ඔබේ යටි සිත තුළ සැඟවී ඇති දේ සොයා ගන්න

අප කොතරම් හොඳට අපි ගැන දන්නවා කියා සිතාගෙන සිටියද ඇත්තටම ඒක එහෙම නෙමෙයි.අපේ යටි සිතේ ගැඹුරේම ඇති දේ අප කිසි විටෙකත් නොදැන ඉන්න අවස්ථා බොහොමයක්ම තිබිය හැකියි.එසේම අපි උත්සාහ කළත් මියෙන තුරාවටම අපේ සියලු සැඟවුණු ගති ලක්ෂණ හඳුනා ගැනීමට අපිට නොහැකි වන්නටද පුළුවන්.ඒ නිසාම ඔබට ඔබේ යටි සිත ගැන යම් තරමක හෝ අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි අද මෙම සරල මනෝ විද්‍යාත්මක පරීක්ෂණය ඔබ වෙත ඉදිරිපත් කරනවා.ඔබට කරන්නට ඇත්තේ දී ඇති සංකේත අතුරෙන් ඔබේ සිත යන සංකේතය තෝරාගෙන ඊට අදාලව අපි පවසන කරුණු ගැන අවබෝධයක් ලබා ගැනීමයි.

1. හදවත

ඔබේ සිත ඇද ගත්තේ හදවතෙහි සංකේතය නම් ඔබ විරුද්ධ පාර්ශ්වය විසින් ප්‍රිය කරන චරිතයකි.ඔබ මනඃකල්පිත ලෝකයක ජීවත් වීමට කැමති අතර සත්‍ය ආදරයක් ගැන සිහින් දකියි.එසේම යම් යම් අවස්ථා වලදී ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමේදී ඔබ දුර්වලතාවයක් පෙන්නුම් කරයි.ඔබ සිතන්නේ ඔබ මුවින් නොපැවසුවද ඔබේ සිතේ තියෙනා දෙය අන් අය විසින් අනුමාන කරනු ඇතැයි කියාය.එනිසාම ඔබ ඔබේ අදහස් ප්‍රකාශ නොකර සිටීම හේතුවෙන් යම් විටෙක තනිකමක්ද,කනස්සල්ලටද පත් වන අවස්ථා ඇති වීමට පුළුවන්ය.

2.කුසලානය

ඔබ කැමතිම කුසලානයේ සංකේතයට නම් ඔබ අධිෂ්ටානශීලී අයෙකි.බලය හා සාර්ථකත්වය ඔබේ අරමුණු ලෙස ඔබ සලකයි.ඔබ තරඟකාරී අයෙකු වෙන අතර ජයග්‍රහණය පසුපස හඹා යයි.නමුත් ඔබේ ඇති දුර්වලතාවය වනුයේ,ඔබ පරාජයට අකමැති අතර ඔබ පරාජයට පත් වුවහොත් ඔබ දොස් පවරන්නේ අනුන්ටය.ඔබේ වරද ,දුර්වලකම හඳුනා ගැනීමට උත්සහ කරන්නේ නැත.ඔබ උත්සහවන්ත වගේම ආඩම්බර අයෙකි.

3.කඳුළු බින්දුව

ඔබේ සිත ආකර්ෂණය වුයේ මෙම සංකේතයට නම් එය තරමක ඍණාත්මක බවක් පෙන්වයි.එනම් ඔබේ පසුගාමී ඍණාත්මක හැඟීම්,කම්පනය ආදී ලක්ෂණ මින් පෙන්නුම් කරයි.ඔබ දුකෙන් ,පාලුවෙන් කාන්සියෙන් ඉන්නා කෙනෙකු වීමට බොහෝ දුරට ඉඩ ඇත.සමහර විට ඔබට තනිකමක් දැනෙන අතර ඔබේ ගැටලුවලට ඇහුම්කන් දීමට සමීප පුද්ගලයෙකු නොසිටිනු ඇත.මේ නිසාම ඔබේ මානසික පීඩනය වැඩි වීමටද ඉඩ ඇත.ඔබේ මෙම මානසික ව්‍යාකුලතා හේතුවෙන් මිනිසුන් සමඟ කටයුතු කිරීමේදී ඔබ ගැටළු ඇති කර ගන්නා අවස්ථාද එමටය.

4.කුරුල්ලා

ඔබේ සිත ගත්තේ කුරුල්ලාගේ රූපය නම් ඔබ නිදහස ප්‍රිය කරන අයෙකි.ගැටළු වලින් නිදහස් වීමට හා ඒවායින් ඉවත්ව සැහැල්ලුවෙන් ජීවත් වීමට ඔබ කැමතියි.එසේම ඔබ බාධක ජය ගනිමින් ඉදිරියට යන අයෙකි.සාමකාමී වගේම වගකීමකින් තොරව සැහැල්ලුවෙන් ජීවත් වීමට සිහින දකිනා ඔබ විනෝදකාමී අයෙකි.

5.වැලි ඔරලෝසුව (HOURGLASS)

මෙය ඔබේ කැමැත්ත නම් ඉන් කියා පාන්නේ ඔබ අනාගතයට ඇති බිය හා වේදනාකාරී අතීත මතකයන් ගැනය.ඔබ අතීත සිදුවීම් මත නතර විය යුතු නැත.ඒවා අමතක කර වර්තමානය කෙරෙහි ඔබ අවධානය යොමු කල යුතුමය.ඉතින් යම් යම් දේ තුල ඔබ මෙසේ සිරවී නොසිට ඉදිරිය ගැන සිතීමට යොමු වුවහොත් ඔබ සාර්ථක වනු ඇත.

6.සමනලයා

ඔබේ කැමැත්ත හිමි වුයේ මෙම සංකේතයට නම් ඔබ ලස්සන හා මිල අධික දේ වලට කැමතියි.ඔබ සුඛෝපබෝගී ජීවිතයක් ගත කිරීමට සිහින දකියි.ඔබේ වර්තමාන ආර්ථික මුල්‍ය තත්වය කුමක් වුවත් ඔබේ සිහිනය යථාර්තයක් කර ගැනීම සඳහා වෙනස් වීමට ඔබ සුදානම්ය.ඒ වෙනුවෙන් ඔබ මහන්සි වී වැඩ කරයි.යම් යම් අවස්ථා වල ඔබේ ධෛර්යය ගිලිහෙන අවස්ථාද ඇති නමුත් ඔබ නිර්මාණශීලි අයෙකි.

7.ප්‍රහේලිකාව

ඔබට ජීවිතය තනිවම සාර්ථක කර ගැනීමට අවශ්‍ය නමුත් ඒ සඳහා ඔබ අසමත්ය.ඔබ කිසි විටෙක තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳා දීමට නොයයි.ඊට හේතුව වන්නේ ඔබ සිතන්නේ අනුන්ට වඩා ප්‍රශ්න ඔබට ඇති බවයි.ඔබට සාමකාමී ජීවිතයක් අවශ්‍යයි.නමුත් ඔබේ සිතුම් පැතුම් මතිමතාන්තර මීට බාධාවක් වේ.ඉතින් ඔබ සතුව ඇති දෙයින් ඔබට සෑහීමට පත් වෙන්නට පුළුවන් වුනොත් ඔබේ ජීවිතය මීට වඩා සුන්දර වනු ඇත.

8.යතුර

ඔබේ කැමැත්ත වුයේ යතුරේ සංකේතයට නම් ඔබට ජීවිතයේ එක දොරක් වැසුණු විට තවත් දොරක් හැරීමට නව බලාපොරොත්තුවක් විවර වනු ඇත.එසේම ඔබ යම් රහසක් සඟවාගෙන සිටින අයකු වීමටද බොහෝ දුරට ඉඩ ඇත.ඔබ කිසිම විටෙක ඔබ කවුරුන්ද යන වග හා ඔබට හැඟෙන දේ පිළිබඳව ලෝකයට කියාපාන්නට යන්නේ නැත.එසේ වුවද ඔබ සැම විටම ජීවිතයේ නව මාවතක් සොයාගෙන යන අයෙකි.

Check Also

දිනකට කජු මද 4ක්

කජු ඇට එහි රසය සහ පැහැදිළි හැඩය සඳහා ප්‍රසිද්ධය. අප බොහෝ දෙනා ඒවා අපගේ ආහාරයට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *