ඔරලෝසුව සොයාදෙන කෙනෙකුට කෝටියක ත්‍යාගයක් ලබාදීමට යන සුපිරි ධනවතා

ජනප්‍රිය ව්‍යාපිරිකයෙක් සහ පෝකර් ක්‍රීඩකයෙකු වන ඩෑන් බිල්සෙරියන් ඔහුගේ සොරකම් කළ බව පවසන ඔහුගේ ඉතා මිල අධික ඔරලෝසුව සොයා ගන්නා ඕනෑම කෙනෙකුට ඩොලර් 50,000 ක (රුපියල් කෝටියක් පමණ)ත්‍යාගයක් පිරිනැමීමට සූදානම්ව සිටින බව විදෙස් ආරංචි මාර්ග පවසයි.

Dan Bilzerian යනු ජනප්‍රියතම ඉන්ස්ටග්‍රෑම් තරු වලින් එකකි, නිරූපිකාවන් සමඟ සාද පැවැත්වීම, බෝට්ටු මත මුහුදේ යාත්‍රා කිරීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශ වේ

කීර්තියට හා වාසනාවට වඩා වටිනා යැයි සිතන දෙයක් තිබේ නම්, එය කාලයයි. අවාසනාවකට මෙන් ඩෑන්ට, කැනෙලෝ අල්වාරෙස් එදිරිව කැලෙබ් ප්ලාන්ට් සිදුකළ සටනේදී ඔහුගේ ඔරලෝසුව සොරකම් කරගෙන ඇත

ඩොලර් මිලියන 1 ක් තරම් වටිනා, මෙම  අතුරුදහන් වූ ඔරලෝසුව හොරකම් දිනම  රාත්‍රියේ පසුව ඔහු පොලිස් පැමිණිල්ලක් ගොනු කළ නමුත් ඊට ප්‍රථම තම ඔරලෝසුව සොයා ගැනීමේ අරමුණින් මෙම ත්‍යාග මුදල පිරිනැමීමට ඩෑන් සූදානම්ව සිටියි.

TMZ ද පවසා සිටින පරිදි  ඩෑන් සතු වූ මෙම ඔරලෝසුව රක්ෂණය කර නොතිබූ බවත්, ඔහු රසිකයන් සමඟ ඡායාරූප ගනිමින් සිටියදී ඔරලෝසුව සොරාගත්  බව ඔහු විශ්වාස කරන අතර එම ස්ථානයෙන් සොරාකම ගැන කිසිදු සාක්ශියක්  ලබා ගැනීමට පිටියට නොහැකි වූ බවත්ය.

විශේෂයෙන්ම මෙම සොරකම  රසිකයෙකුගේ වීඩියෝ පටයකට හෝ හසු වී ඇත්නම් එම  යමෙකු ඉදිරිපත් වී එම මුදල්ලබාගත හැකිය

එතෙක්, ඔබ ලාස් වේගාස් හි කොතැනක හෝ මිල අධික Richard Mille ඔරලෝසුවක් දුටුවහොත්, එය Bilzerian ට අයත් විය හැකිය.මෙම සුපිරි සෙල්ලක්කාර ධනවතාගේ ඡායාරූප කිහිපයක් පහතින්

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

Leave a comment

Your email address will not be published.