ඔබ කැමති වර්ණය ඔබේ පෞරුෂය ගැන හෙළි කරන රහස් - Nonimi

ඔබ කැමති වර්ණය ඔබේ පෞරුෂය ගැන හෙළි කරන රහස්

වර්ණ එහෙම නැත්නම් පාට අපිට ලෝකයේ විවිධත්වය දකින්නට,තේරුම් ගන්නට උදව් කරනවා.ඒක හරියට මේ වගෙයි.හිතන්න.එක එක පාටවල් වෙනුවට අපිට තියෙන්නේ කළුයි සුදුයි පාට දෙක විතරයි කියලා.අපි ඉස්සර කාලේ කළු සුදු චිත්‍රපටියක් බලනකොට කොහොමද අපිට දැනෙන්නේ.ඊට වඩා ලස්සනක් වගේම පරිසරයේ සුන්දරත්වයක් අපිට අද කාලයේ වර්ණ චිත්‍රපටියක් ඇසුරින් දකින්නට පුළුවන් නේද.ඒ කළු සුදු වෙනුවට විවිධ වර්ණයෙන් අපි ලෝකය දකින නිසයි.අපිට ආස පාට තියෙන දර්ශන තලයට,පසුබිමට අපි ආකර්ෂණය වෙනවා.ඉතින් ඒ නිසයි මන් කිව්වේ පාට අපිට ලෝකයේ විවිධත්වය තේරුම් ගන්න උදව් කරනවා කියලා. ඒ වගේම තමයි අපි යාලුවෝ ටිකක් එකතු වෙලා තමන් කැමතිම පාට මොකක්ද කියලා එකිනෙකාගෙන් ඇසුවොත් හොඳම යාළුවන් වුවත් ඔවුන්ගේ ආසම පාට ඔබ ආස පාට නොවෙන්න පුළුවන්.

දහයක් ඉන්නව නම් දහ දෙනා කැමති පාටවල් 10ක් වෙන්න පුළුවන්.ඒක තීරණය වෙන්නේ ඒ ඒ කෙනාගේ චරිත ලක්ෂණ,සිතුම් පැතුම් ආකල්ප,පෞරුෂත්ව ගුණාංග වගේ ලක්ෂණ වල එකතුවකින්.ඉතින් ඒ නිසා කෙනෙක් තෝරාගන්න පාටින්,ඒ කියන්නේ වර්ණයෙන් ඒ කෙනාගේ ගති ලක්ෂණ යම් ප්‍රමාණයකට හඳුනා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා.සියයට සියයක්ම සත්‍ය නොවුවත් සැම කෙනෙකුටම යම් ප්‍රමාණයකින් එම ප්‍රතිපල සත්‍ය වීමට පුළුවන්.ඉතින් ඔබට එය සත්‍ය වේවිද?ඔබම බලන්න.ආසම පාට තෝරාගෙන ඒ අනුව ඔයා ගැන කියලා තියෙන දේවල් සත්‍යද කියා බලන්න.මෙම සරල පරීක්ෂණය කර විනෝද වෙන්න.

1.නිල්-

***********

නිල් යනු ජලයේ වර්ණයයි.අපිට ජීවත් වීමට ජලය අවශ්‍යයි.එනිසාම බොහෝ දෙනා ස්වභාවයෙන්ම නිල් පාටට ආශා කරයි.කෙසේ වෙතත් තමන් කැමතිම වර්ණය නිල් පැහැය වන පුද්ගලයින් සන්සුන්,ප්‍රසන්න පුද්ගලයින්ය.එසේම ඔවුන් තරමක් බැරෑරුම් ලෙස ජීවිතය ගැන සිතන අය වේ.

2.කොළ –

*************

කොළ යනු ජීවිතයේ වර්ණයයි.අප අවට පරිසරයේ,අපිට පරිභෝජනය කල හැකි බොහෝ ආහාර වල වර්ණය කොළ පැහැයයි.නිල් පාටට පසු ලෝකයේ බොහෝ දෙනා වැඩියෙන් කැමති වර්ණය වන්නේ කොළ පැහැයයි.කොළ පාටට කැමති අය සාමකාමිය.මොවුන්ද සන්සුන් පුද්ගලයින්ය.එසේම මොවුන්ගේ ඇසුර ලැබීම මගින් ඔබගේද සුරක්ෂිතතාවය තහවුරු වේ.

3.රතු –

*************

ඔබේ ප්‍රියතම වර්ණය රතු පැහැය නම් ඔබ සංවේදී පුද්ගලයෙකි.රතු බොහෝ විට ලිංගිකත්වය හා සම්බන්ධ .වර්ණයකි.එසේ පැවසීමට නිශ්චිත හේතුවක් නොමැත.නමුත් ඒ බොහෝ විට ශරීරය වෙහෙසවූ පසු අපගේ ශරීරයට ලැබෙන රෝස හෝ රතු පැහැය නිසා විය හැකිය.කෙසේ වුවත් රතු පැහැයට කැමති අය තරමක් ආක්‍රමණශීලි පුද්ගලයින් වේ.හිතුවක්කාර පුද්ගලයින් වන මොවුන් ශක්තිමත් සේම ස්ථිරසාර තීරණ ගන්නන් වේ.

4.කළු-

*************

සියලු වර්ණයන්හි තීන්ත එකට මිශ්‍ර කළොත් අපට කළු පැහැය ලැබෙන බව කුඩා දරුවෙකු වුවද දන්නවා.එනිසාම කළු පැහැයට කැමති අය බොහෝ විට අනෙක් අවර්නයන්ටද කැමැත්තක් දැක්විය හැකිය.සාමන්‍යයෙන් කළු පැහැයට කැමති පුද්ගලයින්ගේ පෞරුෂයද අද්නුරුය.එනම් ඔවුන් කනස්සල්ලෙන් ජීවත් වන කොට්ටාසයක් වේ.එසේම ඔවුන් දක්ෂයි.නමුත් සමාජ විරෝධී විය හැකිය.ශක්තිමත් වගේම දරුණු පුද්ගලයන්ද විය හැකිය.

5.තැඹිලි –

***************

තැඹිලි යනු අඩු ජනප්‍රියතාවක් ඇති වර්යණකි.ඒ තැඹිලි වර්ණයට කැමති අය අඩු බැවිනි.එනමුත් ඔබේ කැමතිම වර්ණය තැඹිලි පැහැය නම් ඔබට ඇත්තේ අන් අය අතර සුවිශේෂී අයෙකු වීමට කැමත්තක් දක්වන පෞරුෂයකි.මෙය ජවසම්පන්න බව පෙන්වන පැහැයකි.එයින් කියවෙන්නේ ඔබ ශාරීරිකව නිරෝගී ඒ වගේම විවෘතව කතා කරන ක්‍රියාශීලි පුද්ගලයෙකු බවයි.එසේම ඔබ සතුටින් සිටින අයෙක් වන අතර ඔබට අන් අය ආකර්ෂණය කරගන්නා පෞරුශ්‍යත්වයක් ඇත.

6.දම් –

**************

දම් පාටට කැමති අය ගෞරවාන්විත පුද්ගලයන් වේ.ඔවුන්ටම ආවේනික ජීවන රටාවකට අනුව මොවුන් දිවි ගෙවයි.එසේම ඔවුන් පිළිවෙලකට ක්‍රමානුකුලව වැඩ කරන පුද්ගලයින් වේ.නමුත් මොවුන් ශෝකජනක හෝ අසතුටට පත් වන යම් ජීවන කාල පරිච්චේදයන් ගත කර ඇත.එබැවින් තරමක් කනස්සලු ස්වභාවයකින් ජීවත් වේ.එසේම දම් පාට යනු පාළුව,කාංසාව හා අභ්‍යන්තර චිත්ත ස්වභාවය නිරුපනය කරන වර්ණයකි.එනිසාම මේ වර්ණයට කැමති පුද්ගලයින්ද එම චිත්ත ස්වරුපයන්ට හිමිකම් කියන අය වේ.

7.රෝස –

*************

රෝස පාටට කැමති අය මෘදු නමුත් සුපරික්ෂාකාරී පුද්ගලයින් වේ.මොවුන් ජවසම්පන්න ක්‍රියාශීලි පුද්ගලයින් වේ.වයසට ගියත් තරුණ ආකල්ප වලින් හා හැසිරීමෙන් යුතු මොවුන් සිත්ගන්නාසුළු පුද්ගලයින් වේ.

8.කහ –

*****************

කහ යනු දීප්තිමත් වර්ණයකි.ඔබේ ආසම වර්ණය කහ පාට නම් ඔබ ලැජ්ජාශීලී පුද්ගලයෙකු නොවන අතර සමාජශීලී අයෙකි.සතුටින් ජීවත්වන ඔබ මිත්‍රශීලි පුද්ගලයෙකි.එසේම ඔබ විනෝදකාමී ආකර්ශනීය පුද්ගලයෙකි.

9.දුඹුරු –

**************

දුඹුරු පැහැය මගින් කියන්නේ ඔබට පෘථිවියට සමාන පෞරුෂ්‍යත්ව ගුණාංග ඇති බවයි.මහා පොලොව සැමදෙයම දරා සිටින්නාක් මෙන් ඔබද ස්ථායිව මුල් බැස ඇති පුද්ගලයෙකි.එනම් ඔබ කිසිදෙයකින් කම්පා නොවේ.නොසැළී සිටියි.ඔබ කම්පා වුවොත් ඉතාමත් කලාතුරකින්ය.දරා ගැනීමේ ශක්තියෙන් යුතු පුද්ගලයෙකු වන ඔබ විශේෂයෙන්ම මානසික සතුට අතින් පොහොසත් සුව දිවියක් ගත කරන අයෙකි.

10.අළු –

******************

අළු පැහැය යනු මානසික අවපීඩනය හා සම්බන්ධ වර්ණයකි.ඔබේ කැමතිම වර්ණය අළු පැහැය නම්,ඔබ ඉතා පහසුවෙන් දුකට,කලකිරීමට පත් විය හැකි පුද්ගලයෙකි.ඔබ සෑම විටම ජීවත් වන්නේ අවිනිශ්චිතතාවයෙන්ය.ඔබට ඉදිරිය ගැන විශ්වාසයක් නැත.ඔබ ඔබේ අභ්‍යන්තරය සමඟම ගැටෙමින් තැවෙමින් ජීවත් වන අයෙකි. ඔබ බොහෝ දුරට කනස්සල්ලෙන් ජීවත් වෙන පුද්ගලයෙක් ලෙස සැලකිය හැකිය.

11.සුදු –

**************

ඔබේ කැමතිම වර්ණය සුදු පාට නම් ඔබ අධ්‍යාත්මික ජීවිතයට නැඹුරුවක් දක්වන හික්මුණු පුද්ගලයෙකි.ඔබ බොහෝ විට වෙනත් පුද්ගලයින්ගේ ඇසුර අපේක්ෂා කරන සැහැල්ලු හදවතකින් යුතු අයෙකි.සන්සුන් පුද්ගලයෙක් වන ඔබ මෘදු මොලොක් වගේම අවංක අයෙකි.

Leave a Reply