ඔබ උපන් මාසයට අදාළ පක්ෂියා

සැම මාසයකටම යම් පක්ෂියෙකු ඇති අතර එක එක මාසයට අදාල පක්ෂියා වෙනස්ය.ඉතින් අප ඉපදුන මාසයට අදාළ පක්ෂියා මගින් හෙළි වන අපගේ පෞරුෂ්‍යත්ව ගුණාංග මොනවාදැයි අපි අද සොයා බලමු.ඔබ උපන් මාසය,

1.ජනවාරි මාසය (බකමුණා )-

ඔබ තර්ක විතර්ක කරන්නේ කලාතුරකිනි.තර්ක කරනවා වෙනුවට යම් ගැටළුවක් ඇති වූ විට එය විසඳීමට ඵලදායි ක්‍රමයක් සොයා ගන්න ඔබ කැමතියි.කිසිම විටක තර්ක විතර්ක වලට නොගියට ඔබ වෙනුවෙන්, ඔබේ නම්බුව වෙනුවෙන් ඉදිරිපත් වීමට ඔබ කැමතියි.එසේම ඔබ නිවැරදියි කියා දන්නේ නම් ඔබ කිසිම විටෙක ඔබේ තීරණය වෙනස් නොකරයි.එසේම ඔබ තීරණයක් වෙනස් කරනවා නම් ඒ පිළිගත හැකි හේතුවක් ඇත්නම් පමණි.

2.පෙබරවාරි මාසය (ඉන්ඩිගෝ බන්ටින්ග් )-ඔබ කිසි විටෙකත් අඳුරු චරිතයක් ලෙස නම් කළ නොහැකියි.එනම් ඔබ දීප්තිමත් අයෙකි.අධ්‍යාත්මික නැඹුරුවක් දක්වන අයෙකි.නිර්මාණශීලි කලාත්මක හැකියාවන්ගෙන් ඔබ පරිපුර්ණයි.ඔබේ ආදරණියයන්ද ඔබ සමඟ නිතරම රැඳෙමින් ඔබව දිරිමත් කරයි.

3.මාර්තු මාසය (රොබින්)-ඔබට ඔබ ගැන විශ්වාසයි.ඔබ විවෘත පුද්ගලයෙකි.දුෂ්කර කාලයන් හමුවේ ඔබ නොසැලේ.සැමවිටම ඔබේ හදවතට එකඟව කටයුතු කරන ඔබ විශ්වාසයෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන අයෙකි.

4.අප්‍රේල් මාසය (විල්සන්ස් වොර්බ්ලර්)-ඔබ කරුණාවන්ත අයෙකි.ඒ වගේම ත්‍යාගශීලියි.නමුත් හැඟීම් වලට වහල් වීම ඔබව දුකට පත් කරයි.එනිසා සිහියෙන් නුවනින් ජීවත් වෙන්න.පමණට වඩා සංවේදී නොවන්න.

5.මැයි මාසය(නයිටින්ගේල්)-ඔබ ඉතා ප්‍රියමනාප පුද්ගලයෙකි.ඔබගේ ඉදිරියට එන,ඔබට හමුවන සෑම පුද්ගලයෙකුගේම ජීවිතය ආලෝකමත් කිරීමට ඔබට හැකියි.ධනාත්මක ලෙස සුභවාදීව ජීවිතය දකින ඔබ සැමවිටම සතුටින් කාලය ගත කරන අතර ඔබේ සතුට දකින අයට විටෙක ඔබ ගැන ඊර්ෂ්‍යාවක් දැනෙන අවස්ථාද නැතුවා නොවේ.එනමුත් සැමකෙනාටම ඔබේ පිළිතුර වන්නේ දීප්තිමත් සිනහවකි.

6.ජූනි මාසය(ඩෝව්)-ඔබ අවංක පුද්ගලයෙකි.කෙතරම් බාධක ඔබ හමුවට ආවත් ඔබ නොසැලී ඉදිරියට යයි.ඔබ කිසිම විටෙක තව කෙනෙකුව අනුකරණය නොකරයි.ඔබ කාගෙවත් හොඳ නම ගැනීම සඳහා බොරු කියා කිසි විටෙක තව කෙනෙකු මුලා කරන්නේ නැත.පාඩුවේ තමන්ගේ ගමන යයි.

7.ජූලි මාසය(රාජාලියා)-ඔබට විශ්වාස කරන්නටත් නොහැකි තරම් ශක්තිමත් අධිෂ්ටාන ශක්තියක් හා ධෛර්යයක් ඇත.ඔබ කිසි විටෙක අන් අයව පහත හෙලා උසස් අයෙකු වීමට උත්සහ නොකරයි.ඔබ සත්‍යවාදී වගේම තියුණු බුද්ධියක් ඇති අයෙකි.

8.අගෝස්තු මාසය(කිංග්ෆිෂර් ) ඔබ වඩාත් මිත්‍රශීලී වේ.නව පුද්ගලයන් ,මිතුරන් හමුවීමෙන් ඔබ යම් සතුටක් ලබනවා සේම ඔවුන්ද ඔබ සමග කාලය ගත කිරීමෙන් සතුටක් ලබයි.ඔබ ගොඩාක් ත්‍යාගශීලී කෙනෙක්.උදව් අවශ්‍ය ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක උදව් උපකාර කිරීමට තරම් ඔබ කරුණාවන්තයි.

9.සැප්තැම්බර්(උකුස්සා)-ඔබ විලාසිතා වලට ප්‍රිය නොකරයි.තමාට ආවේනික ලෙස හදවතට එකඟව කටයුතු කරයි.ඔබ කිසි විටෙක වැරද්දක් කර ඉන් බේරීමට බොරුවක් නොකියයි.සැමවිටම සත්‍යට ගරු කරයි.ඔබේ මෙම සත්‍යවාදී අවංක ඍජු ගතිගුණ නිසාම මිනිසුන් ඔබට ගරු කරයි.එසේම ඔබ සැම කෙනෙක්ටම එක සමානව සලකයි.

10.ඔක්තෝබර්(හංසයා)-ඔබ සුන්දර පුද්ගලයෙක්.ඒ වගේම ලස්සනයි.ඔබ අව්‍යාජ පුද්ගලයෙකි.ඍජු ගති පැවතුම් ඇති ඔබ විවෘත පුද්ගලයෙකි.ඇති තැන එකක්ද නැති තැන තවත් එකක්ද නොකියන ඔබ ආගම දහමට අනුව ජීවත් වෙන යහපත් අයෙකි.

11.නොවැම්බර්(කෙස්ට්‍රල්)-ඔබ යහපත් පුද්ගලයෙකි.ඕනෑම කෙනෙකුගේ හොඳම මිතුරා වීමට ඔබ ඉහලින්ම සුදුසු වේ.ඔබ සැම විටම අන් අයව වරදින් මුදවයි.නිවැරදි මාවතට යොමු කරයි.සැම විටම ඔබ මිතුරන් වෙනුවෙන් පෙනී සිටියි.ඔබේ දියුණුවට මෙන්ම යම් විටෙක බාධාවක් වන්නේද ඔබේ මිතුරන්ය.

12.දෙසැම්බර්(කපුටන්)-ඔබ සාධාරණ හා විවෘත මනසකින් යුතු පුද්ගලයෙකි.ඔබ කිසිම විටෙක තව කෙනෙකුට බාධාවක් නොකරයි.ඔබේ පාඩුවේ ජීවත් වෙන යහපත් නිහතමානී චරිතයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *