ඔබ වඩාත්ම ප්‍රිය කරන අතුරුපස ඔබ ගැන හෙළි කරන රහස් මෙන්න

ඉතින් ඔබ දැනටමත් ඔබේ තේරීම සිදු කර ඇත්නම් ඔබේ පෞරුෂය ගැන වැඩි විස්තර දැන ගැනීමට මෙය කියවන්න.ලැබෙන ප්‍රථිපලය නිසැකවම ඔබව පුදුමයට පත් කරනු ඇත.

1.කේක්

මෙම අතුරුපසට අනුව හැඟවෙන්නේ ඔබ තරමක් සංකීර්ණ පුද්ගලයෙකු බවයි.ඔබ ඔබේ සම්බන්දතා වලදී,යම් යම් යම් අවස්ථා වලදී එකවර බොහෝ හැඟීම් සමඟ ජීවත් වෙන එනම් එකවර ආකල්ප කිහිපයක් සමඟින් ගනුදෙනු කරන අයෙකි.නමුත් ජීවිතයේ සැම අවස්ථාවකම මෙය එතරම් ප්‍රයෝගික නැත.එනිසාම ඔබට සිතට,හදවතට,මනසට අනවශ්‍ය පීඩනයක් දැනෙන අවස්ථා එමටය.එසේම සමහර අවස්ථා වලදී ඔබ ඔබ තුලම ගැටුම් වලට මැදි වීමක් මෙමගින් සිදු වේ.ඒ කෙසේ වුවත් මෙම සැම අවස්ථාවකටම ,අභියෝගයකටම හොඳින් මුහුණ දීමට ඒවා ජයගැනීමට සහ ජීවිතය හැකි උපරිමයෙන් භුක්ති විඳීමට අවශ්‍ය නොසැලෙන ධෛර්යයක්,ශක්තියක් ඔබට ඇත.ඔබේ මෙම ගතිගුනයට ඔබ වටා සිටින පුද්ගලයින්ද ගරු කරන අතර ප්‍රසාදයට ඔබ ලක් වේ.ඉතින් ඔබ ගැන ආත්මවිශ්වාසය තව දුරටත් වර්ධනය කරගන්න උත්සහ කරන්න.එවිට ජීවිතය ඔබට මීට වඩා ඵලදායි වෙනු ඇත.

2.අයිස්ක්‍රීම්-

ඔබ ශුබවාදී අයෙකි.ජීවිතයේ සැම දෙයක් දෙසම ඔබ සුබවාදී ලෙස බලයි.කිසිම අවස්ථාවක ඍණාත්මක ආකල්ප ඇති කර නොගනියි.අද කෙසේ වුවත් හෙට එනම් අනාගතය වඩාත් යහපත් වෙනු ඇත යන බලාපොරොත්තුවෙන් ඔබ ජීවත් වේ.මේ නිසාම ඔබට ජීවිතයේ අභියෝගයකට ගැටලුවකට හොඳම විසඳුම ඕනෑම වෙලාවක ඔබ සතුව ඇත.ඔබේ හිතේ ඇති විශ්වාසය ඊට හේතුවයි.නමුත් ඔබේ මෙම සුබවාදී ස්වභාවයට බාහිර පුද්ගලයින් ‘ඔබේ බොළඳකම ‘කියා සිනහවට ලක් කළත් ඉන් ඔබ අධෛර්යයට පත් වෙන්නේ නැත.මන්ද ජීවිතයට මුහුණ දීමට ඇති සුබවාදීම ආකාරය මෙය බව දන්නා අතර ඔබේ මෙම යහපත් ආකල්ප පසු කලෙකදී ඔබට අවශ්‍ය මට්ටමට ඔබව සාර්ථකත්වය කරා රැගෙන යනු ඇත. මෙම යහපත් ජීවන දැක්ම සුබවාදී ආකල්ප කිසි විටෙක නැති කර නොගන්න.එය ඔබව සාර්ථකත්වයේ හිනිපෙත්තටම රැගෙන යනු ඇත.

3.කුකීස්-

ඔබ වඩාත්ම කැමති කුකීස් වලට නම් ඔබ අධ්‍යාත්මික ජීවිතයට ප්‍රබල ලෙස ලැදි අයෙක්ය .ඔබ ජීවිතය දෙස බලන්නේ බුද්ධියෙන්ය.නමුත් සමාජය භෞතික වස්තුන්ට ,ධනයට ,බලයට කෑදරය.එය ලෝක ස්වභාවයයි..ලෝකයේ ස්වභාවයට ඉඩ නොදී ඔබේ හදවතට අනුව ඔබ කැමති දැහැමි දිවි පෙවෙත ඔබ ගත කරන්න.සමාජයට හෝ භෞතික වස්තුන්ට ඔබේ අධ්‍යාත්මික ඒකාග්‍රතාව,සන්සුන්බව බිඳ දැමීමට ඉඩ නොදෙන්න.මිනිසුන් ඔබේ පෞරුෂය සරදමට ලක් කරන්නට පෙළඹිය හැකියි.නමුත් ජීවිතයේ වටිනාම වස්තුව වන්නේ ධනය,බලය,මිලමුදල් සැප සම්පත් නොවන බව ඔබ දන්නා අතර ජීවිතයේ සැබෑම වටිනාකම කුමක්ද කියාද ඔබ හොඳින්ම හඳුනයි.එනිසා අර්ථවත් ජීවිතයක් සඳහා ඔබේ සිතට එකඟව නිවැරදි මාර්ගයේ ඔබ ගමන් කරන්න.ලෝකයට ඔබව වෙනස් කිරීමට ඉඩනොදෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *