ඔයා මේ චායාරූපයේ මුලින්ම දැක්ක සතා කවුද

අපේ හිත කියන දේ අපි කාටවත්ම තේරුම් ගන්න බැහැ. අපේ හැම මතකයක්ම අපේ හැම අත්දැකිමක්ම අපිට හිතින් අමතක කරන්න බැහැ. ඒක නිකම් හරියට ගබඩාවක් වගේ. අපේ හැසිරිමට අපේ සිතුවිලිත් එක්ක කෙලින්ම සම්බන්දයි. මේ වෙලාවෙදි ඔයා සම්පූර්න පින්තූරයක් දැක්කත් ඔයා මේ මොහොතෙදි දකින්නේ එයාගේ හැඟිම් විතරයි. ඉස්සෙල්ලාම ඔයා දකින දේ විතරක් තොර ගන්න. මේ අපි විනෝදෙට කරන ලස්සන පරීක්ෂණයක් ඉතින් ඔයත් මේ පරීක්ෂනයට ඉදිරිපත් වෙලාම බලන්නකො.

01.සීබ්‍රා

ඔයාට පුලුවල් හොද විකුණුම් කරුවෙක් වෙන්න.ඔයා ගොඩක් වෙලාවට කැමති අලුත් දේවල් වලට වගේම අලුත් දේවල් කරන්න අලුත් පුද්ගලයින් ඇසුරු කරන්න ඒ උනාට ඔයා ටිකක් කම්මැලි. ඔයා ගොඩක් තමන් ගැන විශ්වාසයක් තියෙන ක්‍රියාශීලි කෙනෙක්, ඔයාව අනිත් අය අනුගමනය කරනවා.

02.බළලා

ඔයා වැඩිය කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසාම අනිත් අය ඔයා ලැජ්ජාවට හැදුන කෙනෙක් කියලා හිතනවා. ඔයා හැම දෙයක්ම අෑතට වෙලා බලාගෙන ඉදලා ඉගෙන ගන්න කැමති කෙනෙක්. හොදයි නේ ද ඔයා ළගටම ගිහින් ඒ දේවල් ඉගෙන ගත්තනම්. අනිත් අය මොනාද ඔයා ගැන හිතන්නේ කියලා අැත්තටම ඔයාට වැඩක් නැහැ. ඔයා කැමති ඒ අයත් ඒ විදියටම ඔයා ගැන හිතනව නම්, ඔයා ඔයාගෙම නීති වලට වැඩ කරන කෙනෙක්.

03.තරාවා

ඔයා 100% හොඳ විදියට හිතන කෙනෙක්, කිසිම දෙයක් නිසා අාපස්සට හැරෙන කෙනෙක් නම් නෙවෙයි, ඔයා හැමවෙලෙම කුතුහලයෙන් ඉන්න කෙනෙක් ඒ නිසාම අලුත් දේවල් අත් හදා බලන්න මේ මොහොතේ ජීවත් වෙන්න ජීවිතය විදින්න කැමත් කෙනෙක්.

04.කෝලා

ඔයා ගොඩක් සංසුන් සංවේදි ඉතාමත් කාරුණික සැලකිල්ලෙන් ජීවත් වෙන කෙනෙක්, ඔයා ඔයාගේ විවේක කාලය හොඳ පොතක්, චිත්‍ර පටියක් බලන ගමන් කාලය ගත කරන්න කැමති කෙනෙක්, ඔයා අනිත් අයට උදවු කරන්නේ එයාලගේන් නැවත උදවු බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි.

05.අලියා

ඔයා හැම දෙයක් ගැනම ගැබුරින් හිතන කෙනෙක්. ඔයාගේ පවුලේ අයට මිතුරන්ට හැම වෙලාවකදිම ඔයා ගැන විශ්වාසයක් තියන්න පුලුවන්, ඔවුන්ට උදවු ඕන උනහම කාටද කතා කරන්න ඕන කියලා ඒ අය දන්නවා. කාටවත් විසද ගන්න බැරි ප්‍රශ්න ඔයා විසදන, ඕනම කෙනෙක් කියන දේ අහන කෙනෙක්. ඔයාගේ පවුලේ අයට යලුවන්ට තියෙන්නෙ ඔයාගේ ජීවිතේ පළවෙනි තැන. එයාලට හොද දෙයක් වෙනවා නම් අනිත් හැමොටම වැඩිය සතුටු හිතෙන්නේ ඔයාටයි.

