ඔබත් ඔබේ රැකියාව ගැන කලකිරීමෙන්ද ඉන්නේ එහෙනම් මේ රැකියා 10 බලන්න ආයේ එහෙම කළකිරෙන එකක් නෑ

අපි හැමෝම ගොඩක් වෙලාවට අපි කරන රැකියාව ගැන තෘප්තිමත් වෙන්නේ නැහැ. වැටුප් පිලිබද, ප්‍රධානින් පිලිබද වගෙම රැකියාව සම්බන්ධව තිබෙන තවත් බොහෝ දේවල් පිලිබදව අපි නිතරම කණගාටුවෙන් තමයි ඉන්නේ. ඒත් ඔබට ලැබිලා තියෙන්නේ ලෝකේ තියෙන හොදම රැකියාව වෙන්න පුලුවන්. අපි එහෙම කියන්නේ ඇයි කියලා මේ පහලින් තියෙන රැකියා ටික බැලුවාම ඔබට තේරෙයි…

1. කානු කවාට (Manhole cover) නිෂ්පාදනය – ඉන්දියාවේ නිව් යෝර්ක් නගරය.

ඉන්දියානු නිව්යෝර්ක් නගරයේ මිනිසුන් වසරකට කානු කවාට 2,750 ක් පමන නිෂ්පාදනය කරනවා. ඒ අතරින් ආරක්ෂිත උපකරණ, ආරක්ෂිත ක්‍රියාමාර්ග භාවිතා කරන්නේ ඉතාම සුළු පිරිසක් පමනයි. එම ලෝහ උණු කිරීම සදහා 2,190° F — 2,550° F පමන අධික උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. යම් සුළු අතපසුවීමකින් පවා දරුණු පිලිස්සුම් තුවාල ඇතිවිය හැකි නිසා ලොව භයානකම රැකියාවන් අතරට මේ රැකියාවත් එකතු වී තියෙනවා.

2. ඉන්දුනීසියාවේ Kawah Ijen ගිණිකන්දේ සල්ෆර් කැනීම.

ජාවා හි පිහිටා තිබෙන Kawah Ijen ගිණිකන්ද අඩි 8,530 ක් පමන උසයි. එහි ක්‍රියාකාරී වන ඇතුලත ප්‍රදේශයේ සල්ෆියුරික් විල් තිබෙනවා. ඒවා එකතුකරමින් මේ ගිණිකන්ද තුල දේශීය සේවකයින් සේවය කරන නමුත් ඔවුන්ට ආරක්ෂිත ඇදුමක් හෝ ගෑස් මුහුණු ආවරණයක් හෝ ඇත්තේ නැහැ. මුළු දවස පුරාම මෙන්ම රාත්‍රිය පුරාමත් සල්ෆර් එකතු කිරීමට වෙහෙසන මොවුන්ට හානිකර වාතය අශ්වාස කිරීම වැලැක්වීමට ඇත්තේ ඔවුන්ගේම අත් 2ක සහ කුඩා අත් ලේන්සුවක් පමනයි. ඔවුන්ට දෛනිකව ලැබෙන්නේත් $5කට වඩා අඩු මුදලක් පමනයි.

3. පල්දෝරු කාණු පිරිසිදු කිරීම – ඉන්දියාව.

පින්තූර දකින විටම ඔබට අප්‍රියසහගත හැගීමක් ඇති වෙන්න ඇති. නමුත් මේ සේවකයින් දිනකට පැය 12ක් පමන මෙම රාජකාරියේ නිරත වෙනවා. මේ ගොහොරු අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඔවුන්ට හිමි වෙන්නේ ලෝහ සූරනයක්, කෙටේරියක් සහ ඔවුන්ගේ දෑත් 2ක පමනයි.. ඉන් පසුව එකතු කරන අපද්‍රව්‍ය වීදි වලින් ඉවතට වීසි කරනු ලබනවා. මෙම සේවකයින්ට කිසිදු විශේෂිත උපකරණයක් හිමි නොවන අතර ඔවුන් පැලදසිටින්නේද සාමාන්‍ය යට ඇදුමක් පමනයි. දිනකට ඔවුන්ගේ වැටුප $5කටත් වඩා අඩුයි.

4. ගන්ධ පරීක්ෂකවරු.

මෙම සේවකයින් ඩෙඔඩොරන්ට් සහ අන්ටිපෙර්ස්පිරන්ට්ස් නිෂ්පාදනය කරන සමාගම් වල වැඩ කරනවා. මෙහිදී එම පරීක්ෂකවරුන් තම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තක්සේරු කිරීමට සම්පූර්ණ දිනයක් ඒවා භාවිතා කල පුද්ගලයන්ගේ ගන්ධයන් පරික්ෂාවට ලක් කල යුතුයි.

5. දියමන්ති පතල් – සියෙරා ලියෝන්

සියෙරා ලියෝන් හි දියමන්ති කැණීම් කියන්නේත් ලෝකෙ තියෙන නරකම රැකියා වලින් එකක්. මොකද දියමන්ති වලින් ඩොලර් මිලියන 320 පමන මුදලක් උපයා ගැනීමට පුලුවන් වුවත් කම්කරුවන්ට ලැබෙන්නේ ඉතාම සුළු වැටුපක් පමනයි. මෙම දිස්ත්‍රික්කයේ කම්කරුවන් 250,000 ක් පමන පතල් කැනිම් වල නිරත වුනත් එය රටේ තිබෙන දුප්පත්ම දිස්ත්‍රික්කය ලෙස වාර්තා වී තියෙනවා.

6. ලුණු පතල් – ඉතියෝපියාව.

ඉතියෝපියාවේ ඩැන්කිල් පහත්බිම් තුල ඉතා දැඩි අවු රශ්මියක් යටතේ සේවය කරන දේශීය ජනතාව දකින්න ලැබෙනවා. ඔවුන්ගේ සාම්ප්‍රදායික රැකියාව වන්නේ ලුණු කැනීමයි. මේ ස්තානයේ උෂ්ණත්වය 125 ° F දක්වා ඉහල යා හැකි අතර ලෝකයේ උෂ්ණත්වයෙන් ඉහලම ස්තානයක් ලෙස මේ ස්තානය හදුන්වනවා.

7. ඉහල උස් තැන් වල සේවය කරන විදුලි කාර්මිකයන්.

චීන විදුලි කාර්මිකයන් අධි වෝල්ටීයතා විදුලි රැහැන් වල නඩත්තු කටයුතු පොලව මට්ටමේ සිට ඉතාමත්ම ඉහලින් සිට සිදු කරනවා. ඔවුන්ට ආරක්ෂිත ආම්පන්න සපයා තිබුනත්, ඔවුන්ව විදුලි කම්පනයන්ට ගොදුරු වීමේ සම්භාවිතාවය ඉතාමත් ඉහලයි.

8. අපරාධ ස්ථාන පිරිසිදු කරන්නන්.


මෙම සේවකයින්ට බිත්ති වලින්, බිමවල් වලින්, ඇදන් වලින් ලේ පැල්ලම් වගෙම මලසිරුරුත් ඉවත් කිරීම සිදු කරන්න වෙනවා. ඔවුන්ගේ රැකියාවේ දුෂ්කරම කොටස වෙන්නේ ඉහිලිය නොහැකි දුර්ගන්ධයයි. ඇතැම් විට අපරාධය සිදු වී පොලිසියට මල සිරුර සොයා ගැනීමට දින කිහිපයක් හෝ සති කිහිපයක් ගත වුවහොත් මේ සේවයින්ගේ රැකියාව තවත් නරක අතට හැරෙනවා. නීතියක් ලෙස මෙවැනි අපරාධ ස්තානයක් සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට කම්කරුවන්ට දින කිහිපයක් ගත වෙන අතර අපරාධ ස්තානය විශාලයි නම් ඊටත් වඩා කාලයක් ගත වෙනවා.

9. මදුරු පරීක්ෂකයින්.


මැලේරියා රෝගයට එරෙහිව සටන් කිරීමට නම් විද්යාඥයින් මැලේරියා මදුරුවන්ගේ පුරුදු අධ්‍යනය කල යුතුයි. බ්‍රසීල විද්යාඥයින් මේ සදහා මදුරු පරික්ෂක වරුන්ගේ අත්, “මානව ඇමක්” ලෙස යොදා ගන්නවා.

ආර්ක්ටික් ප්‍රදේශයේ රැකියා..

 

Leave a comment

Your email address will not be published.