ඔබ කිවිසුම් යැවීමට පුරුදු වී ඇති ආකාරය ඔබ ගැන පවසන දේවල් මෙන්න
කිවිසුමක් පිට කිරීම සම්බන්ධයෙන් ලෝකයේ එක් එක් ජන කොට්ඨාස සහ රටවල් වලට ආවේණික වූ පැවතුම් තිබෙනවා. ශැන්ග්හයි නගරයේදී නාසය පිරිසිදු කිරීමට ප්‍රසිද්ධියේ සොටු සීරීම සාමාන්‍ය දෙයක් වුණත් එංගලන්තයේදී එය අනෙක් පුද්ගලයන් ඔබ දෙස හැරී බැලීමට කාරණයක් වෙනවා. අධ්‍යනයකට අනුව සෑම පුද්ගලයෙකුම තමන්ගේම ක්‍රමයකටයි කිවිසුම් පිට කරන්නේ. ඒ අනුව එක් එක් පුද්ගලයා ගැන බොහෝ දේවල් කියවෙනවා. පොදුවේ අප සෑම කෙනෙක්ම දැක ඇති පහත දැක්වෙන කිවිසුම් පිටකරන ආකාරයන්ගෙන් කුමන ක්‍රමය ඔබ අනුගමනය කරනවා දැයි විමසා බලන්න.
01. මහ හඬින් කිවිසුම් පිට කරන්නා.
ඇතැම් පුද්ගලයන් කුමන ස්ථානයක සිටියත් කිවිසුම පාලනය කර ගන්නවා වෙනුවට එය මහා හඬින් නිදහසේ රිසි පරිදි පිට කිරීමට කැමැත්තක් දක්වනවා. මෙවන් පුද්ගලයන් තමන්ගේ නිදහස අගයන හොඳ ආත්ම විශ්වාසයකින් යුතු සමාජශීලී පුද්ගලයන් ලෙස පිළිගැනෙනවා.
02. කිවිසුම පාලනය කරගන්නා.
ඇතැම් පුද්ගලයන් කිවිසුම් පිටකිරීමේදී තමා සිටින ස්ථානය සහ අවට සිටින පුද්ගලයන් ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ වගේම ඔවුන් කිවිසුම් මහා හඬින් පිට කිරීම වෙනුවට හඬ නොනැඟෙන සේ පිටකිරීමට හෝ ඉතාම අවම හඬක් නැගෙන සේ පිට කිරීමට වග බලා ගන්නවා. මෙවන් පුද්ගලයන් තරමක් ලැජ්ජාශීලී, එහෙත් ඉතාමත් ආචාරශීලී ගති පැවතුම් සහිත, සමාජයේ පිළිගැනීමට ලක් වන සහ නොවන දේවල් පිළිබඳ ඉතාම සැළකිලිමත් වන පුද්ගලයන් ලෙස සැලකෙනවා. සමාජයේ අනිත් පුද්ගලයන්ගේ මත හෝ විවේචන පිළිබඳව වඩා සංවේදී වන්නේත් මෙවන් පුද්ගලයන්.
03. කිවිසුම් පිට නොකරන්නා.
ඇතැම් පුද්ගලයන් ප්‍රසිද්ධියේ සොටු සීරීමට හෝ කිවිසුමක් පිටකිරීමට ලැජ්ජාවක්, බියක් හෝ අකමැත්තක් දක්වනවා. ඒ වෙනුවට ඔවුන් නිරන්තරයෙන් සොටු ඉහලට ඇදීම, නාසය පිස දැමීම, අපහසුවෙන් හඬ නැගෙන සේ හුස්ම ගැනීම ආදී අන් පුද්ගලයන්ට කරදරකාරී නුවමනා හැසිරීමක් පෙන්වනවා. මෙවන් පුද්ගලයන් ආත්ම විශ්වාසය අඩු, සමාජශීලි නොවන, තරමක හීනමානයෙන් පෙළෙන පුද්ගලයන්.
04. උවමනාවට වඩා කිවිසුම් පිට කරන්නා.
ඇතැම් පුද්ගලයන් ශාරීරිකව අවශ්‍ය වන ප්‍රමාණයටත් වඩා කිවිසුම් පිට කිරීමට කැමැත්තක් දක්වනවා. ඔවුන් එය විනෝදයක් කොට සලකන අතර එක පෙළට කිවිසුම් කිහිපයක්ම පිට කරනවා. ඔවුන් එය විනෝදයක් ලෙස හෝ අවධානය ලබා ගැනීමට කරන දෙයක් වුනත් අන් මිනිසුන්ට ඔවුන්ව පෙනෙන්නේ දුර්වල සෞඛ්‍ය ඇති, කැපී පෙනීමට දඟලන පුද්ගලයන් ලෙසයි.
05. කිවිසුම පිළිබඳ අතිශයින් කරදර වන්නා.
ඇතැම් පුද්ගලයන් කිවිසුමක් පිටකිරීමේදී හොඳින් නාසය කට වසා ගැනීමට නිතරම උත්සාහ කරන අතර කිවිසුමක් පිට කිරීමෙන් පසු හැකිතරම් නාසය පිස දමමින් පිරිසුදු කිරීමටත්, අතපය, මේසය ආදිය ලේන්සුවක් ආධාරයෙන් පිරිසිදු කර ගැනීමටත් ලොකු ප්‍රයත්නයක් දරනවා. මෙවැනි පුද්ගලයන් සමාජයේ අන් පුද්ගලයන්ගේ මත ගැන අතිශයින් වද වන සහ තමන්ගේ බාහිර ස්වරූපය පිළිබඳ අතිශයින් සැලකිල්ලක් දක්වන පුද්ගලයන්.