ඔබ කැමතිම මැජික් පොත තෝරන්න

මෙම මැජික් පොත් තුන දෙස බලන්න.ඒවායේ ඔබ නොදන්නා බොහෝ දේවල් සැඟවී ඇත.ඔබ තෝරාගන්නේ කුමක්ද ඒ තුල ඔබේ තතු සැඟවී ඇත.අපි හැමෝම කැමතියිනේ අපේ අනාගතය සාර්ථක කරගන්නේ කොහොමද කියලා දැනගන්න.එහෙම නම් මෙන්න එයට හොඳම අවස්ථාව..ඉතින් උත්සහ කර බලන්න.ඔබ කැමතිම මැජික් පොත ඇසුරින් ඔබේ අනාගත ඉලක්කයන් ඔබ සපුරා ගන්නේ කෙසේ දැයි සොයා බලන්න.

මැජික් පොත් අංක 1

ඔබ ඔබේම අභිමතයන් මත වැඩ කරන කෙනෙක්.ඔබට ජීවිතයේ යම් වැදගත් සාරධර්ම ,මුලධර්ම මග හැරී ඇත.එසේම ඔබේ යම් යම් ඇබ්බැහිවීම්,සමහර සම්බන්දතා ඔබට අතහැරීමට නොහැකියි වගේම මේ නිසා ඔබ ජීවිතයේදී යම් යම් ගැටළු වලට මැදි විය හැකියි .එනිසා ඔබ ජීවිතය සාර්ථක කර ගන්න නම් ඔබේ ආරම්භයට එනම් මුල් කාලයට .ඔබේ ආරම්භයට නැවත යාමට තරම් ඔබ නිහතමානී වගේම පරිණත කෙනෙක් නම් ඔබට ඔබේ ජීවිතයේ අතපසුවීම් නැවත හමු වෙනු ඇත.ඒවා නිවැරදි කරගෙන ජීවිතයේ ඉදිරියටම යා හැකිය.ඔබේ මනස,අධ්‍යාත්මය වගේම හදවත තුනම හා සම්බන්ද වී තීරණ ගන්න.එසේ කිරීමෙන් ඔබේ ජීවිතය සාර්ථක වෙනු ඇත.

මැජික් පොත් අංක 2

ඔබ තෝරාගත්තේ දෙවන මැජික් පොත නම් ඔබ ඔබේ ජීවිතයේ නිමැවුම්කරුවා විය යුතුයි.ජීවිතයේ වඩාත්ම වැදගත් තීරණ ගත යුත්තේ ඔබ විසින්මයි.ඔබ ඔබේ ජීවිතයේ වගකීම ගත යුතුයි. නමුත් ඔබේ මේ වගකීමට ඔබගේ ජීවිතයේ සැහැල්ලුව ,නිදහස නැති කරන්න ඉඩ නොදිය යුතුයි.ගැටළුවක් ඇති වූ විට එයට සරිලන නිවැරදි පිළිතුර සොයා ගැනීමට ඔබ ඔබටම ඉඩ දෙන්න.බාහිර බලපෑම් වලට ඔබගේ ගමන් නතර කිරීමට ඉඩ නොදිය යුතුයි.ඔබට කල හැකි හොඳම දෙය මෙයයි.ප්‍රථමයෙන්ම ඔබගේ සිත සන්සුන් කරන්න. සන්සුන්ව ඔබගේ හදවතට,ආත්මයට සවන් දෙන්න.ඔබේම ප්‍රතිභාව සොයා ගන්න.එවිට ඔබගේ ජීවිතයේ සියළු ගැටළු වලට විසඳුම් ලැබෙනු ඇත.නමුත් ඔබ සබඳතා වලදී තරමක් ප්‍රවේසම් වෙන්න. ඔබට මුල් තැන දෙන්න.ඔබේ දියුණුව ගැන සිතන්න.ඔබේ දිවි ගමනට බාධා කරන නොමිනිසුන්ගෙන් ඈත් වී ධෛර්යයෙන් ජීවිතය ජය ගන්න.

මැජික් පොත් අංක 3

ඔබේ ජීවිතය සාර්ථක වෙන්නට නම් ඔබ ඔබේ ජීවිතය ඒකාකාරී ලෙස ගත නොකළ යුතුයි.ඔබේ සතුට ඔබට ලබා දෙන නව විනෝදාංශ වලට ,නව නිපැයුම් කිරීමට නව දේවල් සොයා ගැනීමට ඔබ යොමු විය යුතුයි.බිය,අවිනිශ්චිතතාවය ,අනාරක්ෂිත බව ආදී ඔබේ සිතේ ඍණාත්මක සිතුවිලි ඇති කරන යථාර්තයෙන් ඔබ ඈත් විය යුතුයි.මන්ද එය ඔබගේ මානසික සතුට සැහැල්ලුව ඔබගේ ජීවිතයෙන් ගොඩාක් දුරකට ගෙන යන නිසාය.එනිසා ඔබ සැමවිටම සුබවාදී වෙන්න.ධනාත්මක සිතුවිලි ඇති කරගන්න.අභියෝග වලට මුහුණ දීමට ධෛර්යය ඇති කරගන්න.සැහැල්ලුවෙන් සතුටෙන් ජීවිතය ජය ගැනීම ඔබේ දියුණුවේ රහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *