ඔබ තොරාගත් හැඩය පවසන රහස - Nonimi

ඔබ තොරාගත් හැඩය පවසන රහස

යාලුවොත් එක්ක බෙදාගන්න

අප හැමෝටම එකිනෙකාට අනුකුලව යම් ශක්ති ආකාරයක්,කම්පන ප්‍රභේදයක් ඇත.ඉතින් අප තුල විසිරිලා පවතින මෙම ශක්තිය හඳුනා ගැනීමට අපිට බොහෝවිට හැකියාවක් ලැබෙන්නේ නෑ.ඒකට හේතුව තමයි අපි ඒ දේවල් ගැන එතරම් තැකීමක් කරන්නේ නැති එක.ඉතින් මෙන්න මේ විදිහට ඔයා තුල සැඟවී ඇති ශක්තිය,කම්පන ආකාරය,ඔබේ මනෝභාවය ධනාත්මක ලෙස සුබවාදීව ඔබේ ජීවිතයට බලපාන ආකාරය ගැන ඔබට කියලා දෙන්න තමයි අද අපි සුදානම් වෙන්නේ.ඉතින් ඔබේ සිත වඩාත්ම ආකර්ෂණය වෙන යින් යැං හැඩය තෝරන්න.ඔබ සතුව ඇති ධනාත්මක සුබවාදී කම්පන ශක්තීන්,හැකියාවන් සිතුවිලි ගැන දැනගන්න.

ඔබ තෝරා ගත්තේ අංක 1 නම්-

ඔබ ලෝකයට වටිනා පුද්ගලයෙක්.අඳුරෙන් අඳුරට යන මිනිසුන්ව අන්ධකාරයෙන් මුදවා ආලෝකය කරා යොමු කිරීමට අවශ්‍ය ශක්තිය,හැකියාව ඔබට ඇත.ඔබ හිරු මෙන් දීප්තිමත් ඕනෑම තැනක පහසුවෙන්ම කැපී පෙනෙන පුද්ගලයෙකි.ඔබ ධෛර්යවන්ත වගේම නිර්මල හදවතක් ඇති අයෙක්.ඔබේ ඇසුරට ඕනෑම පුද්ගලයෙක් කැමතිය.මිනිසුන්ට ඔබව අවශ්‍යය.ඉතින් ඔබේ ධනාත්මක හැකියාව ඔබ සතු ශක්තිය උපයෝගී කරගෙන ඔබෙන් සෙවණ පතනා අයට පිහිටක් වෙන්න.

ඔබ තෝරා ගත්තේ අංක 2 නම්-

ඔබ සන්සුන් වගේම උත්සහවන්ත පුද්ගලයෙක්.ඔබට ලැබී ඇති ශක්තිය තමයි ඔබ අන් අයට ඔබව අවශ්‍ය වෙලාවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටියි.ඔබේ වැදගත් ලක්ෂණය වන්නේ ඔබ ඔවුන්ට උපකාර කරන්නේ ඔවුන්ගේම ශක්තිය හඳුනාගෙන ඔවුන්ගේ ගැටලුවෙන් පිටතට පැමිණීමටයි.ඔබ තුල යම් ශක්තියක් ධනාත්මක සුබවාදී කම්පන ආකාරයක්,ශක්ති ප්‍රභේදයක් ඇති සේම අන් පුද්ගලයන්ටද ඔවුන්ගේ අභ්‍යන්තරයේ මෙලෙස සැඟවුණු ශක්තියක් සුබවාදී මනසක් ඇති බව ඔබ විශ්වාස කරයි.

එනිසා ඔබ කරන්නේ ඔවුන්ට තමන්ගේ ශක්තිය හඳුනා ගන්න,තමාට තමන්වම හඳුනා ගන්න ඔවුන් හට උදව් කිරීමයි.ඔබ කලාතුරකින් අභියෝග වලින් පලා ගියත් බොහෝ විට ධෛර්යයෙන් ඒවාට මුහුණ දෙයි.ඔබේ ආදරණියයන්ට ඔබව අවශ්‍ය වූ සැම විටම ඔබ ඔවුන් වෙනුවෙන් සිටීම ගැන ඔබේ ආදරණියයන් ඔබට ආදරය කරයි.ගරු කරයි.ඉතින් ඔබේ මේ සුබවාදී ධනාත්මක සන්සුන් පැවැත්ම ඔබට ඕනෑම අභියෝගයක් හඳුනා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන බැවින් අභියෝග වලින් පලා නොයා ඒවා ජය ගැනීමට උත්සහ කරන්න

ඔබේ තේරීම අංක 3 නම්-

මෙම යින් යැං තෝරා ගැනීමෙන් අදහස් වෙන්නේ ඔබ තුල ඇති ආදරණීය බවයි.ඔබට පායන හිරුගේ රශ්මිය මෙන් මෘදු අව්‍යාජ සිනහවක් ඇත.ඔබ යන්නේ කොහෙද එතනට සතුට,ආදරය ඔබ රැගෙන යයි.එය තමයි ඔබ තුල ඇති වටිනාම ධනාත්මක කම්පනය,ඔබේ ශක්තිය.නාදුනන කෙනෙක් වුවත් ඔබ සමඟ පහසුවෙන් මිතුරු වෙයි.ඒ ඔබගේ සුහදශීලි මිත්‍රශීලි ආදරණිය බව නිසාය.ඔබේ ජීවිතයේ ආදර්ශ පාඨය වෙන්නේ නිදහස,ප්‍රීතිය ආදරය වේ.ඔබ සැමවිටම උත්සහ කරන්නේ ආදරය,කරුණාව ,දයාව පතුරවා හැරීමටයි.ඉතින් අද කාලයේ විෂම ලෝකයට අවශ්‍ය ඔබ වගේ ආදරණීය මිනිසුන්ය.එසේම ඔබ වගේ පුද්ගලයින් ලොවේ විරලය.

ඔබේ තේරීම අංක 4 නම්-

ඔබේ යින් යැං මගින් කියන්නේ ඔබේ ඇති මානුෂිය ,ලස්සන හදවතේ ශක්තිය ගැනයි.ඔබට ඔබ අවට ඇති ඕනෑම දෙයක සුන්දරත්වය,ලස්සන දැකීමට හැකි මනසක් ඇත.අන් අයට නොපෙනෙන සුන්දරත්වයක් පවා ඔබට සොයා ගත හැකිය.ලෝකයේ සැබෑ සුන්දරත්වය ගැන ඔබ ලෝකයට කියලා දෙයි.ඔබ තුල ඇති වටිනා ශක්තීන්,ධනාත්මක ආකල්පයන්,කම්පනයන් වන්නේ කරුණාව,අනුකම්පාව,සමගිය හා ඔබේ උසස් අවවාද අනුශාසනවන්ය.පායන තරු තුල බබලන හඳ තුල සදාකාලික සුන්දරත්වය,පරිසරයේ අපුර්වත්වය දැකීමට ඔබට හැකියි.එසේම ඔබ අන් අයට කරුණාව දයාව පතුරවයි.එකමුතුවෙන් සමගියෙන් ලෝකය ලස්සන කරයි.නිහඬව ලෝකයේ අපූර්වත්වය විඳ ගන්නා ඔබ ඔබේ නුවණැති අදහස්,අවවාද මගින් ඔබ වටා සිටින අයට සෙවනක් වෙයි.


යාලුවොත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *