කපල් සඳහාම නිපදවා ඇති අමුතු ආකාරයේ භාණ්ඩ වර්ග 15 ක් - Nonimi

කපල් සඳහාම නිපදවා ඇති අමුතු ආකාරයේ භාණ්ඩ වර්ග 15 ක්

විනෝදය පිණිස ඔබේ විවාහක මිතුරු මිතුරියන් වෙනුවෙන් තිලිණ කල හැකි අසාමාන්‍ය අමුතු ආකාරයේ තෑගි ලැයිස්තුවක්ම පහතින් දැකබලාගන්න.

1. විවිධ උෂ්ණත්වයන් සහිත පොරොනා

ඔබේ කැමැත්ත පරිදි සිසිල් වීම හෝ උණුසුම් වීම සඳහා මෙම පොරොනාවේ පැත්තක් ‍තෝරාගැනීම පමණයි ඔබට තිබෙන්නේ.මෙසේ වෙනස් උෂ්ණත්වයන් ප්‍රිය කරන යුවලවල් සඳහා ගැලපෙනම පොරෝනාවක් හඳුන්වාදීමට සමත් වී ඇත්තේ ‘bedjet’ නිෂ්පාදන ආයතනයයි.

2. ‘යින්ග්-යැන්ග්’ නාන තටාක

දෙන්නටම එකවර භාවිතා කරමින් අත පය දිග ඇරලා සැහැල්ලුවෙන් ස්නානය කල හැකි නාන තටාකයක්.

3. වැලඳගැනීම් ස්පර්ෂය දනවන කමිසය

ඔබේ ආදරණීයයන්ව ඇත්තෙන්ම වැලඳගන්නවා වගේ හැඟීමක් දනවන මේ කමිසය සකස්කර ඇත්තේ සුවිශේෂි තාක්ෂණයකිනි. එමඟින් වැලඳගැනීම් ඔබේ ප්‍රියතමයන් වෙත සෘජුවම යොමු කරනු ලැබේ.

4. පැද්දෙන යුගල පු‍ටුව

සැහැල්ලුවීමට සහා පොතක් කියවීමට ගැලපෙනම පු‍ටු සැකැස්මක්.

5. යුගල වැසිකිළි පෝච්චි

තත්පරයක් වත් ඈතින් ඉන්න බැරි සහකරුවන්ටයි සහකාරියන්ටයි තෑගි කරන්න අපූරු තෑග්ගක්

6. ‘බියුටි ඇන්ඩ් ද බීස්ට් සහා රෝස මල’

සුරංගනා ප්‍රේම කතා වලට ආදරය කරන අයට තිලිණ කිරීමට ලස්සන සිහිවටනයක්.

7. දෙදෙනාටම භාවිත කල හැකි යට ඇඳුමක්

8. වෙලාවන් දෙකකට සකස් කල හැකි හඬ නොනැගෙන එලාර්ම් ඔරලෝසුව

වෙනස් වෙලාවන් දෙකකට අවදි වෙන අයට ගැලපෙනම ඔරලෝසු විශේෂයක්. ඔබේ සහකරු/සහකාරිය ඔබට ප්‍රථම අවදි වුණත් ඔබට තව පැය කිහිපයක්ම නිදාගන්න කාලය තිබෙයි නම් ඔබ අවදි කල යුතු කාලය සඳහන් කර මේ මුදුව පැලඳ නිදාගැනීම පමණයි ඔබට සිදුකිරීමට ඇත්තේ. ඔබ අවදිකල යුතු වේලාවට ශබ්ද නාදයක් වෙනුවට ඔබේ ඇඟිල්ල වේගයෙන් ස්පන්දනය වීමට පටන්ගනියි (vibrate). මේ ඔරලෝසුවේ ඇති වෙනස එයයි.

9. එකිනෙකා සමඟ සමීප කතාබහකට ‘පේපර් ඉන්ටිමසි’

10. උණුසුම්ව සහා සැපපහසුවට දෙදෙනාටම භාවිතා කලහැකි ජර්සි එකක්

11. ‘kissenger’ උපාංගය

‘කිසෙන්ජර්’ නම් හාදු පණිවුඩ සේවාව හරහා දුර සිටින ඔබේ සමීපතමයින් සමඟ හාදු හුවමාරු කරගැනීමට හැකියි.

12 මිට දෙකක් සහිත කුඩයක්

දෙදෙනාවම වැස්සෙන් අව්වෙන් ආරක්ෂා කල හැකි මිට දෙකක් සහිත විශාල කුඩයත් අපූරු තෑග්ගක් වේවි.

13. දුර සිටින අය සමීප කරවන දුරකථන කොට්ටය

‘Little Riot’ නිෂ්පාදන ආයතනය හඳුන්වාදී ඇති මෙම ‘පිලෝ ටෝක්’ උපාංගය දුරින් සිටින පෙම්වතුන් සඳහාම නිපදවූවකි. විශේෂ ග්‍රාහකයක් සහිත ඔබේ කොට්ටයට ඔබේ ආදරණීයයාගේ හෘද ස්පන්දනය පණිවිඩයක් සේ ලැබෙන අතර කොපමණ දුරකින් සිටියත් ලඟින් සිටිනවා වැනි හැඟීමක් ඉන් ඇතිකරයි.

14. අත් පටලාගත හැකිසේ දෙදෙනාටම පැලඳිය හැකි අත්මේස්

15. තුරුල්කරගැනිම සඳහා ඇති මෙට්ටයක්

‘cuddle mattress’ ලෙස හඳුන්වන මෙය ඔබේ සහකරු/සහකාරිය නින්දට යනතුරු ඔබ නින්දට පත්විම වළක්වයි.

17. යුගල වීදුරු

වයින් වලට ප්‍රිය කරන ඔබේ මිතුරු විවාහක යුවලට තිලිණ කිරීමට සුදුසු තෑග්ගක් !

 

Leave a Reply