවන් විසින් ප්‍රිය කරන්නේ එය පරිණත බව හා සබැඳි දෙයක් ලෙස ඔවුන් සිතන නිසයි.

07.සුවඳ.

කාන්තාවකගෙන් නිකුත්වන සුවඳ පිරිමි කෙනෙකුට ඔවුන්ව ආකර්ෂණීය ලෙස පෙනීම කෙරෙහි බලපාන බව සොයාගෙන තිබෙනවා. මෙහිදී කතා කරන්නේ සුවඳ විලවුන් වලින් නිකුත් වෙන සුවඳ නම් නෙවෙයි. කාන්තාවකගේ ප්‍රජනන හෝර්මෝන හේතුවෙන් ඔවුන්ගෙන නිකුත් වන සුවඳයි. කාන්තාවකගේ ආර්තව චක්‍රයේ මැද හරියේදී, එනම් ඩිම්බ මෝචනය සිදු වන අවධියේදී කාන්තාවගේ නිකුත් වන සුවඳ පුරුෂයෙක්ට වඩාත් ආකර්ෂණීය ලෙස දැනෙන්නේ එය සරු භාවයේ සංකේතයක් ලෙස ඔවුන් නිරායාසයෙන්ම සිතන නිසයි.

08.රසය.

දෙදෙනෙකු සිප ගන්නා විට ඔවුන් දෙදෙනා අතර විශාල ලෙස බැක්ටීරියා හුවමාරු වෙනවා. මෙහි අප සිතනවාට වඩා ප්‍රායෝගික තේරුමක් තිබෙනවා. දෙදෙනෙකු සිප ගන්නා විට සිදුවන මේ ක්‍රියාවලිය නිසා අනිත් පුද්ගලයාගෙන් අපට දැනෙන රසය අනුව නිතැනින්ම ඔවුන් අපට ආකර්ශනීය ලෙස දැනෙනවාද අපට ගැලපෙනවාදැයි අපි තීරණයකට එළඹෙනවා.

Check Also

ඔබ වැඩිපුර සිනාසෙන විට සිදුවන දේවල්

අපි සිනාසෙන විට, අපට ක්ෂණිකව වෙනස් හැඟීමක් දැනෙන්නට පටන් ගනී, අමුතු ආකාරයකින්, අපගේ මුහුණ සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *