ඔබේ සිත තෝරාගත් යතුර කුමක්ද?

කෙනෙක්ව යම් දෙයක් තෝරා ගැනීම සඳහා පොළඹවන්නේ ඔහුගේ යටි සිතයි. ඉතින් මේ ආකාරයට යටි සිත ඔබව තෝරා ගැනීමට පොළඹවන දේ අනුව එක් එක් පුද්ගලයාගේ ගති ලක්ෂණ, පෞරුෂ ලක්ෂණ, දුර්වලතා ආදී බොහොමයක් දේ කියැවෙනවා. පහත රූපයෙන් කැමති යතුරක් තෝරාගෙන එයින් ඔබ ගැන කියවෙන දේ සොයා බලන්න.

01. ඔබ තෝරාගත්තේ පළමු යතුර නම් ඔබ තෝරාගෙන තියෙන්නෙ කිසිදු ආටෝපයක්, සැරසිල්ලක් හෝ කැටයමක් නැති ඉතාම සරල යතුරයි. ඒ සරල බව කෙසේ වෙතත් බොහෝ දොරවල් විවෘත කරගත හැකිවන්නේ මේ යතුර මගිනි. ඔබ තෝරා ගත්තේ මේ යතුර නම් එයින් හැඟවෙන්නේ ඔබ ඕනෑම දෙයක් ගැන හොඳ දැනීමක් තිබෙන, ඉතාමත් තාර්කික සහ ශක්තිමත් මනසකින් හෙබි පුද්ගලයෙකු බවයි. කෙසේ නමුත් ජීවිතයේ ඔබ මෘදු හෝ දුර්වල වන අවස්ථා නැතුවාම නොවේ.

02. ඔබ තෝරා ගත්තේ ඉතාම ආකර්ශනීය යතුරක්. එයින් හැඟවෙන්නේ ඔබ ඉතාම හොඳ පරිකල්පන ශක්තියකින් සහ අලුත් අදහස් වලින් පිරිපුන් ශක්තිමත් පුද්ගලයෙකු බවයි. මේ ශක්තිමත් බව ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඉක්මනින් ලබා ගැනීම සඳහා ඔබ භාවිතා කරනවා. ඔබ ප්‍රතිපත්ති වලින් හෝ පොරොන්දු වලින් බැඳී සිටීමට එතරම් කැමති නැති ස්වාධීන පුද්ගලයෙකු වෙනවා. ඔබගේ ශක්තීන් බවට පත් වන්නේත් එම ස්වාධීන බවමයි.

03. තෙවැනි යතුර තරමක් දුර්ලභ ගණයේ යතුරක්. එවන් යතුරක් තෝරා ගන්නා කෙනෙකු තමන් ගැන ඉතාම හොඳ ආත්ම විශ්වාසයකින් පසුවන කෙනෙක්. මෙම යතුර දෙස හොඳින් බැලූ විට ඔබට පෙනේවි එහි යතුරු කටට ඇතුළු කරන කොටස ඉතාමත් සියුම් සහ සංකීර්ණ කැටයම් වලින් යුක්ත බව. මෙවන් යතුරකින් යම් නිශ්චිත දොරක්‌ ඇරගත හැකිදැයි ඇත්තේ සැකයක්. ඉතින් එවන් සංකීර්ණ යතුරක් තෝරා ගන්නා කෙනෙකු ඉතා සංකීර්ණ, තීරණාත්මක එහෙත් ආකර්ෂණීය අදහස් වලින් පිරිපුන් කෙනෙක්. දෙවරක් නොසිතා අභියෝග බාර ගන්න කැමති ඔබ හැමවිටම ඔබේ ජීවිතය ඔහේ ගලා ගෙන යන්නට නොදී යම්කිසි පාලනයකින් පවත්වාගන්නට දන්නවා.

04. සිව්වන යතුර තෝරා ගන්නා පුද්ගලයන්ගේ ජීවිතය ඉතාම විනෝදයෙන් හා පහසුවෙන් ගෙවන අතර ඔවුන් ඉතාම ධනාත්මක ලෙස සිතන පතන සහ ක්‍රියා කළ පුද්ගලයන්. නමුත් ඔබේ මේ අධික ධනාත්මක බව, නොදැනුවත්වම ඔබව කරදරයක් වෙත ගෙන යා හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

05. පස්වන යතුර සුරංගනා කතා වල දොරවල් සඳහා යොදා ගන්නා ආකාරයේ ඉතාමත් සංකීර්ණ සහ සියුම් කැටයම් සහිත අලංකාර යතුරක්. මේ යතුර තෝරාගන්නා පුද්ගලයන් හොඳ පරිකල්පන හැකියාවකින් යුත්, දීප්තිමත් අදහස් සහිත, ඉතාම දුර්ලභ ගණයේ අව්‍යාජ පෞරුෂත්වයක් සහිත පුද්ගලයන්. නමුත් ඔබගේ මෙම අසාමාන්‍ය පෞරුෂත්වය ඇතැම් පුද්ගලයන් විසින් වැරදියට වටහා ගන්නා නිසා හෝ අන් පුද්ගලයන් නිසි ආකාරයෙන් භාර නොගැනීම නිසා පිරිසක් අතර දී ඔබව කොන් වීමක් වැනි හැඟීමක් ඔබට දැනීමට හැකියි.

06. හයවන යතුර ඕනෑම තැනක දැකගත හැකි ආකාරයේ අතිශයින්ම සාමාන්‍ය යතුරක්. එය තෝරා ගන්නා පුද්ගලයන් තාර්කික බවකින් සහ හොඳ අවබෝධයකින් යුතු පුද්ගලයන්. ඔබට ඕනෑම දෙයක් කෙරෙහි අවධානය රඳවා ගැනීමේ හොඳ හැකියාවක් තිබෙන අතර සාමාන්‍යයෙන් ඔබට පහසුවක් දැනෙන ක්‍රියාවන් හැරුණුකොට අභියෝගයන් හෝ අවදානම් භාර ගැනීමට එතරම් කැමති පුද්ගලයෙක් නොවේ. ඔබ බොහෝවිට අවංක විශ්වාසවන්ත පුද්ගලයෙක් වන අතර ඔබ අවට සිටින පුද්ගලයන්ගෙන්ද එවැනිම පක්ෂපාතිත්වයක් බලාපොරොත්තු වෙනවා.

Check Also

ඔබ වැඩිපුර සිනාසෙන විට සිදුවන දේවල්

අපි සිනාසෙන විට, අපට ක්ෂණිකව වෙනස් හැඟීමක් දැනෙන්නට පටන් ගනී, අමුතු ආකාරයකින්, අපගේ මුහුණ සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *