ඔබේ ඇඳුම් ඉක්මනින් වේලා ගැනීමට භාවිතා කළහැකි උපක්‍රම කිහිපයක් මෙන්න - Nonimi

ඔබේ ඇඳුම් ඉක්මනින් වේලා ගැනීමට භාවිතා කළහැකි උපක්‍රම කිහිපයක් මෙන්න

වැසි දිනවලදී හිරු එළිය නොලැබීම නිසා අපිට අපගේ ඇඳුම් වේලා ගැනීම බොහෝ අපහසු වෙනවා.ඉතින් එසේ අසීරුතාවයන් මඟහරවා ගනිමින් ඔබේ ඇඳුම් පහසුවෙන් වේලා ගත හැකි ක්‍රම කිහිපයකුයි අද අපි ඔබට කියන්න යන්නේ.

1. තෙත ඇඳුම් තුවායක ඔතන්න.

ඇඳුම්වල ඇති අතිරික්ත ජලය අවශෝෂණය කර ගැනීමට තුවායක් භාවිතා කිරීම ඉක්මනින් වියළීමට උපකාරී වේ. ඔබ කළ යුත්තේ තෙත් ඇඳුම තුවාය මත තබා එය තදින් රෝල් කිරීමයි.

2. තුවායක් සහ අයන් එක භාවිතා කරමින්.

ඔබ තෙත ඇඳුම්  අයන් කිරීමට යන ආකාරයටම රෙදි මදින පුවරුව මත තබන්න, නමුත් තුනී තුවායක් උඩින් තබන්න. එවිට ඔබට ඇඳුම පහසුවෙන් අයන් කර වියළා ගත හැකිය.

3. තෙත ඇඳුම් වාතයට ගොඩක් නිරාවරණය කරන්න.

හැකිතාක් වාතය ලැබෙන පරිදි ඔබේ ඇඳුම් නිරාවරණය කරන්න, ඒවා ඉක්මනින් වියළීමට හැකි වන පරිදි එකිනෙක වෙන් වෙන්ව තබන්න

4.‍හෙයා ඩ්‍රයරයක් භාවිතයෙන්

තෙත ඇඳුම් එල්ලා පසුව හෙයා ඩ්‍රයර් එකේ සුළං ඇඳුම වෙතට  එල්ල කිරීමෙන් ඇඳුම වේලාගත හැකිය

5. ඇඳුම් හොඳට ගසාදමන්න

ඇඳුම සෝදා ඉවර වූ පසු කිහිපවරක් ඇඳුම හොඳින් ගසාදමන්න

6. ඒවා ප්‍රමාණයේ පිළිවෙලට එල්ලා තබන්න.

ඔබ ඒවා ප්‍රමාණයේ පිළිවෙලට එල්ලා තැබුවහොත්, ඇඳුම් ඉක්මනින් වියළී යනු ඇත, පළමුව කුඩා ඒවා එල්ලා තබන්න, එවිට වාතය ප්‍රමාණයෙන් විශාල ඇඳුම් වලටද ලබා ගත හැකිය.

7. ඔබේ කලිසම් කනපිට හරවන්න.

කලිසම් ආදිය බර ඇඳුම් වේ, එබැවින් ඒවා සේදීමෙන් පසු ඒවා කනපිට හරවන්න,

Leave a Reply