ඔබේ ජංගම දුරකතනයෙත් මේ Apps වර්ග 10 තියෙනවානම් අදම ඉවත් කරගන්න
දැනටමත් Google Play Store වෙතින් මිලියන ගණනක් බාගත කර ඇති භයානක Apps ෙබාහොමයක් ගැන ආරක්ෂක විශේෂඥයින් Android පරිශීලකයින්ට අනතුරු අඟවා ඇත. 2020 සිට, ‘Harly’ ලෙස නම් කර ඇති Malware මෘදුකාංග ප්‍රභේදයක් සහිත Android යෙදුම් 190 කට අධික සංඛ්‍යාවක මෙම Malware එක හමුවී ඇති බවටයි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ. එමඟින් ඔබට නොදැනුවත්වම ඔබව මිල අධික Subscribe සැලසුම් හරහා Register කරවා ඔබගේ මුදල් සොරකම් කිරීමට පවා හැකියාවක් මේවාට ඇත.
ප්‍රකට antivirus සමාගමක් වන කැස්පර්ස්කි විසින් මුලින්ම මෙය සොයා ගන්නා ලද අතර, එය තවත් කුප්‍රකට ඇන්ඩ්‍රොයිඩ් Malware මෘදුකාංගයක් වන ජෝකර් සමඟ ඇති සමානකම් හේතුවෙන් එය Harly ලෙස නම් කර ඇත.
Batman කොමික් කියවන ඕනෑම කෙනෙකුට මෙම නම් හුරුපුරුදු වන අතර, ඒවායේ චරිත මෙන්ම මේවාද සමාන වන නිසා මෙම නම් ලබාදී ඇත.Harly malware හට Android භාවිතා කරන්නන්ට නොදැනුවත්වම මිල අධික Subscribe සේවාවන් වෙත Register කිරීමට හැකියාව ඇත.
මෙය සිදු කරනු ලබන්නේ රහසිගතව කෙටි පණිවුඩ ආරක්ෂණ කේතයන් ලබා ගැනීමෙනි.
එය ඔබේ දුරකතනයට පැමිණි පසු, ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට ඔවුන්ගේ අනුදැනුමකින් තොරව Subscribe සේවා සඳහා ලියාපදිංචි කරවීමට මේවාට හැක.Harly හට දුරකථන ඇමතුම් හරහාද ඒවා verify කරවීමේ හැකියාව ඇත, එසේම මෙය සිදුවී ඇති බව වින්දිතයෙකුට නොතේරෙන බවට වග බලා ගැනීමටද ඒවා උත්සුක වෙයි.
මෙම භයානක යෙදුම් Google Play Store වෙත රිංගා ගැනීමට සමත් වූ ආකාරය ගැන Kaspersky මෙසේ පැහැදිළි කර ඇත “2020 සිට Harly යෙදුම සහිත Apps 190 කට වඩා Google Play හි සොයාගෙන ඇත. මෙම යෙදුම් බාගත කිරීම් සංඛ්‍යාව ගතහොත් එය ඇස්තමේන්තු වශයෙන් මිලියන 4.8 කි. නමුත් සැබෑ අගය ඊටත් වඩා වැඩි විය හැක.
“Jocker Trojans මෙන්, Harly පවුලේ Trojans නීත්‍යානුකූල Apps අනුකරණය කරයි. එසේ නම් එය ක්‍රියා කරන්නේ කෙසේද? මුලින්ම වංචාකරුවන් Google Play වෙතින් සාමාන්‍ය Apps බාගත කර, ඒවාට මෙම Harly malware එක ඇතුළත් කර, පසුව වෙනත් නමකින් Google Play වෙත උඩුගත කරයි. එබැවින් පරිශීලකයින්ට තර්ජනයක් ගැන සැක කිරීමට පවා නොහැකිය.”
Kaspersky විසින් Android භාවිතා කරන්නන් විසින් සොයා බැලිය යුතු Play Store Apps ගණනාවක් ඉස්මතු කරන ඇත, මේවායින් සමහර ඒවා සිය දහස් වාරයක් බාගත කර ඇත.
පහත යෙදුම් සියල්ල Play Store වෙතින් ඉවත් කර ඇති අතර, ඔබ ඒවා කලින් ස්ථාපනය කර ඇත්නම් ඒවා ඔබගේ දුරකතනයෙන් ඉවත් කිරීමට වග බලා ගන්න…
Pony Camera – Over 500,000 downloads
Live Wallpaper&Themes Launcher – Over 100,000 downloads
Action Launcher & Wallpapers – Over 100,000 downloads
Color Call – Over 100,000 downloads
Good Launcher – Over 100,000 downloads
Mondy Widgets – Over 100,000 downloads
Funcalls-Voice Changer – Over 100,000 downloads
Eva Launcher – Over 100,000 downloads
Newlook Launcher – Over 100,000 downloads
Pixel Screen Wallpaper – Over 100,000 downloads