ඔවුන්ගේ ආදර කතාව මුල් වරට හෙළි කරයි

සමිතා මුදුන්කොටුව කියන්නේ, මියුරු හඬක් හිමි කවුරුත් ආදරේ කරන සුන්දර ගායන ශිල්පිනියක්. ඉතින් මේ ගායන ශිල්පිනිය ගැන පසුගිය දවස්වල දැඩි කතාබහක් ඇති වුනේ ඇගේ අලුත් පෙම්වතා නිසයි.

කොහොම වුණත්, දැන් මේ කතාව කාටත් රහසක් නෙවෙයි. සමිතාගේ සැමියා චිරන්ත ටික්ටොක් හරහා ජනප්‍රිය වුනු කෙනෙක් බව බොහෝ දෙනා දැන හිටියත්, ඇත්තටම මේ දෙන්නාගේ හමුවීම වුනේ කොහොමද කියන එක කවුරුත් දැනන් හිටියේ නෑ.

ඉතින්…. පසුගිය දවසක සමිතා ඇගේ යූටියුබ් චැනලයෙන් ඇවිත්, ඒ කතාව පළමුවරට හෙළිදරව් කළා.

මේ තියෙන්නෙ ඒ කතාව…

“මම හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්. මගේ පුතාට දොස් කිව්වට මම කාටවත් වෛර කරන් නෑ. ලොකු මිනිහෙක් නොවුණත් හොද මිනිහෙක් මගේ පුතා… මගේ පුතා ගැන ගොඩක් අය දොස් කියලා තිබුණා. මගේ පුතා කාටවත් වරදක් කරලා නැහැ. ඒ වගේම මගේ දුව, මට ඉන්නවා රත්තරන් දුවෙක්. මම කවදාවත් මගේ දරුවෝ දෙන්නව අත් ඇරියේ නෑ. අදටත් අත් දෙකෙන් අල්ලගන්නවා. මම ලෝකෙම දිනපු අම්මා කෙනෙක් වෙන්නෙ එහෙම.. ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක්.. චිරන්තයි මමයි කොහොමද හමුවුනේ කියලා. මම ඒක ඉතින්, වෙලාවක් යනකන් හිටියා ඒක කියන්න. ඇත්තටම කියනවා නම්, මගේ මොබයිල් ෆෝන් එක ගොඩක් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. අත්‍යවශ්‍යම කාරණාවකට තමයි ගන්නේ. දවසක් මම ෆෝන් එකේ වට්ස්ඇප් එක බලාගෙන ඉන්නකොට මගේ ආදරණීය ගොඩක් කල් ඉඳන් ආදරය කරන සහෝදරයෙක් ඉන්නවා, ඔහු නර්තන ගුරුවරයෙක්. එයාගේ ස්ටේටස් වල දාලා තිබ්බා, අලුත් අයගේ වීඩියෝ ක්ලිප්ස්. ඒ බලනකොට මම දැක්කා, හරිම ලස්සනට ටික්ටොක් කරන කෙනෙක්ව. ඉතින් මම එයාව පොඩ්ඩක් බැලුවා. ඒ දවසේම මම එයා ගැන හෙව්වා. පස්සෙ මට ආසාවක් ඇතිවුණා එයා ගැන හොයන්න. ඔහොම ඉන්නකොට මට ලස්සන ටික්ටොක් වීඩියෝ එකක් හම්බුණා. එහෙම තමයි මුලින්ම අපි කතාබහ කරන්න යොමු වුනේ.. හරි සුන්දර දෙයක් ඒක මටනම්… ඒක වැරැද්දක් නෙවෙයිනේ.. ඊටපස්සෙ මම චිරන්තට කතා කරලා සුබ පැතුවා. මම ඔහුගේ ෆෑන් කෙනෙක් වුණා. පස්සෙ කතා කරපු වෙලාවේ එයාටත් හරි පුදුමයි… මටත් සතුටුයි… චිරන්ත ගැන හැමෝම දැනගන්නකොට මට එක එක ඒවා කිව්වා. ඒ කා එක්කවත් මම තරහා නෑ. මොකද මට දොස් කියන අයට වඩා හොඳ අය මට ආශිර්වාද කළා..”

1

2

3

4

5

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.