ඔබ තෝරාගන්න හැඩය කුමක්ද

විද්‍යාඥයින් පවසන ආකාරයට යටි සිත හා පෞරෂය සමග ගොඩක් හොද සම්බන්ධයක් තියෙනවා.මොකද යටි සිත කියන්නේත් අපේ සිතුවිලි වලටමයි, පෞර්ෂය කියනනෙත් අපේ ශරිර භාෂාවට,සමහරුන්ට අපිව තේරුම් ගන්න පුලුවන් අපි හැසිරෙන විදියෙන්.ඒ වගේම තමයි තව කෙනෙක් සමග කතා බහකදි එයා ගැන අපේ හිතේ තියෙන හොද හෝ නරක අපේ වචන හරහා එලියට එනවා.

බලන්නකො, ඔයා මෙතන තියෙන හැඩයක් තෝරගෙන එතන තියෙන කරුණු ඔයාගේ සිතුවිලි වලට අනුව ඔයාගේ කැමැත්තද කියලා.මේකත් කියන්න ඕනි ඉතින්,මේක ලස්සන පරීක්ෂණයක් ඒ නිසා වැඩිය හිතන්න එපා.ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නැලුනේ නේ ද, ඔයාගේ පොඩි තීරනයකින් ගොඩක් දේවල් කියන්න පුලුවන් ,ඉතින් අපි බලමු ඒක ඇත්තක් ද කියලා නේද

01.රවුම් හැඩය

ඔයා නම් සිමාවකින් එහා තිරණ ගන්න කෙනෙක්,ඒ වගේම කාලය නාස්ති කරන්න කැමති කෙනෙක් නෙවෙයි ගොඩක් උත්සහවන්ත හා ඉක්මනින් වැඩ කටයුතු කරන්න කැමති කෙනෙක්, දෙයක් හැමොම අත අරිනකොට ඔයා එ දෙවල් වලට විසදුම් හොයන්න ගොඩක් දක්ෂයි, අනිත් අය වගේ නෙවෙයි කියවනවට වැඩිය කරලා පෙන්නන්න කැමති කෙනෙක් වගේම පිලිවෙලට වැඩ කරන පුද්ගලයෙක්.

02.පංචාස‍්‍රය

ඔයානම් හරිම සන්සුන් කෙනෙක්, හැබැයි කතා කරලා බේරෙන්න පුලුවන් කෙනෙකුත් නෙවෙයි,ඔයාගේ හැඟිම් අනිත් අය දකිනවටවත්, පෙන්නන්නවත් කැමති කෙනෙකුත් නෙවෙයි,අනිත් අයගේ හැගිම් තේරුම් අරගෙන කරයුතු කරන්න කැමති පුද්ගලයෙක්.

03. බහු අස‍්‍රය හැඩය

ඔයා නම් ඉතාමත් නිර්මාණශීලි අලුත් දේවල් වලට ඇලුම් කරන ජිවිතය උපරිමය අාදරයෙන් ගත කිරිමට කැමති සහා ඔයා අනිත් පුද්ගලයින් සමග කතා බහා කරලා දෙයක් දැන ගන්න කැමති කෙනෙක්.ඔයාට ඕනම කෙනෙක් සමග ඕනැම දෙයක් කතා කිරිමට හැකි දැනුම තියෙන පුද්ගලයෙක්.

04.තරුව

ඔයා තුල ස්භාවිකවම නායෙකයෙකුගේ ගති ලක්ෂණ තියෙන අයෙක්, ඔයා හැමවෙලෙම ඔයාටම අභියෝගයක් වෙන බැහැ කියලා හිතන්නෙ නැති ඔයා ඔයාට එන ඕනම ප්‍රශ්නයක් මොළෙන් කල්පනා කරලා විසඳ ගන්න පුලුවන් කෙනෙක්,ඔයා ඔයාවම පාලනය කරන්න දන්න කැමැත්තෙන් ඉන්න පුද්ගලයෙක්.

05.හදවත

ඔයා අසාමාන්‍ය හැකියාවක් තියෙන, එකට ඔයා ගොඩක් කැමති කෙනෙක්, ඔයා අනිත් අයට උදවු කරන්න කැමති ඒ අය ගැන සැලකිලිමත් වෙන ඕනම කෙනෙක්ට ඇහුම්කන් දෙන හොඳ විශ්වාසවන්ත මිතුරෙක්.

ඉතින් අපි ඔයාට කිවුවනේ මේක අපි විනෝදෙට කරන ලස්සන පරික්ෂණයක් කියලා නේද, මෙතන තියෙන දෙවල් ඔයාගේ තේරිම අනුව ගැලපෙනවා වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් ඉතින් ඔයාට වෙලාවක් තිබුනොත් අපිටත් කියන්න.ඔයාට ඒවා ඔයාගේ සිතුවිලි එක්ක ගැලපුනාද කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *