ඔයා අ‍ාදරයේදී ගොඩක් බලපොරෝතතු වෙන්නේ මේවා

ඔන්න අපි මේ ලිපියෙන් කියන්නේ යන්නේ ඔයගොල්ලෝ ටිකක් කැමති දෙයක් ගැන, මේකනම් ඉතින් ගොඩක් වැදගත් වෙයි ආදරය කරන යට හා ආදරය කරන්න බලපොරොත්තුවෙන් ඉන්න අයටත්.මෙතනදී අපි කතා කරන්නේ ඔයාගේ අත දිහා බලල ඔයා අ‍ාදරයේදී ගොඩක් බලපොරෝතතු වෙන්නේ මොන වගේ දේවල්ද ඒ වගේම ඔයාගේ හැගීම් කොහොමද කියල. ඉතින් මෙතන තියෙන ඒවානම් ගොඩක් අයට ඇත්ත දේවල් කියලත් කියන්න පුළුවන්. ඔයාට තියෙන්නේ ඔයාගේ අත් දෙක පින්තුරේ තියෙන විදියට ලං කරලා ආදර රේකාව කොහොමද පිහිටලා තියෙන්නේ කියල බලලා ඒකට අදාලව අපි පල්ලහයින් කියල තියෙන එක බලන්න , එතකොට ඔයාලටත් හිතෙයි මේකේ ඇත්ත නැත්ත. එහෙනම් අපි වැඩේ පටන් ගමු,

රේඛා එකම මට්ටමක පැවතීම -The lines are at the same level

ඔයාගේ ආදර රේකාව එක හා සමානව මේ පින්තුරේ තියෙන විදියට තියෙනවා නම් ඔය ගොඩක් වාසනාවන්තයි කියන්න පුළුවන්, මොකද ඔයාට හම්බවෙන සහකාරය ගොඩක් හොද ඒ වගේම ආදරයේදී ගොඩක් හිතන, දිර්ගකාලින සම්බන්දතා පවත්වාගෙන යන්න පුළුවන් කෙනෙක්, ඉතින් එහෙම කෙනෙක් ලැබෙන එක වාසනාවක් නෙවෙයිද ? ඒ වගේම මේ අය ගොඩක් තාර්කික වගේම ජිවිතයේ ඉක්මන් හැරවුම් වලට එච්චර කැමති ය නෙවේ, තව දෙයක් තමයි මේ වගේ පිහිටලා තියෙන අය ගොඩක් සුමුදු හදවත් හා අනෙක් අයගේ අදහස් වලට ගරු කරන, ඇහුම්කන් දෙන කෙනෙක්.

වම් අතේ රේඛාව පහතින් පිහිටා තිබිම – The left-hand line is lower

ඔයාගේ වම් අතේ රේකාව ටිකක් පහලින් නම් තියෙන්නේ ඔය කැමති ටිකක් වයසින් වැඩි ඒවගේම ටිකක් දක්ෂ බුද්දිමත් කෙනෙක්ට. මේ වගේ රේකා පිහිටලා තියෙන අය ආදරයේදී නම් ගොඩක් හොදයි වගේම ආදර්නියයි, ඒවගේම මේ ගොල්ලෝ සමාජ නීතිරීති වලින් නම් නිදහස්ව හිතනවා. මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට තමාගේ හැගීම් වලට ඉඩදෙනවා වගේම ඒවගෙන් හොද සාර්ථක ප්‍රතිපල ගන්නවා.

වම් පස අතේ රේඛව ඉහළින් පිහිටිම – The left-hand line is higher

ඔයාගේ වම් අතේ තියෙන රේකාව අනික් අතේ තියෙන රේකාවට වඩා ඉහලින් නම් තියෙන්නේ ඔයාට තියෙන්නේ මෙන්න මේ වගේ අදහස්, මේ වගේ අය නම් ආදරයේදී එච්චර වැඩිය හිතන්නේ නෑ , ඒවගේම මේ ගොල්ලෝ ආදරය එයාගේ ජිවිතේට සතුටක් කියල හිතන්නෙත් නැ , හැබැයි කොහොමහරි මේ ගොල්ලෝ ආදරය කරන්න ගත්තම මෙයාල තෝරාගන්නේ මෙයාලට වඩා වයසින් ටිකක් බාල අය එහෙම නැත්නම් වෙනත් ජාතියක කෙනෙක්. මේ ගොල්ලොන්ට ගොඩක් හොද ආත්ම විශ්වාසයක් වගේම ඇස් දෙකෙන් ආදරය කරන්න දන්නා අයවලුන් වෙනවා. මේවගේ අය තමයි ගොඩක් දුෂ්කරතා අබිබවල තමාගේ අරමුණුවලට සාර්ථකව ගමන් කරන ස්වධින පුද්ගලයන් වෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *