කාන්තාවන්ගේ ඉරියව් අනුව ඔවුන්ගේ ගති ගුණ

මෙහි දක්වා ඇති කාන්තාවන් අතුරින් අයෙකු ඔබෙන් යමක් සඟවනවා ඇත.ඒ කවරෙක්ද කියා හඳුනා ගැනීමට ඔබට හැකිද? මෙය තරමක් අපහසුයි නේද?මන්ද මිනිසුන්ව හඳුනා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක් වන බැවිනි.ඒ අතරෙනුත් කාන්තාවක් හරියටම හඳුනා ගැනීම යනු දුෂ්කරම කාර්යයකි.නමුත් ශාරීරික භාෂාව තව විදිහකින් කිව්වොත් අංගචලන විද්‍යාවේ පරතෙරටම ගිය ප්‍රවීනයින්ට නම් මෙය ඉතා පහසු දෙයක්.

නමුත් සාමාන්‍ය මිනිසුන් වෙන අපිට මෙය එතරම් හුරු පුරුදු ක්‍රියාවක් නෙමේ.කාන්තාවක් තම ඉරියව් වලින්,අදහස් වලින් හරියටම කියාපාන්න අදහස් කරන්නේ කුමක්ද කියා තේරුම් ගන්න ටිකක් අමාරුයි.නමුත් කළ නොහැකි දෙයක් නොවේ.ඉතින් මෙම කාන්තාවන් දෙස ඉතා විමසිල්ලෙන් බලා පින්තුරය පරීක්ෂා කර වංචාවක් කරන කත කවුරුන්ද කියා හඳුනා ගැනීමට ඔබට හැකිද කියා බලන්න.ඔබ යමෙකු තෝරාගත් පසු අප දී ඇති තතු ඇසුරින් ඔබේ හඳුනා ගැනීම සත්‍යදැයි කියා බලන්න.

1 කාන්තාව-

ඔබට සිතෙන්නේ කුමක්ද?මෙම කාන්තාව ඔබට වංචාවක් කරයි,එහෙම නැත්නම් ඔබගෙන් යමක් සඟවයි කියා ඔබට සිතෙන්නේ නම් ඔබට වැරදීමක් සිදු වී ඇත.හොඳින් බලන්න රූපය දෙස.ඔබ කුමක්ද දුටුවේ?මෙම කාන්තාවගේ දෑත් විවෘතව ඇත.එසේම ඇය ඍජුව ඔබ දෙස බලා සිටියි.සැබවින්ම මෙම කාන්තාව ඔබෙන් කිසිවක් සඟවන්නේ නැත.ඇයට අවශ්‍ය වී ඇත්තේ විවෘතව හා අවංකව ඔබත් සමඟ අදහස් බෙදා ගැනීමටයි.එනිසා මැය වංචාවක් නොකරන බව කිව හැකි අතර ඔබට ඇයව විශ්වාස කළ හැක.නමුත් පරිස්සම් විය යුතු වෙන්නේ යමෙකු මෙම අංග චලනයන් අවංක හැසිරීමකට සාක්ෂි දරන බව දැනගෙන සිටීනම් එම කාන්තාව විටෙක ඔබ ඉදිරියේ විශ්වාසය දිනා ගැනීම සඳහා මෙවැනි අංග චලන පෙන්විය හැක.නමුත් සාමාන්‍ය තත්වය වන්නේ මෙම හැසිරීම අවංක බවයි.

2 කාන්තාව –

මෙම කාන්තව ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?ඔබ සිතුවේ ඇය යමක් කල්පනා කරනවා කියාද ?ඇත්තෙන්ම ඔබ මෙම කාන්තාව සැක කළා නම් එහි වරදක් කිව නොහැක.මන්ද හොඳින් ඇය දෙස හොඳින් බැලුවොත් ඇය එක් අතකින් ඇයගේ කන ස්පර්ශ කරමින් සිටින බව ඔබට පෙනේවි.සාමාන්‍යයෙන් අපි වරදක් කළ විට අත් දෙකෙන් කන් දෙක අල්ලාගෙන සමාව ගන්නවා නේද.කුඩා ළමුන් පවා එසේ සිදු කරයි.ඒ ඔවුන් වරදක් කල නිසාය.ඉතින් මේ කාන්තාව ඔබට සැක නොසිතෙන අයුරින් අතකින් ඇගේ කණක් ස්පර්ශ කරමින් සිටින බැවින් ඇය ඔබෙන් යමක් සැඟවීමට බොහෝ දුරට ඉඩ ඇත.එසේම ඇය ඇගේ දෑස් ඔබ වෙතින් මග හරින ආකාරයක් දිස් වේ.ඍජුව ඇස් දෙස නොබලන්නේ වංචාවක් කරන මිනිසුන් බවට සමාජයේ මතයක් ඇත.ඉතින් ඒ අනුව මෙම කාන්තාව ඔබෙන් යමක් සැඟවීමට උත්සහ කරන බව තහවුරු වේ.

3 කාන්තාව –

මෙම කාන්තාවත් ඍජුව දෑස් දෙස බලා සිටින බව දිස් වේ.එසේම ඇය ඔබ කියන දෙයට සාවදානව සවන් දෙන බවක්,එහෙම නැත්නම් යමක් කරුණු සහිතව විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීමට උත්සහ කරන බව දිස් වේ.ඒ ඇය නිකටෙහි අත තබාගෙන යමක් කීමට උත්සහ කරන බව දිස් වෙන නිසාය.ඒ අනුව මෙම කාන්තාව බොරුවක්,වංචාවක් කිරීමට උත්සහ කරන බවක් හෝ ඔබෙන් යමක් වසන් කිරීමට වෙර දරනවා කියා කිව නොහැක.ඇය විශ්වාසවන්ත තැනැත්තියකි.

4 කාන්තාව

මැය නම් බැලු බැල්මටම බොරුකාරියක් එහෙම නැත්නම් වංචාකාරියක් බව කිව හැකිය.හොඳින් බලන්න ඇයගේ ඉරියව්.ඇය තම අතින් තම මුඛය වසාගෙන සිටින්නේ හරියට ඇයගේ මුවින් යම් දෙයක් පිටවෙනවාට බියකින් මෙනි.ඇයට යම් කරුණක් ඔබෙන් සැඟවීමට අවශ්‍යයි.එනිසයි ඇය එසේ තම මුව අතින් වසාගෙන සිටින්නේ.ඇය සත්‍ය වසන් කිරීමට වෙර දරන බවක් දිස් වේ.ඒ අනුව මෙම රූප අතුරෙන් ඔබට එක්කෙනෙක් නොව දෙදෙනෙකුම වංචාකාරියන් බව තහවුරු වේ.පළමුවෙන් සත්‍ය වසන් කිරීමට උත්සහ කලේ අංක 2 දරන කාන්තාවයි.දෙවනුවට සත්‍ය වසන් කරනවා කියා සැක සිතිය හැක්කේ මෙම කාන්තාවයි.එනම් අංක 4 රුපයේ සිටින කාන්තාවයි.ඉතින් මෙවැනි අංග චලනයන් හැසිරීම් වලින් යුතු කාන්තාවන්ගෙන් ප්‍රවේශම් වීමට ඔබ මතක තබා ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *