ක්ශණික ආහාර සපයන ආපනශාලා සේවකයන් කවදාවත් නොකියන රහස් 10ක්

ක්ශණික ආහාර ගැන නූතන සමාජයේ නොදන්න කෙනෙක් නෑ.මොකද, වැඩේ ලේසියි, සරලයි, ඒ වගේම මාරම රසයි. ඒ විතරක් නෙවේ වෙලාවත් ඉතුරුයි නේ. ඔබට හොඳටම විශ්වාසද, මේ ආහාර පාන ගැන හැමදෙයක්ම ඔබ දන්නවා කියලා. අද අපි කතා කරන්නේ ඒ ගැන.

1). ක්ශණික ආහාර වලට හොඳම වෙලාව

මේ වගේ ආපන ශාලාවකට යන්න හොඳම වෙලාව විදියට සැළකෙන්නේ, “කාර්‍යබහුල වෙලාවන්” ( ඒ කියන්නේ දවල් 11ත් 1ත් අතර හා හවස 6ත් 8ත් අතර). මේ වෙලාවට මේසයක් නම් හොයාගන්න ටිකක් අමාරුයි තමයි.හැබැයි මේ වෙලාවට තමයි නැවුම් ආහාර සපයන්නේ.

2). ඔබට නැවුම් French fries/ අල පෙති ඕනි නම් ,ඒවා ලුනු රහිතව ඇනවුම් කරන්න.

කලින්සුදානම් කරපු French fries ලුණු වලින් සමන්විතයි.ඔබට නැවුම් French fries අවශ්‍ය නම් ,ලුණු රහිතව ඇනවුම් කරන්න.

3). ආහාර පිසීමේදි දැනෙන සුවඳත්, වෙලද උපක්‍රමයක්.

මේ වගේ ආපන ශාලා පසු කරගෙන යන විට ඉතා හොද,මිහිරි සුවඳක් එනවානේ. කොටින්ම කිව්වොත් කන්නම හිතෙන සුවඳක්.මේ වෙලඳ උපක්‍රමයක්. මේ නිසා සමහර ආපන ශාලා වල ආහාර පිසින ස්ථානයේ දොර විවෘත කරලා තියෙනවා.

4). කොකා කෝලා බොන එක තේ වලට වඩා ලාබයි,මොකද ඒක ආහාර රුචිය ඇති කරනවා.

මේ වගේ ක්ශණික ආහාර සපයන ආපන ශාලා වල සෝඩා වර්ග සාමාන්‍යයෙන් තේ වලට වඩා මිලෙන් වැඩියි.මොකද මේවාගේ තියෙන කාබන් ඩයොක්සයිඩ් නිසා ආහාර රුචිය ඇති වෙනවා.ඉතිං සෝඩා වර්ග වැඩියෙන් අලෙවි වනවාට මොවුන් කැමතියි.

5). French fries වල ද්‍රවය 19ක් අඩංගුයි.

මේ French fries වල තියෙන මිහිරි රසය ලැබෙන්නේ, අල නිසාම විතරක් නෙවේ. අල හැරුනු කොට තෙල්, පිශ්ඨය හා විවිධ රසකාරක 18ක්,මීට අයත් වෙනවා.

6). උදෙන්ම යන එක ඒ තරම් හොද තීරණයක් නෙවේ.

මේ වගේ ආපන ශාලාවක් විවෘත කරපු ගමන් යන එක ඒ තරම් හොඳ තීරණයක් නෙවේ. මොකද ඒ වෙද්දි ,ඔවුන් කුස්සිය, මේස හා භාජන විවිධාකාර රසායනික ද්‍රවය යොදා ගෙන සුද්ධ පවිත්‍ර කරනවා. උදෙන්ම ගියොත් ඒවා ඉතිරි වෙලා තියෙන්න පුළුවන්.

7). මීට අවුරුදු 30කට කලින් තිබ්බාට වඩා කැලරි ප්‍රමාණයක් අද ක්ශණික ආහාර වල අඩංගුයි.

අද අපි භාවිතා කරන ක්ශණික ආහාර ප්‍රමාණය ඉතා වැඩියි. ඒ කියන්නේ කැලරි ප්‍රමාණයත් වැඩියි. උදාහරනයක් විදියට 1980 දි අඩංගු වුනාට වඩා 75%ක කැලරි ප්‍රමාණයක් ,වර්තමාණ චීස් බර්ගර් එකක අඩංගුයි. පීසා එකක නම් මේ අගය 70%ක්.

8). මිල්ක් ශේක් එකක තියෙන සීනි ප්‍රමාණය , දවසකට නියමිත ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක් වැඩියි.

මිල්ක් ශේක් කියන්නේ හරි සුලභ ප්‍රනීත ආහාරයක්. ඒ වගේම ග්‍රීෂ්ම කාලයේදී මීට හොඳ ඉල්ලුමකුත් තියෙනවා. අපිට දවසකට සීනි අවුන්ස 1ත් 2ත් අතර ප්‍රමානයක් හොඳටම ප්‍රමාණවත්.හැබැයි මේ මිල්ක් ශේක් එකක අවුන්ස 3ක් පමණ ,සීනි අඩංගු වෙනවා.

9). අතින් කනකොට හැමදේම වඩාත් රසවත්.

මේ වගේ ක්ශනික ආහාර සපයන ආපන ශාලා වල හැදි ගෑරප්පු දකින්න ලැබෙන් නෑ. ඒකටත් හේතු තියෙනවා. මොකද අතින් කනකොට කෑම කොහොමත් රසයි. ඒ වගේම වැඩිපුර කන්නත් පුළුවන්.

11). සෝඩා නිකුත් කරන යන්ත්‍රය ,පිරිසිදු නම් නෑ.

මේ ස්ථාන පිරිසිදු කරන එක ඒ තරම් ලේසි නෑ. ඒ නිසා බැක්ටීරියා ආදි ක්ශුද්‍ර ජිවීන් ඉක්මනින්ම වර්ධනය වෙනවා.

Check Also

කොට්ටයක් නැතුව නිදාගත්තොත්

අප නිදා ගන්න ගන්නා කොට්ටයේ ඉතිහාසය පුරාණ මෙසපොතේමියාව දක්වා දිව යයි. එකළ ඒවා ගල් වලින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *