ඔබේ ලේ වර්ගය ඔබ ගැන හෙළි කරන දේවල් - Nonimi

ඔබේ ලේ වර්ගය ඔබ ගැන හෙළි කරන දේවල්

අපි හැමෝගේම සිරුරේ රතු රුධිරය ගලා ගියත් කවදහරි දවසක ඔබට හිතිලා තියෙනවද ලේ වර්ගයේ සහ පෞරුෂය අතර මොනවගේ සම්බන්ධයක් තියෙනවද කියලා. හෙළ රහස් තුළින් කතා කරන්න සූදානම් වෙන්නේ ඔබේ ලේ වර්ගය අනුව ඔබේ පෞරුෂය පිළිබඳ හෙලිවන රහස් ගැන. පුද්ගලයකුගේ පෞරුෂත්වය තීරණය කිරීමේදී රුධිරය ගණය ගැන සැලකිලිමත්වීම බොහෝ රටවල ප්‍රචලිත කාරණයක් නොවුනත් එය ජපානය වැනි රටවල මුල් බැස ගත් විශ්වාසයක් වෙලා තියෙනවා.

එරට සේවායෝජකයන්ට ඔවුන්ගේ අනාගත සේවකයන් තක්සේරු කිරීමට අලෙවි කරන සමාගම් වලට සහ වෙනත් සමාගම් වල ගණුදෙනු කටයුතු සඳහා සේවකයින් තෝරා ගැනීමේදී රුධිර වර්ගය ගැන ඔවුන් සැලකිලිමත් කමක් දක්වන බව ඔබ විශ්වාස කරනවාද? ඇතැම් අය නම් පවසන්නේ එය එතරම් විද්‍යාත්මක පදනමක් නොවන බවයි. කොහොම උනත් ඔබ ඔබේ ලේ වර්ගය ගැන දන්නවාද? මිනිස් වර්ගයාගේ රුධිරය වර්ග හතරක් තියෙනවා. A, B, AB හා O වශයෙන්.

රුධිර ගණය A නම්,

A වර්ගයට අයත් රුධිරය ඇති අය බොහෝ විට සෑම කුඩා දෙයක් පිළිබඳවම වුණත් සැලකිලිමත් වන අතර මුරණ්ඩු ගති පැවතුම්වලින් යුක්ත වෙනවා. ඒ වගේම ඉතාම සංවේදී අය වන අතර සෑම දෙයක්ම නිවැරදිව කිරීමට කැමැත්තක් දක්වනවා. නිතරම හැම දෙයක් පිළිබඳව පමණට වඩා සිතා සිත්තැවුලට පත්වන ස්වරූපයක් ඔවුන්ගේ දක්නට ලැබෙනවා.

නිදසුනක් විදියට ඔවුන් ආචාරධර්ම මෙන්ම සමාජ ප්‍රමිතීන් ගැනද සැලකිලිමත් වෙනවා. එසේම ආචාරධර්ම හෝ නියම කර ඇති සමාජ ප්‍රමිතීන් හෝ නීති රීති කඩ කිරීමට ඔවුන් කිසිවිටෙකත් කැමති වන්නේ නැහැ. තීරණ ගැනීමේදී සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් වැය කරමින් පරිස්සමින් තීරණ ගැනීමට මේ පිරිස පෙළඹෙනවා. ජෝර්ජ් බුෂ්, ඇඩොල්ෆ් හිට්ලර්, බ්‍රිට්නි ස්පියර්ස් යන අය A රුධිර වර්ගය අයත් ප්‍රසිද්ධ පුද්ගලයන් වෙනවා.

රුධිර ගණය B නම්,

B රුධිර වර්ගය ඇති පුද්ගලයන් නිර්මාණශීලීත්වයට ප්‍රසිද්ධියක් උසුලනවා. ඉතා ඉක්මනින් තීන්දු තීරණ ගන්නා අතර යම් දෙයකට අවධානය යොමු කරන විට සියල්ලම එය තුළට දමනු ලබන අතර ඉලක්ක අත් කරගැනීමට නොහැකි වුවද ඔවුන් එය අත හරින්න සූදානම් වන්නේ නැහැ. මොවුන් තරමක් ආත්මාර්ථකාමී ස්වභාවයකින් යුක්ත වන අතර සෑම දෙයක් පිළිබඳව සැකයෙන් බැලීමට යොමු වෙනවා. B රුධිර වර්ගය අයත් අය ක්‍රියාශීලී පුද්ගලයන් වෙනවා. ධනාත්මක පෞරුෂත්ව ලක්ෂණයන්ගෙන් යුත් මොවුන් ශක්තිමත් පුද්ගලයන් ලෙස සැලකෙනවා.

AB රුධිර ගණය නම්,

බී රුධිර ගණය කියන්නේ A හා B පෞරුෂත්ව වල එකතුවක් ලෙස සැලකෙනවා. මේ මිනිසුන් සංකීර්ණ හා ද්විත්ව පෞරුෂයන්ගෙන් හෙබි අය ලෙස සලකන අතර ඔවුන්ගේ සැබෑ පෞරුෂයන් ආගන්තුකයන්ගෙන් වහන් කරසිටිනවා. මොවුන් කාර්යක්ශම හා තද ගති පැවතුම් වලින් ද සමන්විත වෙනවා. සෑම දෙයක් පිළිබඳව පරීක්ෂාකාරී ව කටයුතු කිරීමට සමත් අයවලුන් වෙනවා. ජනප්‍රිය සහ ආකර්ශනීය පුද්ගලයන් වන මොවුන් විනෝදජනක මිතුරන් වෙනවා.

රුධිර ගණය O නම්,

O වර්ගයේ අයවලුන් බොහෝ විට තනිව නැගී සිටීමට උත්සාහ දරනවා. නිතරම ත්‍යාගශීලී ඕනෑම අවස්ථාවකට හුරැවී කටයුතු කිරීමට ඔවුන්ට හැකියාව තියෙනවා. ඕනෑම දෙයක් සටන් කර ජය ගැනීමට මොවුන් සමත් වෙනවා. සාමාන්‍යයෙන් තමන්ටම උසස් ප්‍රමිතීන් සකස් කරගන්නා අතර ඒවා සාක්ෂාත් කරගැනීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දරනවා. විශිෂ්ට නායකත්ව හැකියාවන්ගෙන් යුක්ත මොවුන් කුඩා දේවල් ගැන තැකීමක් නොකරන අතර අවංක පුද්ගලයන් වන අතර බොරුවක් පවසන්න හෝ සත්‍ය සඟවන මිනිසුන්ට වෛර කරනවා.

 

මෙම රුධිර ගණය ඇති පුද්ගලයන් කුඩා විස්තර ගැන ඕනෑවට වඩා සැලකිලිමත් වෙන්නේ නැති නිසා ඇතැම් අවස්ථාවන් වල A රුධිර කාණ්ඩය සහිත අධික සංවේදී පුද්ගලයන්ට මොවුන් ආත්මාර්ථකාමී පුද්ගලයන් ලෙස පෙනෙන්න පුළුවන්. රුධිර ගණය O වර්ගයට අයත් ප්‍රසිද්ධ පුද්ගලයන් වන්නේ දෙවන එලිසබත් රැජින පෝල් නිව්මන් සහ රොනල්ඩ් රේගන් වැනි පුද්ගලයන්. රුධිර ගණ අනුව මින් හෙළි වන ලක්ෂණ ඇත්තද යන්න ඔබම සොයා බලන්න. එකිනෙකාගේ ගති පැවතුම් මත රුධිර ගණය අනුමානය කිරීමට හැකිවේදැයි උත්සහ කර බලන්න

Leave a Reply