කාන්තාවක් පිරිමියෙකුගේ පෙනුම ගැන හිතන එත් කාටවත් නොකියන දේවල්
කෙනෙක්ගේ පෙනුම දිහා බලලා ඒ පුද්ගලයා ගැන තීරණයකට එන්න මිනිත්තුවකින් 1/10 ක කාලයකින් පුළුවන් කියලා මනොවිද්යාඥයෝ දෙදෙනෙක් කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. මේ අතරින් කාන්තාවන්ගේ තීරණ ගොඩක් විශේෂයි. ඉතින් අපි බලමු කාන්තාවක්, පිරිමිකෙනෙක් දැක්ක ගමන් ඔහු නිර්ණය කරන්නේ කොහොමද කියලා
1). ඇඳුම් පැළඳුම්
කාන්තාවක් පිරිමි කෙනෙක් දැක්ක ගමන් ඔහුගේ ඇඳුම් පැළඳුම් බලලා තීරණයකට එනවා ඔහු මොන වගේ තරාතිරමක කෙනෙක්ද කියලා. එතනදිත් ඔවුන් කාරනා 2ක් යටතේ මේ දේවල් වර්ග කරනවා. එකක් තමයි ඇඳුමේ ගැලපීම සහ විලාසිතාව. කෙනෙක් ඇඳගෙන ඉන්න ඇඳුම ඒ අදාළ ස්ථානයට ගැලපෙනවද නැද්ද කියන දේ, විකාර විදිහට ඇඳුම් පැළඳුම් අඳිනවා නම් උදාහරණයක් විදිහට office suit එකකට sports shoes දානවා නම්, විලාසිතාවත් හරියට match වෙන්නේ නැත්තන් ඒ ගැන කාන්තාවන් සැලකිල්ලක් දක්වනවා කෙනෙක් ගැන තීරණයකට එන්න. මේ ඔක්කොම දේවල් කොච්චර හොඳට ගැලපුනත් වැඩක් නැහැ පිරිසිදුකම නැත්නම්.
කුණු දුවිලි තැවරිලා නම්, පැල්ලම් තියෙනවා නම්, මාස ගනන් හෝදන්නේ නැතුව කලිසම් එහෙම ඇඳගෙන ඉන්නවනම් කාන්තාවක් ඔබ දිහා හැරිලාවත් බලන එකක් නෑ. ඒ වගේම තව දෙයක් තමයි අපි පැළඳගෙන ඉන්න ඇඳුම්, අපගේ සිතුවිලි, අපගේ කාර්ය සාධනය මේ හැම දෙයක්ම අපේ හෝමෝන මට්ටමටත් හෘද ස්පන්දනයටත් බලපානවා කියලා විද්‍යාත්මක පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා.
2). ඇවිදින විදිහ
කෙලින් සෘජුව විශ්වාසයෙන් හා ශක්තිසම්පන්නව ඇවිදින පිරිමි කෙනෙක්ට හොඳ ආත්මශක්තියක් වගේම ඕනෑම ප්‍රශ්නෙකට මුහුණදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා තමයි කාන්තාවන් හිතන්නෙ. මේ වගේ අයට කාන්තාවන්ගේ වැඩි ආකර්ශනයක් තියෙනවලු. හැබැයි කොන්ද වකුටු කරගෙන, බිම බලාගෙන ඇවිදින පිරිමින් නම් ඔවුන්ගේ සම්බන්ධකම් වලදී වගකිම් විරහිතව වැඩ කරන බවයි ඔවුන්ගේ විශ්වාසය.
3). කොන්ඩ විලාසිතාව
ගොඩක් පිරිමි අයට කොන්ඩේ පිරන්න අමතක වෙනවනෙ. ඒනිසාම කාන්තාවන් කොන්ඩ විලාසිතා ගැන බලලත් පුද්ගලයෙන් නිර්ණය කරන්න පෙළඹෙනවා. ඒත් මේක කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වෙනවා. සමහර කෙනෙක් කොටට කපපු කොන්ඩ විලාසිතාවකට කැමති උනත් තවත් කෙනෙක් දිගට වවලා, ගොතලා තියෙන කොන්ඩ විලාසිතාවකට කැමති වෙන්න පුළුවන්. මේ කොයි විලාසිතාව උනත් ඒක හරි පිළිවෙලට, පිරිසිදුවට තියන එක වැදගත්.
4). ශරීරය
කාන්තාවන්ගේ ආකර්ෂණය දිනාගන්න පුලුවන් තවත් කාරණාවක් තමයි යටි අතට ත්‍රිකෝණාකාරව ( V Shape )තියෙන ශරීරය. ඒ නිසා ඔබ ඔබේ ශරීරයේ හැඩය පවත්වාගෙන යන්න උත්සාහ කලොත් හොඳයි. ගොඩක් තරුණයින් නම් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. හැබැයි මේ මොන දේත් කරන්න පුළුවන් වෙන්නේ විවාහ වෙනකන් විතරයි. මොකද කියනවා නම් 90% කාන්තාවන් තමන්ගේ ස්වාමියා වෙන කෙනෙක්ට ආකර්ෂණය වෙන එක වලක්වන්න හොඳට කන්න දීල මහත් කරලා ගන්නවා කියලා සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා.
5). සපත්තු
පිරිමින් සපත්තු අවතක්සේරු කරන්න හොඳ නෑ. මොකද කාන්තාවන් ඒ කෙරෙහිත් විශේෂ අවධානයක් යොමු කරනවා. ඉරුනු , දුවිලි වැදුණු ,ඉරුණු ,කුණු පිරුණු සපත්තු ඔබ පලදිනවා නම් කාන්තාවන් හිතන්නේ ඔබ අවධානය අඩු පිරිසක් විදියට. සමහර පිරිමින් මේස් දාන්නේ නෑ. කලිසම අතුරෙන් කකුල් පේනවාටත් කාන්තාවන් කැමති නෑ.
6). මුහුනේ හැගිම් ප්‍රකාශය
කාන්තාවන් මුහුනේ හැගිම් ගැන ගොඩාක් සැලකිලිමත්. ඔවුන් ලස්සනට වඩා හිතන්නේ මුහුනෙන් හැඟිම් ප්‍රකාශ කරන ආකාරය ගැන.මෙවැනි අවස්ථාවලදී කාන්තාවන් විවිධාකාරව විශේෂඥයින් බවට පත් වෙනවා . නිදසුනක් වශයෙන්, තදින් වසා ගත් තොල් වලින් ඇඟවෙන්නේ මිනිසෙකු දැඩියි කියලා. එතකොට කපටි ඇස් දෙකක් තියෙන මිනිස්සු වංචනිකයි. ඇස් වටා කුඩා රැලි වලින් පෙන්නුම් කෙරෙන්නේ ඒ කෙනා විහිලුවෙන් තහලුවෙන් කල් ගෙවෙන බවයි. කාන්තාවන්ට වඩා නුවණක්කාර මිනිසුන්ට ආදරය කරනවා. ඒ ඔවුන් ස්ථිර තීරන වල ඉන්න නිසා . එහෙත්, පර්යේෂණයට අනුව, ගැඹුරු සබඳතාවක් සඳහා ස්ත්‍රීන් කැමති නිතර සිනහවෙන් හා විහිලුවෙන් ඉන්න පිරිමින්ට.
8). අත්
අත් කියන්නෙත් කාන්තා අවධානය වැඩියෙන්ම යොමු වන තැනක්. දිගු ඇගිලි හරිම ආකර්ශනීයයි. ඔබ නියපොතු හපන කෙනෙක් නම් කාන්තාවන් තේරුම් ගන්නවා ඔබ බයාදු , විශ්වාසයක් නැති කෙනෙක් විදියට. විශේෂම සේ ඔබ මඟුල් මුද්ද පැළඳ ඉන්නවානම් කාන්තාවන් ,එතනින් එහාට ඔබ ගැන හොයන්නේ නෑ
9). තට්ටම් ප්‍රදේශය
කාන්තාවන් මේ ගැනත් අවධානය යොමුකරනවා කියලා ඔබ දැන සිටියාද?සමාජ විද්යාඥයින් විශ්වාස කරන්නේ බොහෝ කාන්තාවන් පිරිමි කෙනෙක්ව මුලින්ම හමුවෙද්දි මේ ගැන විශේෂයෙන්ම බලන බවයි. දැඩි,තට්ටම් ප්‍රදේශයක් තියනවා කියන්නේ ක්‍රියාකාරී ජීවන රටාවක් ඇති මිනිසෙකුගේ දර්ශකයක් වන අතර ඔහුගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් ද නිවැරදි වේ.