ඔබට ලැබෙන වාසනාවේ පණිවිඩය ගැන දැනගන්න

Maneki Neko කියලා හැඳින්වෙන මේ වාසනාවේ බළලා ජපන් සංස්කෘතියේ වැදගත් අංගයක්.මෙම Maneki Neko එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කිව්වොත් වාසනාවේ බළලා විසින් එහි හිමිකරුට වාසනාව ගෙන එනු ඇතැයි ජපන් වැසියන් විශ්වාස කරනවා.එනිසාම විසිතුරු වර්ණයන්ගෙන් සැරසී ඇති මෙම පිළිමය ඔවුන් ඔවුන්ගේ වෙළෙඳසැල්,ආපනශාලා ආදී ව්‍යාපාර ස්ථානවල ප්‍රදර්ශනය කරන මොවුන් එමගින් තමන් කරන කියන සැම කටයුත්තක්ම සාර්ථක වෙනු ඇති විශ්වාස කරයි.

ඉතින් මේ සිත්ගන්නා සුළු ආකර්ශනීය වාසනාවේ බළලා විසින් ඔබ වෙතද වාසනාවේ පණිවිඩයක් රැගෙන එන අතර එය කුමක්දැයි දැනගැනීමට නම් ඔබ කැමතිම වාසනාවේ බළලාගේ රූපය මේ අතුරින් තෝරා එමගින් ඔබ වෙත ගෙන එන වාසනාවේ පණිවිඩය ගැන දැනගන්න.

අංක 1

ඔබ තෝරා ගත් වාසනාවේ බළලා විසින් ඔබ වෙත ගෙන එන්නේ මුල්‍යමය යහපැවැත්මේ ශුභාරංචියයි.සැමවිටම තමන්ට මුදල් නොමැති බව නොසිතන්න.ඔබේ අදහස වෙනස් කරගන්න.ඔබ ජීවත් වෙන ලෝකය සමෘද්ධියෙන් බහුල අසීමිත ධනයකින් පිරි එකක් බව සිතන්න.එවිට ඔබේ අවශ්‍යතාවයන්ට හා අපේක්ෂාවන්ට ගැළපෙන ප්‍රමාණයෙන් ඔබ වෙත සමෘද්ධිය එනම් මුදල් ,ධනය ,වස්තුව කුමන හෝ ආකාරයකින් ළඟා වෙනු ඇත.අවශ්‍ය වන්නේ ඔබේ අසීමිත කැපවීම පමණි.

අංක 2

ඔබට ගෙන එන වාසනාවේ පණිවිඩය වෙන්නේ,ආරක්ෂාව ,ආදරය හා රැකවරණයයි.ඔබගේ නිවසේ වෙසෙන,අහලපහල වෙසෙන ඔබගේ සියලු සමීපතමයන්ගේ සතුට,ආරක්ෂාව පිලිබඳ ඔබ සැලකිලිමත් වෙන තරමට ඔබේ සිතේද සතුට පවතිනු ඇත.සාමය,ආදරය පවතින තැන තවත් කිසිවක් අවශ්‍ය නොවන බව මතක තබාගන්න.එයම ඔබගේ සතුට වෙනු ඇත.

අංක 3

ඔබට වාසනාවේ බළලා විසින් ගෙන එන ශුභාරංචිය වෙන්නේ ඔබට ඔබගේ සිහින යථාර්තයක් බවට පත් කර ගැනීමේ හැකියාව ඇති බවයි.සිහින යනු යමක ආරම්භය වේ.ඔබ හෙට මිලියනපතියෙකු වූවොත් ඊටද බලපාන්නේ කලකට ඉහත ඔබ ඒ පිළිබඳව මැවූ සිහිනයක් නිසාය.එනිසා ජීවිතයේ ස්ථාවරත්වය ,පැවැත්මය අනාගතය වෙනුවෙන් ඔබ සිහින දැකිය යුතුමය.විශ්වාසයෙන් ඒවා යථාර්තයක් බවට පත් කරගැනීමට වෙහෙසෙන්න.එවිට ඔබගේ සිහින සැබෑ කර ගත හැකිය.

අංක 4

ඔබගේ වාසනාවේ පණිවිඩය බැඳී ඇත්තේ මේ මොහොතේ ඔබේ ජීවිතයේ ඔබ විසින් සිදු කරනු ලබන සියලුම කාර්යයන්,ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමඇති හැකියාව ගැනයි.ඔබ අවංකව ඔබේ අරමුණු ,ඉලක්ක වෙනුවෙන් කැප වූ විට විශ්වයද ඔබට ආශීර්වාද කරනු ඇත.සියලු යහපත් ආශිර්වාදයන්ගේ හා ඔබේ උත්සාහයේ ප්‍රතිපල ලෙස ඔබේ කාර්යයන් සාර්ථක වේ.

අංක 5

ඔබ වෙත ගෙන එන වාසනාවේ පණිවිඩය වෙන්නේ ඔබේ ජීවිතයේ ගුණාත්මක බව රඳා පවතින්නේ ඔබේ තීරණ වල ගුණාත්මක භාවය මත බවයි.එබැවින් ඔබේ බුද්ධිය,සංවේදීතාවය යන අංග දෙකම මත පදනම්ව තීන්දු තීරණ ගන්න ඔබ මතක තබා ගත යුතුයි.අතීතය ගෙවී හමාරය.අනාගතය තවම උදා වී නොමැත.එනිසා වර්තමානයේ යහපත් ආකල්ප ඇති කරගනිමින් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් තීන්දු තීරණ ගැනීම මගින් ඔබට සතුටින් ජීවිතය ගෙවීමට හැකි වේ.

අංක 6

ඔබට ඔබේ වාසනාවේ බළලා විසින් ගෙන එන වාසනාවේ පණිවිඩය වන්නේ ඔබ ඊර්ෂ්‍යාව,වේදනාව,වෛරය ,පළිගැනීම ප්‍රතික්ෂේප කර ආදරය,ප්‍රීතිය,සමාව දීම යන හැඟීම් තෝරාගත් විට ඔබේ ජීවිතයේ ගැටුම් අවම වන බවත් පීඩාවන් දුරු වෙන බවත්ය.ආරම්භ කරන සැම දිනකම උදැසන ඔබ නව පුද්ගලයෙකු ලෙස ප්‍රබෝධමත් විය යුතුයි.එනිසා ගත වෙන හැම මොහොතක්ම සතුටින් ජීවත් වීමට උත්සහ කරන්න.

Check Also

ඔබව පුදුමයට පත්කරන අමුතුම චායාරූප

අපගේ ජීවිතය විස්මයන්ගෙන් පිරී ඇති අතර. කිසිම දෙයකට ඔබව මවිතයට පත් කළ නොහැකි යැයි ඔබ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *