ඔබ හිනාවෙන විදිහ අනුව ඔබගේ ගති ගුණ ගැන කියවෙන දේවල්
මගතොටේදී අපි දන්න අඳුනන අයට හිනාවකින් සංග්‍රහ කරන්න අපි කවදාවත් මැලි වෙන්නේ නැහැ. අපි අඳුනන්නෙ නැති කෙනෙක් උනත් හිනා උනොත් අපි හිනාවෙනවා. ඒ අපේ රටේ මිනිසුන්ගේ තියන මනුෂ්‍යත්වය නිසයි.හිනාවකට ඕන කෙනෙක්ව යාලු කරගන්න පුළුවන්. හිනාවෙන එක සෞඛ්‍යටත් ගොඩක් හොඳ දෙයක්. අපි සමාජේ ජිවත් වෙනකොට යාලුවෝ එක්ක ඉන්නකොට එක එක අය හිනාවෙන විදිහ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.
සමහර අය කෑගහලා හිනාවෙනවා වගේම සමහර අය හිනාවෙන්නේ හිමින් ඒ අතරේ කිසිම දේකට හිනාවෙන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් මේ හැම හිනාවක් අස්සෙම හැංගිච්ච දෙයක් තියනවා. ඉතින් අපි අද කියන්න යන්නේ ඔයා හිනාවෙන විදිහ අනුව ඔයාගේ ගති ගුණ ගැන.
ගොඩක් වෙලාවට මහා හයියෙන් කෑගහලා හිනාවෙන අය අපි අතරත් ඉන්නවා. සමහරවිට ඔයත් එහෙම කෑගහලා හිනාවෙන කෙනෙක් වෙන්න ඇති. හැබැයි මේ වගේ අය තමන් ඉන්න තැන ගැන වත් හිතන්නෙ නැතුව හිනාවෙන්න පටන් ගන්නවා. තමන්ගේ යාලුවෙක්ට හරි කාට හරි මොකක් හරි වැරදීමක් උනොත් ඒ කෙනා ඉස්සරහම හිනාවෙන සිරිතක් මේ අයට තියනවා. අනික් අයව විවේචනය කරන්න මේ ඇය ගොඩක් දක්ෂයි. කිසිම කෙනෙක් කියන දෙයක් පිළිගන්න කැමති නැති මේ වගේ අය එක්ක කතා කරලා කාටවත් දිනන්න නම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ හිනාවක් තියන කෙනෙක්ව ඔයත් ආශ්‍රය කරනවා නම් එයා එක්ක Argue කරන්න යන්න එපා කවදාවත්. මේ දේවල් මෙහෙම උනාට කරන ඕනෑම වැඩක් ගොඩක් උනන්දුවෙන් කැපවීමෙන් පිළිවෙලට ඉක්මනින් කරන එක තමයි මේ අයගේ තියන දක්ෂතාවය.
හැම වෙලාවේම විහිලු කරලා අනික් අයවත් හිනස්සලා හිනාවෙලා සතුටින් ඉන්න අයගේ හිතේ කිසිම ඉරිසියාවක්, අහංකාර කමක් වත් කපටි කමක් වත් ගෑවිලාවත් නැහැ. කිසිම දවසක කෙනෙක්ට වැරද්දක් වෙන්න කියලා එයාලා හිතන්නෙ නැහැ කවදාවත්. එයාලා ගොඩක් බුද්ධිමත් අනික් අයගේ විහිලු තේරුම් අරගෙන ඉන්න පුළුවන් විදිහේ අයයි. මේ අයට කෙනෙක් දෝෂාරෝපණ කලත් එයාලා ඒ ගැන වැඩිය හිතන්නෙ නැහැ. මේ විදිහේ අයට ගොඩක් යාලුවෝ නම් ඉන්නවා.
හැංගි හැංගි හිනාවෙන අය තමයි ගොඩක් ලජ්ජාශීලි අය. මේ අය හිනා උනත් හිනා වෙන්නේ ගොඩක් හිමින්. නැත්තන් අතින් කට වහගෙන. හැම වෙලාවේම නිහඬව ඉන්න තමයි උත්සාහ කරන්නේ. හිනා යන දෙයක් කිව්වත් හිනාවෙන්නේ නැතුව හිනාව හිරකරගෙන ඉඳලා පස්සේ ඒ ගැන මතක් කර කර හිනාවෙන පුරුද්දක් මේ අයට තියනවා. ලජ්ජාශීලි නිසා වැඩිය කාත් එක්කවත් කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා මේ වගේ අයව තේරුම් ගන්න ටිකක් අමාරුයි.
හැම වෙලාවේම හිනාවෙලා ඉන්න අයත් ගොඩක් හිත හොඳ විශ්වාසවන්ත අය. තමන්ගේ හැඟීම් පාලනය කරගෙන හැම වෙලාවම අනික් අයට හොඳ දෙයක් වෙන්න කියලා තමයි මේ අය ප්‍රාර්ථනා කරන්නේ. අනික් අයගේ හැඟීම් හරියට තේරුම් ගන්න පුළුවන් විශේෂ හැකියාවක් මේ යට තියෙන නිසා කාටවත් විහිලු කරන්න, අනික් කෙනාව කොන් කරන්න විවේචනය කරන්න මේ අය පොඩ්ඩක් වත් කැමැත්තක් දක්වන්නේ නැහැ. කාව වත් රවට්ටන්න උත්සාහ කරන්නෙත් නැහැ. තමන්ට වෙන ඕනෑම අභියෝගයකට හොඳින් මුහුණ දෙන මේ අයට ඉක්මනට කේන්ති යන්නෙත් නැහැ. හැබැයි මේ අය ගොඩක් සංවේදී අය. ඉතින් කවුරු හරි කෙනෙක් මේ අයගේ හිත රිද්දුවොත් හිනාවෙලා තනියම ඒ දේවල් දරාගන්නවා වගේම හිත රිද්දපු අයගෙන් ඈත් වෙන්නත් දෙපාරක් හිතන්නෙ නැහැ.
මේ අතරේ තවත් පිරිසක් ඉන්නවා කට්ටිය හිනාවෙනකොට පොඩ්ඩක් හිනා වෙලා එක පාරටම හිනාව නතර කරන අය. මේ වගේ අයගෙන් නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද මේ අය ගොඩක් කපටියි. ඒ නිසා එයාලව විශ්වාස කරන්නත් අමාරුයි. මේ වගේ අයට කවදාවත් ඔයාගේ රහස් කියන්න යන්න නම් එපා. ඉරිසියාව, විවේචනය වගේම ආත්මාර්ථකාමී ගති ගුණ තමයි මේ අයට තියෙන්නේ.