ඔබ වැඩියෙන්ම අපේක්ෂා කරන්නේ මොනවාද යන්න දැනගන්න

අපගේ හැසිරීම්, අප සිදුකරන ක්‍රියාකාරකම් මෙන්ම අප විසින් අවට ලෝකය දකින ආකාරය කෙරෙහි උපවිඥානයේ විශාල බලපෑමක් ඇත. ජීවිතයේ අප දෛනිකව නිරීක්ෂණය කරන, හැ‍ඟෙන, අත් දකින දේවල් සියල්ල අපගේ උපවිඥානික මනස විසින් තැන්පත් කරගනු ලබයි. ආදරය කෙරෙහි ඔබේ හැඟීම් වර්ධනය වන්නේත් එලෙසයි. නමුත්, ඔබේ මනසේ ප්‍රේමය සම්බන්ධව ගොඩනැගී තිබෙන අදහස් කොයි ස්වරූපයක් ගන්නේදැයි දැනගන්නේ කෙසේද?

අද දවසේදී අප සූදානම් වන්නේ මනෝවිද්‍යාත්මක උපක්‍රමයකින් ප්‍රේමය සම්බන්ධව ඔබේ මනස ගවේෂණය කිරීමටයි. පහත ඇති ඡායාරූප අතරින් ඔබ මුලින්ම දු‍ටු ඡායාව මඟින් ප්‍රේමය කෙරෙහි ඔබේ ඇති අදහස සහා හැඟීම නිරූපණය කෙරෙන බවයි මනෝවිද්‍යාඥයින් විසින් පවසන්නේ. බලන්න,මේ පරීක්ෂණය ඔබේ මනස ගැන පවසන්නේ මොනවාද කියා!

පින්තූරය 1 – ඔබ මුලින්ම දු‍ටු දේ කුමක්ද?

# පූසන් දෙදෙනා

ඔබ මුලින්ම දු‍ටුවේ පූසන් දෙදෙනාගේ රුව නම් ඔබ ඉතා අධිෂ්ඨානශීලී සහා සෘජු ලෙස කතා කරන පුද්ගලයෙක් යැයි පැවසිය හැකියි. ඔබේ ජීවිතය පදනම් වී ඇත්තේ සුන්දරත්වය, සෞභාග්‍යය, හාස්‍ය සහා ගුණධර්ම අතින් පොහොසත්බව යන ගුණාංග මතයි. ප්‍රේමයේදී ඔබ වඩාත් අගය කරනු ලබන්නේ ඉහත ගුණාංගයන් ය.ඇතැම් පුද්ගලයින් විසින් ඔබව ආත්මාර්ථකාමී අයෙකු ලෙස හැඳින්වුවත් ඔබ ඔබේ සත්‍ය ස්වරූපයට ඉතා කැමති පුද්ගලයෙකු වන අතර පිටස්තරයින් හට ඔබේ ජීවිතයේ පාලනය කිරීමට කිසිසේත් ඉඩලබා නොදෙන අයෙකි. ඇතැම් අවස්ථා වලදී ඔබ හේතු පැහැදිලි නොකරම හුදෙකලාව සිටීමට වඩාත් ප්‍රිය කරයි.

පෞරුෂත්වය :- ඔබ ඉතා ස්වාධීන සහා ස්වයං-පූරිත චරිතයකි.ජීවිතයේ කොතරම් පහළට වැ‍ටුණත්, ඒ සෑම අවස්ථාවකදීම තම දෙපයින් නැවත නැගී සිටින පුද්ගලයෙකි.
සම්බන්ධතා :- ඔබේ ස්වාධීනත්වය නිසා ඇතැම් අවස්ථා වලදී ඔබේ ප්‍රේම සම්බන්ධතාවයේ ගැටලු හටගනියි.දිගු කාලීන ප්‍රේම සම්බන්ධතා වලට යොමුවීම ඔබව අපහසුතාවයට පත් කරවන නිසා හැකිතාක් එවැනි සබඳතාවලින් මිදීමට තැත් කරයි.

# බල්ලා

ඔබ මුලින් දු‍ටුවේ බල්ලාගේ රුව නම්, ඉන් නිරූපණය වන්නේ ඔබ ඉතා සාමකාමී සහා යහපත් පුද්ගලයෙකු බවයි.ඔබ සත්‍යය ප්‍රේමය පිලිබඳ සංකල්පය දැඩිව විශ්වාසකරන අයෙක් වන අතර එය හමුවන තුරු දීර්ඝ කාලයක් වුවත් බලාසිටීමට සූදානම් අයෙකි.ඔබ ඉතා පක්ෂපාතී,වගකීම් සහගත,විශ්වාසවන්ත සහා සාමකාමී චරිතයකි. සත්‍යය ප්‍රේමය හමුවන තුරු ඒ වෙනුවෙන් අපේක්ෂාවෙන් සිටිය යුතු බව ඔබ විශ්වාස කරයි. ඔබ සෑම දෙයකම යහපත් පැත්ත දැකීමට උත්සාහ කරයි. පක්ෂපාතීත්වය සහා විශ්වාසනීයත්වය යන වචන ද්විත්වය ඔබව නිර්වචනය කරනු ලබයි.

පෞරුෂත්වය :- ඔබ ඉතා ආදරණීය, සෙනෙහෙවන්තව සහා සන්සුන් චරිතයකි.
සම්බන්ධතා :- ඔබට වඩාත්ම වටිනා දේ වන්නේ ඔබේ පවුලයි.ප්‍රේම සම්බන්ධතාවකදී ඔබ ප්‍රධාන වශයෙන්ම අපේක්ෂා කරන්නේ එකමුතුව සහා මිත්‍රශීලී බවයි. ඔබ සමඟ සිටින පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබිය හැකිද යන්න වඩාත් වැදගත් බව සිතයි.

පින්තූරය 2 – ඔබ මුලින්ම දු‍ටු දේ කුමක්ද?

# නරියා

ඔබ මුලින්ම දු‍ටුවේ නරියාගේ රුව නම්, ඔබ ඉතා ධනාත්මකව සිතන ,ස්වභාවයෙන් ප්‍රේමණීය චරිතයකි. ඔබ සොබාදහමට ඉතා ආදරය කරන සහා සමීප අයෙකි. එබැවින්, ප්‍රේමයේදී ද ඔබ අපේක්ෂා කරන්නේ එවන් ගතිගුණ සහිත අයෙක්වයි.

පෞරුෂත්වය :- ඔබ ඉතා ගෞරවාන්විත පුද්ගලයෙකි. ඔබේ තීක්ෂණ බුද්ධිය ඔබ සතු සුපිරි බලයයි.
සම්බන්ධතා :- ඔබ නිදහස උපරිමයෙන් අගය කරන්නෙකි.ඔබව බැඳීම තුල සිරකර ඇතැයි නොහැ‍ඟෙන තාක් දිගුකාලීන ප්‍රේම සබඳතාවයක් පවත්වාගැනීම ඔබට ගැටලුවක් නොවේ.

# ඩොල්‍ෆින්

ඔබ මුලින්ම දු‍ටුවේ ඩොල්‍ෆින් රුව නම්, ඔබ විදග්ධ සහා වාසනාවන්ත පුද්ගලයෙකි.ප්‍රේමයේදී ඔබ අපේක්ෂා කරන්නේ බුද්ධිමත් සහා ශාන්තභාවයෙන් යුත් අයෙකුවයි. ඔබ ඉතා සිත් ඇදගන්නා සුලු පුද්ගලයෙකු වන නිසාම ඔබ කෙරෙහි පුද්ගලයන් ආකර්ෂණය වේ. මෙසේ අන් අයගේ අවධානයට ලක් වීමට ඔබ ප්‍රිය කරයි.ඔබ ඉතා දක්ෂ ,බුද්ධිමත් සහා සමබර ආකල්ප දරන පුද්ගලයෙකු යැයි පැවසිය හැක.

පෞරුෂත්වය :- කරුණාවන්තබව,සාමකාමීබව සහා අවිහිංසාව යන ගුණාංග ඔබේ පෞරුෂත්වය නිර්වචනය කරනු ලබයි.
සම්බන්ධතා :- ඔබට විශාල පවුලක අවශ්‍යතාවය ඇත. ඔබ පවුලේ ඥාතීන් සෑම සියලු දෙනා කෙරෙහිම සොයා බැලීමට කටයුතු කරයි. ඔවුන් වඩාත් කැමති සහා අකමැති දේ පවා ඔබ හොඳින් මතක තබාගෙන සිටියි. අන් අය කෙරෙහි වඩාත් ලැදිව කටයුතු කිරීම ඔබේ ස්වභාවයයි.

පින්තූරය 3 – ඔබ මුලින්ම දු‍ටු දේ කුමක්ද?

# මිනිසාගේ මුහුණ

ඔබ මුලින්ම දු‍ටුවේ, ගස මතු පිට දිස්වන මිනිසාගේ මුහුණ නම්, ඉන් කියවෙන්නේ ඔබ ඉතා කලාත්මක සහා නිර්මාණශීලී ගුණයන්ගෙන් යුත් පුද්ගලයෙකු බවයි. අඛණ්ඩ ගවේෂණයන් සඳහාම ඔබේ ජිවිතය කැපකරමින් ගතකරයි.සෑම දිනකම අලුත් දෙයක් අපේක්ෂා කිරීම ඔබේ පුරුද්දයි. බොහෝ විට අලුත් ප්‍රේමයක් ද විය හැකියි. නොමැති දේ ගැන දුක් වීමේ ආකල්පය ඔබ තුල නැත. ඔබට ඇති දෙයින් ඔබ උපරිම තෘප්තියට හා උද්‍යෝගයට පත්වන පුද්ගලයෙකි.

පෞරුෂත්වය: ඔබ ඉතා ප්‍රබෝධයෙන් හා සතුටින් සිටින පුද්ගලයෙකි. ඔබේ එම ගතිගුණයන් අනෙක් අයව ද උද්‍යෝගීමත් කරවීමට සමත් වේ.
සම්බන්ධතා: ස්ථීර ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගැනීමට තරම් ඔබ සූදානම් නොමැති බව ඔබ විසින් දැඩිව විශ්වාස කරනු ලබයි.
නමුත්, යම් දිනයක ඔබට එම විශේෂ පුද්ගලයා හමුවුණු දාට ඔබ සූදානම් නොමැතියි ඔබ තුල ඇති හැඟීම ඔබටම අමතක වූ යනු ඇත.

# කාන්තාවගේ රූපය

ඔබ මුලින්ම දු‍ටුවේ කාන්තාවගේ මුහුණ නම්, ඔබ මාතෘත්වය මුළු ලෝකයම කරගත් සහා කරුණාවන්ත බවින් පොහොසත් පුද්ගලයෙකු යැයි නිර්වචනය කල හැකියි. ඔබට සමීප අය කෙරෙහි ඔබ නිතරම සිතීම ඔබේ පුරුද්දයි. ඔවුන් හට සැලකිලි සත්කාර කිරීම ඔබට ගෙන දෙන්නේ විශාල ප්‍රීතියකි. ඔබ අන් අයට උදව් උපකාර කිරීමට නොපැකිළිව ඉදිරිපත් වන පුද්ගලයෙකු වන අතර ඔබේ මිතුරන් ඔබ ඇමතුමක දුරින් සිටින ඉතා හිතවත් අයෙකු ලෙස සලකනු ලබයි.

පෞරුෂත්වය :- ඔබ අතිශයෙන්ම සුහද සහා ආදරණීය චරිතයකි. ඔබ වටා සිටින සියලු දෙනා වෙනුවෙන්ම ඔබේ හදවතේ ඉඩක් වෙන් කිරීම ඔබේ පුරුද්දයි.
සම්බන්ධතා :- ආදරයෙන් ‍රැකබලා ගැනීම, තෘප්තිමත් බව සහා සමබරතාව පවත්වාගැනිම යන ගුණාංග සබඳතාවකදී ඉතා වැදගත් වන බව ඔබ විසින් විශ්වාසකරයි.

# ළදරුවාගේ මුහුණ

ඔබ මුලින්ම දු‍ටුවේ ළදරුවාගේ මුහුණ නම්, ඉන් කියවෙන්නේ ඔබ විසින් ‍රැකවරණය අපේක්ෂා කරන බවයි. ප්‍රේමයේදී ඔබ පළමු පියවර හෝ දෙවන පියවර හෝ තැබීමට වැඩි කැමැත්තක් නොදක්වයි. ප්‍රේමය අවංකත්වය, ආධ්‍යාත්මය සහා සමඟිය යන පදනම මත ගොඩනැගිය යුතු දෙයක් බව ඔබ විශ්වාස කරයි.ඉතා නිශ්ශබ්ද පුද්ගලයෙකු වන අතර විශාල තීන්දු තීරණ ගැනීමට ඔබ අකැමැතිය.

පෞරුෂත්වය: සුන්දරත්වය, කැපවීම සහා පක්ෂපාතීත්වය ඔබ තුල දැකිය හැකි ප්‍රධාන චරිත ලක්ෂණ කිහිපයකි.
සම්බන්ධතා: තීරණ ගැනීමට සිදුනොවන තාක් ඔබ ඉතා පක්ෂපාතීව සහා කැපවීමෙන් කටයුතු කරයි.

# ජලයේ දැකිය හැකි මුහුණකට සමාන රුව

 

ඔබ මුලින්ම දු‍ටුවේ, ජලය මත ඇතු මුහුණේ ඡායාව නම්, ඉන් අදහස් වන්නේ ප්‍රේමයේදී ඔබ වඩාත් අපේක්ෂා කරනු ලබන්නේ නිදහස වන බවයි. ඔබ ජීවිතය නිරායාසයෙන් උපරිම තෘප්තියකින් ගත කරයි. ඔබ ඉතා ඉක්මනින් මිතුරන් ඇතිකර ගනියි. ගැඹුරු සිතුවිලි කෙරෙහි ඔබට විශ්වාසයක් නොමැති තරම්ය. ඔබ මේ මොහොතේ ජීවත් වීමට වඩාත් ප්‍රියකරන අතර හෙට දිනය ගැන වද වීම සිදුනොකරයි. ඔබ කිසිඳු දෙයක් කෙරෙහි කරදරයට හෝ කලබලයට පත්වන්නේ නැත. කුමන ගැටලුව පැමිණියත් ඔබ ජීවිතය විඳියි.

පෞරුෂත්වය :- ඔබ ඉතා සරල ගති පැවතුම් ඇති පුද්ගලයෙකි. නමුත්, ඔබේ මෙම සැහැල්ලු ජිවන රටාව නිසා ඇතැම් මිනිසුන් ඔබ බොලඳ අඥාන පුද්ගලයෙකු ලෙස සිතීමට ඉඩ ඇත.
සම්බන්ධතා :- කැපවීම ඔබ විසින් අපේක්ෂා නොකරන්නකි. ඔබ බොහෝ මිතුරන් ඇතිකරගැනීමට ඉතා කැමතිය. නමුත්, ඒ කිසිවෙකු ඔබට වඩාත් සමීප වෙනවාට ඔබ අකමැතිය.

# කාන්තාවකගේ ශරීර හැඩය

ඔබ මුලින්ම දු‍ටුවේ පින්තූරය මැද දැකිය හැකි කාන්තාවකගේ ශරීර හැඩයේ ඡායාව නම්, ඉන් නිරූපණය වන්නේ ඔබ අන් අයගේ අවධානය දිනාගැනීමට ඉතා කැමති පුද්ගලයෙකු බවයි. ඔබ ඉතා දක්ෂ අයෙකු වන අතර අන් අය ඔබේ බුද්ධිය වර්ණනා කරන විට ඔවුන්ව ඇගයීම සිදුකරයි. නමුත්, ඔවුන් ඔබේ බාහිර රූපය කෙරෙහි උනන්දුවෙන් අවධානය යොමු කරනවිට ඔබ ඔවුන්ව නොසලකා හරියි.ඔබ ඉතා සමාජශීලී සහා අන් අයට ද සතුට බෙදන පුද්ගලයෙකි. ඔබ සමඟ කාලය ගත කිරීමට බොහෝ අය ඉතා කැමතිය. නමුත්, ඇතැම් අවස්ථාවල ඔවුන් ඔබේ නිර්මාණශීලි අදහස් සහිත විශේෂ ගුණයට ඉරිසියා කරන බව නොරහසකි.

පෞරුෂත්වය :- ඔබ විනෝදයෙන් කල් ගත කිරීමට ඉතා ප්‍රිය කරයි. ජීවිතය යනු විනෝදයෙන් ගත කල යුත්තක් බව ඔබේ ආකල්පයයි. ඔබ කිසිවකින් පහසුවෙන් සැලෙන්නේ හෝ දුකට පත්වෙන්නේ හෝ නැත.
සම්බන්ධතා :- ප්‍රේම සබඳතාවයන් කෙරෙහි මනස ඇතුලාන්තයෙන් ඔබට ඇත්තේ බියකි. ස්ථීර ප්‍රේම සබඳතා ඇතිකරගැනීම සහා ඒ වෙනුවෙන් කැපකිරීම් සිදුකිරීමට වීම කෙරෙහි ඔබ සිටින්නේ දෙගිඩියාවකිනි. ඒ හේතූන් නිසාම ඔබ සැම විටම ප්‍රේම සම්බන්ධතා වලින් ඈත්ව හුදකලාව සිටීමට වඩාත් ප්‍රිය කරයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *