ඔබේ ජංගම දුරකතනයේ තිරයේ ඇති සීරුම් පාරවල් යවාගන්න මේ උපදෙස් ටික පිළිපදින්න

මෑත කාලය වෙනකොට ජංගම දුරකථනය අපේ ජීවිත වල වැදගත්ම කොටසක් වෙලා තියනවා. එච්චරටම වැදගත් දුරකථනය කොයි තරම් හොදට පාවිච්චි කලත් එහි තිරය මත සීරීම් ඇත් වීමට සාමාන්‍යයෙන් හැමෝටම මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ ගැන කනස්සල්ලට පත් වෙන්න දෙයක් නැහැ. මෙන්න තියනවා ඒකට ගෙදරදිම ඔයාටම කරන්න පුලුවන් සරළ විසදුම් කිහිපයක්.

1. දන්තාලේප ඕන වෙන්නේ දත් මදින්නම විතරක් නෙමෙයි.

දන්තාලේප වලින් ජංගම තිරයටත් ලස්සන සිනහවක් ගේන්න පුලුවන්. කරන්න තියෙන්නෙ කපු මතුපිටකට දන්තාලේප ස්වල්පයක් අරගෙන තිරයේ තියෙන සීරුනු පැල්ලම් ඉවත් වෙනකම්ම හොදින් පිරිමැදිමයි.

 

2. Auto Detailing පවා ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.

වාහන වල සීරිම් ඉවත් කරන්න මේකට පුලුවන් නම් ජංගම තිරය මතත් පුලුවන් වෙයි. උත්සාහ කරලා බලන්න.

3. සමහර කෑම පිසීමට ගන්න තෙලුත් භාවිතා කරන්න පුලුවන්.

 

කෑම පිසීමට ගන්න තෙල් ඉතාම සිහින් බිදිති ආකාරයට දුරකථන තිරය මත විසුරුවලා රෙදි කඩකින් හොදින් පිරිමදින්න. සීරීම් අතුරුදහන් වෙලා යයි.‍

4. පෙට්‍රෝලියම් ජෙල්

පෙට්‍රෝලියම් ජෙල් වලට ඔයාගේ සමේ ඉරිතැලීම් පහසුවෙන් ඉවත් කරන්න පුවන් නම් දුරකථන තිරය මතත් අනිවාරෙන් පුලුවන් වෙන්න ඕනේ. උත්සාහ කරලා බලන්න.

5. නැත්නම් මකලා දාන්න.

පැන්සල් ඉරි මැකීමට ගන්න මකනයකින් තිරය මත මැකීමෙන් සෙමින් එහි සීරීම් ඉවත්ව යන්න පුලුවන්.

6. විද්‍යාව ස්වල්පයක්.

බේකිං සෝඩා හා උණු වතුර මිශ්‍ර කර රෙදි කඩකින් තිරය පිරිසිදු වෙන තුරු හොදින් පිරිමදින්න.

Leave a Reply