06.වලහා

ඔයා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න කැමති ඕනම දෙයක් උපරිමයෙන් කරන අනිත් අයගෙනුත් ඒ දේවල් බලාපොරොත්තු වෙන. ගොඩක් වෙලාවට ඔයා පැරණි මත තියෙන වැඩිය සද්ද බද්ධ නැතුව ඉන්න කැමති ගොඩක් සංවේදි හොදට කල්පනා කරලා වැඩ කරන පුද්ගලයෙක්.

07.ජිරාෆ්

ඔයා ගොඩක් වෙලාවට විනෝද තැන් වලට කැමති හැමදාම එකම දේ කරන්න කැමති කෙනෙක් නෙවෙයි, ඔයාට ඕනම දෙයක් දුකක් නැහැ කියලා පෙන්නුම් කරන්න හැදුවත් ඔයා සංවේදි කෙනෙක්, ඕනම කෙනෙක් එක්ක හොඳින් කා බහා කරලා ඉන්න පුද්ගලයෙක්.

08.ඌරා (pig)

ඔයා බාහිර පුද්ගලයින් සමග වැඩි කතා බහක් නැති උනත් අනිත් අයත් එක්ක හොදින් ඉන්න උත්සහා කරනවා ඔයා තනියම ඉන්නකොට හොදම දේ කරන්න කැමති කෙනෙක්. හොදට හිතලා බලන්න පුලුවන් මනසක් තියෙන කෙනෙක්,හැබැයි හැම දෙයක්ම අනිත් අයට පැහැදිලි කරන්න ඔයාට වෙලාවක් නම් නැහැ.

09.හාවා

ඔයා ගොඩක් වෙලාවට කල්පනාකාරී හොදට හිතලා තීරන ගන්න කෙනෙක්, ඔයා ඕනම වෙලාවක හිනාවෙලා සතුටින් ඉන්න කැමති, අනිත් අයත් සතුටින් ඉන්නවා දකින්නයි ඔයා කැමති, ඒ නිසාම ඔයාට යහලුවන් අතර හොද මිතුරෙක් වෙන්න පුලුවන්. ඔයාට ටිකක් විවේකයකුත් තිබුන නම් හොදයි නේ ද

10.සිංහයා

ඔයා උපතින්ම නායකයෙකුගේ ගති ලක්ෂන තියෙන කෙනෙක්. ඔයා කිසිම අභියොගයකට භය නැති, ඔයා ගොඩක් වෙලාවට අනිත් අය සමග තරගකාරීව සාර්ථකත්වය වෙත ගමන් කරන්න කැමති. උපාය මාර්ඟ කුසලතා තියෙන ඔයාට දෙයක් කරන්න පුලුවන් අනිත් අයට වැඩිය කියලා අනිත් අය අතරින් කැපි පෙනෙන්න කැමති ඔයා ජයග්‍රාහකයෙක් කියලා ඒ අය පිලි ගන්නවට කැමති පුද්ගලයෙක්.

11.බකමූණා

ඔයා තනියම වැඩ කරන්න කැමති ගැඹුරින් හිතන තනියම ඉන්කොනට ඒකෙන් සතුටු වෙන හැමදෙයක්ම සැලසුම් සහගතව පිළිවෙලකට කරන්න කැමති කෙනෙක්, සමහර වෙලාවට ඔයාට තරහා යන අවස්ථා ද නැතුවම නෙවෙයි.අපි හැමෝම සම්පූර්න අය නෙවෙයි. ඒ අසම්පූර්කණමෙන් අපි සම්පූර්න වෙන්න දැන ගන්න ඕන.ඔයාගේ දැනුම නිසාම අනිත් අය ඔයාට කැමති ඔයාගෙන් දෙයක් ගන්න තියෙන නිසා.

ඔයාට ලැබුනේ මොකක් ද, මං අහන්නේ,. ඔයා දැකපු සතා කවු ද ඔයාගෙම අදහස් අපිත එක්ක බෙදා ගන්න ගමන් පුලුවන්නම් ඔයාගේ යාලුවන්ගෙ අදහසත් අපිට දැන ගන්න ඔයාලා අතරේ මේ ලිපිය බෙදා ගන්න.

Check Also

ඔබව පුදුමයට පත්කරන අමුතුම චායාරූප

අපගේ ජීවිතය විස්මයන්ගෙන් පිරී ඇති අතර. කිසිම දෙයකට ඔබව මවිතයට පත් කළ නොහැකි යැයි ඔබ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *