ඔබ කැමතිම කෝපි කෝප්පය තෝරන්ගන්න

කෝපි කෝප්පයක් කියන්නේ තවත් එක රූපයක් පමණයි.හැබැයි කව්රුහරි අපිට එක එක ජාතියේ කෝපි වර්ග තියෙන කෝපි කෝප්ප දුන්නොත් අපි තෝරාගන්නේ අපිට කැමති කෝපි කෝප්පය.එහෙම නේද?මොකද ඒ තමයි අපේ හිතේ තියෙන කැමැත්ත.අන්න ඒ වගේ තමයි මෙතන තියෙන්නේ කෝපි කෝප්ප ටිකක් වුණාට ඒවා එක එක ආකාරයේ කෝපි කෝප්ප.ඉතින් මම කැමති කෝපි කෝප්පය නෙවෙයි ඔබේ කැමත්ත.

ඔබේ කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්.නමුත් එක දෙයක් නම් ස්ථිරයි.ඒ තමයි අපේ හිත යම් රූපයකට ආකර්ෂණය වෙන්නේ ඒ අපේ සිතුවිලි ,සිතුම් පැතුම් ,ගතිගුණ අනුවයි.ඒවාට අනුරූපව තමයි අපේ කැමැත්ත තීරණය වෙන්නේ.සාමාන්‍යයෙන් පෞරුශ්‍යත්වය කියල කියන්නෙත් මේ ටිකටම තමයි.

ඒ කියන්නේ අප කවුරුන්ද කියා ලෝකයට කියා පාන අපේ හැසිරීම්,තේරීම්,ආකල්ප සමුහයකට තමයි සරලව කිව්වොත් පෞරුශ්‍යත්වය කියලා අපි අදහස් කරන්නේ.ඒ හින්දම තමයි මනෝ විද්‍යාත්මක පරීක්ෂණ බොහොමයක්ම අපේ තේරීම් මත පදනම් වෙන්නේ.ඉතින් රූපයේ ඇති ඔබේ සිත ආකර්ෂණය වෙන කෝපි කෝප්පය තෝරාගන්න.එහි අංකය අනුව ගොස් ඔබ ගැන කියවෙන දෑ සත්‍ය දැයි බලන්න.මෙම සරල පරීක්ෂණය කර විනෝද වෙන්න.

කෝපි කෝප්පය අංක 1

ඔබේ තේරීම මෙය නම් ඉන් කියවෙන්නේ ඔබ සමාජයේ වගකීම් දැරිය හැකි පුද්ගලයෙකු බවයි.ඔබ සෑම දෙයක් ගැනම සැලකිලිමත්.ඒ වගේම වගකීමෙන් වැඩ කරන පුද්ගලයෙක්.ඔබ නායකත්ව ගුණාංග වලින් යුතු වගේම මානුෂිය හදවතක් ඇති අයෙක්.ඔබේ ඉලක්කය වන්නේ මිනිසුන්ට උදවු කිරීමයි.එසේම ඔබ ඔබේ අරමුණු ඉලක්කයන් ජය ගන්නා සේම අන් අයටද තම ඉලක්ක වෙත ගමන් කිරීමට ශක්තියක් වෙයි.ඔබේ උපදෙස් ඔවදන් ඔබ අවට සිටිනා අයටද ඉතාම වටින්නේය.

කෝපි කෝප්පය අංක 2

ඔබ තෝරාගත්තේ අංක 2 කෝපි කෝප්පය නම් ඔබ කුරුල්ලෙකු මෙන්ය.එනම් ඔබ ඉපදුනේ නිදහසේය.ඔබ කැමතිද නිදහසේ ජීවත් වන්නටය.ඔබට ඒකාකාරී දිවියක් ගත කරන්නට කොහොමටවත්ම නොහැකිය.එකම පුද්ගලයන්ගේ ඇසුරේ සිටීම ඔබ අකමැතිම දෙයකි.කෙසේ නමුදු ඔබ ගොඩාක් අධිෂ්ටානශීලි අයෙක්.එනිසා නිකරුනේ ඔබේ ශක්තිය අපතේ නොහරින්න.ඔබට අවශ්‍ය සෑම දෙයක්ම කිරීමට ඔබට පැය 24ක්ද මදි තරම්ය.ඔබ එතරම්ම අසාමාන්‍ය හැකියාවන්ගෙන් පිරි අයෙකි.එනිසා හැකිය්වට දක්ෂතාවයට වටිනාකමක් දෙන්න උත්සහ කරන්න.

කෝපි කෝප්පය අංක 3

ඔබේ තේරීම මෙය නම් ඔබ ඔබේ අතීතය මත්තෙම ජීවත් වෙන්නෙකි.ඔබ වර්තමානයේ ජීවත් වෙන්නේ නැති තරම්ය.ඒ ඔබ ඔබේ අතීත මතකයන් සමඟ සම්බන්ධව ඇති නිසාය.මේ නිසා ඔබට වර්තමානයේ ඇති සතුට මඟ හැරේ.මේ නිසාම ඔබ වර්තමානය වගේම අනාගතයද දකින්නේ අතීතයේ සිර වී සිටිමිනි.මෙය ඔබගේ සතුට ජීවිතයෙන් බොහෝ ඈතට ගෙන යන අවස්ථාද ඇත.ඒ නිසා අතීතය මතකයකට පමණක්ම සීමා කර වර්තමානය දෙස සුබවාදීව බැලීමට ඔබ ඉගෙන ගත යුතුයි.එවිට ඔබේ සතුට ඔබව සොයාගෙන එනු ඇත.

කෝපි කෝප්පය අංක 4

ඔබ, ඔබ ගැන හිතන පුද්ගලයෙකි.ඔබේ සෞඛ්‍යය ,ඔබේ නිරෝගීකම ඔබට අන් සෑම දෙයකටම වඩා වැදගත්ය.ඔබ කිසි විටෙක ඔබේ අදහස් සමාජයට ප්‍රකාශ කිරීමට නොයයි.නමුත් ඔබ ඔබ වටා සිදු වෙන සෑම දෙයක් දෙසම විමසිලිමත් ඇසින් බලා සිටියි.සමාජයට හිතකර පුද්ගලයෙකු ලෙස ජීවත් වෙන ඔබට ඕනෑම දුෂ්කර අවස්ථාවක වුවද ඊට අනුකුලව හැඩගැසිය හැකිය.

කෝපි කෝප්පය අංක 5

ඔබ තෝරාගත්තේ මෙම කෝපි කෝප්පය නම් ඔබ විනිවිද භාවයකින් යුතු අයෙකි.ඔබ කියන දේ කරන කරන දේ කියන සත්‍යවාදී පුද්ගලයෙකි.එසේම අසම්න්ය සහජ දක්ෂතා ,කුසලතා වලින් යුතු ඔබ තම හැකියාවන් ගැන දන්නා අතර කිසි විටෙක තම හැකියාවන් තමන්ව අසාර්ථක නොකරන බව දනියි.එසේ වුවද ඔබට ඔබේ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වීම ඔබේ ඇති දුර්වලකමකි.ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේදීද පසුගාමී වෙන ඔබ මෙම දුර්වලතා නිවැරදි කර ගතහොත් ජීවිතයේ සාර්ථක වෙනු ඇත.ඔබේ ආත්ම ශක්තිය වර්ධනය වෙනු ඇත.

කෝපි කෝප්පය අංක 6

ඔබ මිත්‍රශීලි අයෙකි.ඔබ දවසින් දවස නැවුම් බලාපොරොත්තු වලින් ජීවිතය ආරම්භ කරන නව දේවල් සොයා ගැනීමට කැමති පුද්ගලයෙකි.ඔබ ජීවිතයට ආදරය කරන සුබවාදීව ලෝකය දකින අයෙකි.අනාගතය කෙසේ වේ දැයි ඔබ සිහින් නොදකින මුත් ඒ ඒ අවස්ථාවට අනුව,කාලයට අනුව තම ජීවිතය හැඩගස්වා ගැනීමට ඔබට හැකිය.

Check Also

උදෑසන ආහාර වේලට චොකලට්

ඔබ අතුරුපස හෝ චොකලට් කෑමට නොගන්නේ නම් , ඔබට බොහෝ දේවල් මග හැරෙනු ඇත. පුරාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *