ඔයාට තියෙන විශාලම අභියෝගය මොකද්ද කියලා දැනගමු

ජීවිතය,ඇත්තටම ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්.සතුට සිනහව මැදින් ගලාගෙන යන අපේ ජීවිත කතාව තනිකරම එක එක විදිහේ විවිධාකාර අභියෝග වලින් පිරුණු දෙයක්.එක විදිහක ප්‍රශ්න පත්තරයක් කියන්නත් පුළුවන්.මොකද මුළු ජීවිත කාලය පුරාම අපි කරන්නේ මේ ජීවිතය කියන ප්‍රශ්න පත්තරයේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන එක.

ඉතින් ජීවිතය කියන ප්‍රශ්න පත්තරය එහෙම නැත්නම් ජීවිතය කියන විභාගයට හොඳින් මුහුණ දුන්නොත් අපිට හැමදාම සතුටින් ඉන්න පුළුවන්.අසමත් වුනොත් අපි දුක් වෙනවා.ඒ නිසාම තමයි අපි එක එක විදිහේ පරීක්ෂණයන්ට මුහුණ දෙමින් අපේ ජීවිතයේ අනාගතය ගැන ඉරණම ගැන හොයලා බලන්නේ.

ඔබත් මමත් ඉපදුන දවසේ ඉදන්ම අද වෙනකන් මේ වෙනකන් පසු කරගෙන පැමිණි කාලයේදී සමහර තැන් වල අපි අතරමං වුණා වගේ අපිට දැනුණු අවස්ථා තිබුණා නේද?ඒ අපි හරියටම අපි මොනවගේද කියල දන්නේ නැති නිසයි.අපිට ඒ තැන් වලදී අපි කව්රුද අපිට මොනවද ඕනේ කියලා නිවැරදිව හඳුනා ගන්න නොහැකි වූ නිසා අපි ඒ අවස්ථා වලදී අතරමං වුනා වගේ දැනෙන්න ඇති.ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට අපිට පුළුවන් විදිහට පොඩි හරි උදව්වක් කරන්න තමයි අපි අද සුදානම් වෙන්නේ.

ඒ නිසාමයි මේ සරල මනෝ විද්‍යාත්මක පරීක්ශණය අපි ඔබ හමුවට රැගෙන එන්නේ.සියයට සියයක්ම නැතත් යම් ප්‍රමාණයකින් මේ සරල පරීක්ෂණය ඔබේ පෞරුෂත්වය හා ගැලපෙන්න පුළුවන්.ඉතින් උත්සහ කර බලන්න.රූපයේ ඇති සංකේතමය චිත්‍ර වලින් ඔබේ සිත යන චිත්‍රය තෝරාගන්න.ඊට අදාල අංකය ඔස්සේ ගොස් අපි ඔබ ගැන පවසන දෑ සත්‍ය දැයි බලන්න.

1රූපය –

ඔබ තෝරා ගත්තේ අංක එක නම් ඔබේ ජීවිතයේ ඇති විශාලම අභියෝගය වන්නේ මොහොතින් මොහොත ඔබට විවිධාකාරයේ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වීමයි.මෙහිදී දුෂ්කරතාවය කියා අදහස් කළේ යම් සන්ධිස්ථානයකට මුහුණ දීමේදී ඔබගේ සිත තුල ඇති වන අවිනිශ්චිතතාවයි.ඔබ වැරදි කිරීමට බය කෙනෙක් වන අතර ඔබට වරදිනවටද බයයි.එසේම ඔබ අවදානමක් ගැනීමටද කැමති නැත.නමුත් ඔබට නොහැක්කක් නැත.ඔබේ සිතේ ඇති මෙම අවිනිශ්චිත භාවය ඔබට ජීවිතය දුෂ්කර කරවයි.එනිසා ඕනෑම දෙයකට ,ජීවිතයේ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ඔබේ හිත ශක්තිමත් කර ගන්න.සිත තුල ධෛර්යය ඇති කරගන්න.එවිට සැම අභියෝගයකටම හොඳින් මුහුණ දී ජයග්‍රහණය ලැබීමට ඔබට හැකි වනු ඇත.

2 රූපය-

ඔබේ ජීවිතයේ විශාලම අභියෝගය වන්නේ ඔබ ඔබේ ජීවිතයේ සැම දෙයකින්ම පරිපුර්ණත්වය සෙවීමයි.එය ඔබේ ජීවිතයේ ඉදිරියට යාමට බාධාවක් වේ.අතේ ඇඟිලි පහම එක වගේ නොවන බව ඔබ තේරුම්ගත යුතුයි.එසේම ලෝකයේ සැම දෙනාම එකම දෙයට දක්ෂ නැත.ඔබ දක්ෂ දෙයට ඔබේ මිතුරා අදක්ෂ වීමට පුළුවන්.ඉතින් ඔබ ඔබට නොගැලපෙන දෙයක් ගැන ආශාවෙන් එහි පරිපුර්ණත්වය වෙත ලඟා වීමට උත්සහ කලොත් සමහර විටෙක ඔබ ජීවිතයේ අසාර්ථකත්වයට පත් විය හැක.පරිපුර්ණත්වයට ළඟා වීම යනු හොඳ ඉලක්කයකි.ඔබේ ජීවිතයේ ඔබ අනිවාර්යෙන්ම සම්පුර්ණ සාර්ථකත්වයට පත් විය යුතුයි.නමුත් ඒ ඔබේ කුසලතාවය ,හැකියාව ඇති දෙයින්ය.ඉතින් ඔබ ඔබේ හැකියාව හඳුනා ගන්න.ඉවසීමෙන් ඔබේ ඉලක්කය වෙත ගමන් කරන්න.එවිට ඔබේ ජීවිතයේ පරිපුර්ණත්වයට ළඟා වීමට ඔබට හැකි වේවි.

3 රූපය-

ඔබේ තේරීම තුන් වන රූපය නම් ඔබේ ජීවිතයේ ඇති විශාලම අභියෝගය වන්නේ සෑම දෙයක් ගැනම ඔබ අධික ලෙස කනස්සල්ලට පත් වීමයි. කනස්සල්ලට පත් වීම ඔබේ සාමාන්‍ය මානසික ස්වභාවයයි.මේ නිසාම ඔබ විටෙක අසරණ වේ.යම් කාර්යයක් සාර්ථක කර ගැනීමට ඔබට අවශ්‍ය ඒ සඳහා උත්තේජනයක් මිස මෙවැනි පසුගාමී සිතුවිලි නොවේ.

ඔබේ මේ කනස්සලු ස්වභාවය නිසාම ඔබ අතින් සිදු වෙන වැරදිද වැඩිය.එනිසා ප්‍රථමයෙන් සැම දෙයක් ගැනම බරපතලව සිතීම නතර කර සැහැල්ලුවෙන් සතුටෙන් ජීවිතයට මුහුණ දෙන්න ඉගෙන ගන්න.එනිසා ප්‍රථමයෙන් දුෂ්කරතාවය ගැන නොසොයා ඕනෑම දෙයක සුබවාදී පැත්ත ගැන සිතන්න හුරු වෙන්න.එවිට ඔබට ජීවිතේ බොහෝ අභියෝග ජය ගැනීමට හැකි වනු ඇත.

Check Also

අරුම පුදුම වෙබ් අඩවිය මෙන්න

ලෝකයේ එකවගේ පුද්ගලයන් හත්දෙනෙකු සිටින බවත්, ඔවුන් හුදෙක් පෘථිවිය පුරා විසිරී සිටින බවත් හෝ වෙනත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *