ඔබේ කන් ඔබ ගැන හෙළි කරන කරුණු

අපගේ සිරුරේ යම් යම් නිශ්චිත ස්ථාන සහ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් අතර ස්නායුමය සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ නිසා අපගේ සිරුරේ බාහිරින් පිහිටන කන් දෙක දෙස බැලීමෙන් අපට අපගේ සෞඛ්‍ය ගැන අදහසක් ලබාගන්නත්, ඉදිරියේ ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු හඳුනා ගන්නත් පුළුවන්. ඒ නිසා මනුෂ්‍ය ශ්‍රවණ ඉන්ද්‍රිය ගැන අපූරු කරුණු කිහිපයකුත්, ඔබ සහ ඔබේ සෞඛ්‍ය ගැන කන් දෙකෙන් දැන ගන්නේ කොහොමද කියලත් අපි මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්න හිතුවා.

01.කන් වලින් අප ගැන හෙළි වෙන්නේ මොනවාද?

එය හඳුනා ගැනීමේ සලකුණක් ලෙස භාවිතා කරන්න පුලුවන්. අපි උපත ලබන විට අපේ කන් සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලයි තිබෙන්නේ. පසුකාලීනව කනේ ඉහළ කොටස තරමක් පහලට නැමුණත්, වර්ධනය වීමේදී කන් වෙනස් වෙන්නේ නැහැ. මේ නිසා ඇඟිලි සලකුණක් ආකාරයටම අපිට කන් දෙක පුද්ගලයකු හඳුනා ගැනීමේ සලකුණක් ලෙස භාවිතා කරන්න පුළුවන්.

ඔබේ කන් වලින්, ඒවා නිර්මාණයට දායක වුණේ ප්‍රමුඛ ජානයක්ද නිලීන ජානයක්ද කියලා හඳුනාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බැඳුණු කන්පෙති (කන් පෙත්තේ පහළ කොටස සෘජුවම හිසට සම්බන්ධ වන) නිලීන ලක්ෂණයයි. නිදහස් කන්පෙති (කන් පෙත්තේ පහළ කොටස හිසට සම්බන්ධ නොවී පවතින) ප්‍රමුඛ ලක්ෂණයයි.

ඔබේ කන් පෙත්තේ විකර්ණ නැම්මක් (Diagonal earlobe crease) පවතිනවා නම් ඔබ කිරීටක ධමනි රෝගවලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

ඔබේ කන් අතිශයින් සුදුමැලි පාටයි නම් ඒ ඔබගේ සිරුරේ විටමින් සහ කැල්සියම් ඌනතාවක් තිබෙන නිසයි.

ඔබේ කන් නිතරම රතු වෙලා නම් තිබෙන්නේ ඔබේ වකුගඩු වල ගැටලුවක් එයින් පෙන්නුම් කරනවා.

ඔබේ කන් තද රතු පැහැයකින් දිස් වෙනවා නම් එයින් අදහස් වන්නේ මතකය නැති වීම, නිතර හිසේ කැක්කුම් ඇතිවීම සහ මොළයේ අක්‍රමිකතා පිළිබඳවයි.

කනේ ඇති කාටිලේජයෙහි ප්‍රධාහ තත්ත්වයන්, රිලැප්සිංග් පොලිකොන්ඩ්‍රයිටිස් (Relapsing polychondritis) නම් රෝගයෙහි නිශ්චිත රෝග ලක්ෂණයක්.

02.කන සම්බන්ධ තෙරපුම් ක්‍රම.

ආතතිය සහ වේදනාව දුරු කරගැනීම සඳහා කන සම්බන්ධ තෙරපුම් ක්‍රම, අත් කකුල් වල නිශ්චිත ස්ථාන තෙරපීම තරම්ම ප්‍රතිඵලදායකයි. පේශි හා අස්ථි පද්ධතිය ඇතුළුව සිරුරේ ඉන්ද්‍රියයන් ගණනාවක් සමග සම්බන්ධ වන චීන කටු චිකිත්සක ලක්ෂ්‍ය, 200ක් පමණ අපේ කනෙහි පිහිටා තිබෙනවා.

එවැනි ස්ථාන තෙරපීම මගින් කායික හා මානසික වශයෙන් බොහෝ සෞඛ්‍ය ගැටලුවලට විසඳුමක් ලබාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නොඉපදුනු දරුවකු බ්‍රූණ ඉරියව්වෙන් සිටින විට තිබෙන පෙනුම, කනෙහි තෙරපුම් ස්ථාන පෙන්වන සටහනට සමානයි.

එවන් තෙරපුම් ස්ථාන පෙන්වන සිතියම් සටහනක් ආධාරයෙන් හිසේ කැක්කුම වැනි සුළු අසනීප තත්ව සුව කර ගැනීමට ඔබට සම්බාහන ක්‍රම ඉගෙන ගන්න පුළුවන්. නමුත් බරපතළ රෝග තත්ත්ව සඳහා මෙම තෙරපුම් ක්‍රමය යොදා ගන්නවා නම් ඔබ ඒ සඳහා වන විශේෂඥයකු වෙත යොමුවිය යුතුයි.

අප රූප සටහනේ පෙන්වන ස්ථාන වලට කුඩා කලම්ප යෙදීමෙන් ඒ අංක වලින් නිරූපණය කරන ස්ථානවල සුළු වේදනාවන් සමනය කරගැනීමට පුළුවන්.

1පිට සහ උරහිස.

2ඉන්ද්‍රියයන්.

3සන්ධි.

4නාසයේ මස් දළු සහ උගුර.

5ආහාර ජීර්ණය.

6හිස හා හදවත.

Check Also

ඔබ වැඩිපුර සිනාසෙන විට සිදුවන දේවල්

අපි සිනාසෙන විට, අපට ක්ෂණිකව වෙනස් හැඟීමක් දැනෙන්නට පටන් ගනී, අමුතු ආකාරයකින්, අපගේ මුහුණ සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *