කාන්තාවන්ගේ සිත් වශී කරවන පිරිමි මායම් 12ක්

පක්ෂපාතිත්වය, විශ්වාසනීයත්වය වගෙම අවංකභාවය වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් සෑම පිරිමියකුගේම ජනප්‍රිය ගුණාංග අතර ඉහලින්ම තියෙන්නේ. අවාසනාවට, පළමු වරට පුද්ගලයෙක් දකිනකොටම මේ ගතිලක්ෂණ ඒ පුද්ගලයා ලග තියෙනවද කියලා හොයන්න හරිම අමාරුයි. නමුත් අධ්‍යනයකින් හෙලි වෙලා තියෙනවා තත්පර කිහිපයක් ඇතුලත පිරිමියකු දෙස බැලූ සැනින්ම ඒ කෙනා පිලිබද කාන්තාවක් තුල ආදරය ඇති වෙන්න පුලුවන් කියලා. ඉන්පසුව සුභවාදි හැගිම් ඇති කරන රසායනික ද්‍රව්‍යක් නිපදවෙලා එයින් මොළයේ ප්‍රදේශ 12කට බලපෑම් ඇති කරන්න සමත් වෙනවා. ඉතින් අපි මේ කියන්නේ කාන්තාවකට එසේ ක්ෂණික ආකර්ෂණයක් ඇති වෙන්න බලපාන පිරිමින් තුල තියෙන ලක්ෂණ පිලිබදවයි.

1. කාන්තාව සිනා ගැස්වීම.

ඔවුන් සමග විනෝද විය හැකි පිරිමින්ට කාන්තාවන් ගොඩක් කැමතියි. අධ්‍යනයකට අනුව තහවුරු වෙලා තියෙනවා එවැනි විනෝදජනක පුදගලයන් නිහතමානි, වඩා නිර්මානශීලි වගෙම බුද්ධිමත් පුද්ගලයන් වෙනවා කියලා. මෙම සාධක සියල්ලේම එකතුව මනා සාර්ථක පුද්ගලයකුයි.

2. පරාර්ථකාමි හැසිරීම් පෙන්වන්නන්.

විද්යාඥයන් පවසන්නේ, නිතරම පරාර්ථකාමි හැසිරීම් පෙන්වන පුද්ගලයකුට වසරක් තුලදි ස්ථිර සබදතාවක් ගොඩ නගා ගැනීමට වැඩි හැකියාවක් පවතිනවා කියලයි. එයින් අදහස් වෙන්නේ අන් අය පිලිබද නිතරම සිතන පුද්ගලයින් සමග දිගු කාලීන සබදතා ගොඩනගා ගැනීමට කාන්තාවන් වඩාත් කැමති වන බවයි.

3. උසස් වත්කම්.

ගොඩක් වෙලාවට අපිට ඇහිලා තියෙනවා සතුට ලබා ගැනීම සදහා මුදල් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් අධ්‍යනයක් මගින් හෙලි වෙලා තියෙනවා කාන්තාවන් “උසස් තත්වයේ” වස්තුන් සමග (උදාහරණ ලෙස මිල අධික මෝටර් රථ හා සුඛෝපභොගි නිවාස) සිටින පිරිමි පුද්ගලයන්ට ක්ෂණිකව ආකර්ෂණය වෙනවා කියලා.

4. වැඩිහිටි පෙනුම.

කතාවක් තියෙනවා “පිරිමියෙක්ගේ අගේ වයසත් එක්කම වැඩි වෙනවා” කියලා. නමුත් මේ කතාවේ හේතු සම්බන්ධව බොහෝ විවාදාත්මක මති මතාන්තර තියෙනවා. කොහොම වුනත් තහවුරු වෙලා තියෙන විදියට කාන්තාවන් වැඩියෙන් වැඩිහිටි පෙනුමැති පිරිමි පුදගලයන්ට ඉක්මනින් ආකර්ෂණය වෙන්නේ ඔවුන්ට විශාල ජීවිත අත්දැකීමක් තියෙන නිසා වගෙම දියුණුව කරා යාමට ඔවුන්ට ඉතා හොද හැකියාවක් තියෙන නිසා කියලයි.

5. යම් අවිනිශ්චිතතාවයක්.

ඇතැම් අවස්තාවල කාන්තාවන් ඔවුන්ට වැඩි අවදානයක් ලබා නොදෙන පිරිමි පුද්ගලයන් කෙරෙහි වැඩියෙන් ආකර්ෂණය වීමේ හැකියාවක් පවතිනවා. ඒනිසා වැඩි අවදානය ලබා නොදීමත් පිරිමි මායමක් විදියට හදුන්වන්න පුලුවන්.

6. බල්ලකු ඇති කිරීම.

වර්තාමනයේදි සුනඛ හිමිකාරිත්වය හා රැකබලා ගැනීම දිගු කාලීන සබදතාවයක ලක්ෂණයක් විදියට හදුන්වනවා. එමගින් කැපකිරීමේ හැකියාව පිලිබදව සංඥා කරනවා. ඒනිසා සුනඛයකු සමග සිටින පිරිමි පුදගලයකුට ක්ෂණිකව කාන්තා ආකර්ෂණය හිමි වෙන්න පුලුවන්.

7. රතු ඇදුම්.

රතු පාට කාන්තාවන් සදහා පමනක්ම නොවේ. විද්යාඥයන් පවසන ආකාරයට රතුපාට ඇදුමින් සැරසුන පිරිමි පුද්ගලයන් කෙරෙහි කාන්තාවන්ගේ වැඩි උනන්දුවක් යොමු වෙනවා.

8. අවදානම් ගැනීම.

කාන්තාවන් අනතුරුදායක හැසිරීම් රටාවලට යොමු වෙන හා අභියෝග වලට යොමු වෙන පිරිමි පුදගලයන් කෙරෙහි වැඩියෙන් ආකර්ෂණය වෙනවා. එහිදී පරික්ෂණයක් මගින් ඔප්පු වෙලා තියෙනවා වික්‍රමාන්විත අවදානම් වලට මුහුණ දෙන පුද්ගලයන්ට අවදානම් නොවන වික්‍රමාන්විත ක්‍රියාවන්ට මුහුණ දෙන පුද්ගලයන්ට වඩා වැඩි අවදානයක් යොමු වෙනවා කියලා.

9. වැඩුනු රැවුල.

කාන්තාවන් රැවුලකින් තොර මුහුණු වලට වඩා හොදින් රැවුල වැඩුනු මුහුණකින් යුතු පුද්ගලයන් තෝරා ගැනීමට වැඩි නැඹුරුතාවයක් පවතිනවා. ඒ වගෙම ඝනව වැඩුනු රැවුලක් සහිත පුද්ගලයන් හොද සෞඛ්‍ය මට්ටමකින් සිටිනවා යන්නත් පෙන්නුම් කරනවා.

10. හොදින් සැකසුනු මාංශ පේශින්.

හොදින් සැකසුනු මාංශ පේශින් ඇති පුද්ගලයන් වඩාත් සරාගි කඩවසම් හා වඩාත් කායික වශයෙන් ආධිපත්‍ය දක්වන පුද්ගලයන් වශයෙන් කාන්තාවන් සලකනවා. නමුත් ඔවුන් තම සහකාරිය කෙරෙහි අඩු කැපවීමකින් තමයි කටයුතු කරන්නේ. ඒනිසා දිගු කාලීන සබදතාවයක් ඇති කර ගැනීමට නම් මධ්‍යම ප්‍රමානයේ සැකසූ මාංශ පේශින් ඇති පිරිමි පුද්ගලයන්ට කාන්තාවන්ගේ වැඩි ආකර්ශනය හිමි වෙනවා.

11. දරුවන් කෙරෙහි උනන්දුවක් දක්වන්නන්.

පිරිමි පුද්ගලයකු දරුවන් සමග කටයුතු කරන විට ඇතිවෙන මුහුණේ හැගිම්, නිරීක්ෂණය කිරීම මගින් ඔහු දිගුකාලීන සබදතාවයකට සුදානම්ද නැද්ද යන්න පිලිබද නිගමනය කිරීමට කාන්තාවකට සැගවුනු දක්ෂතාවයක් තියෙනවා. ඒනිසා දරුවකු සමග කටයුතු කරන විට ඔබේ ඇස් වලින් වගෙම සිනහවෙනුත් ප්‍රතිචාර දැක්වීම මගින් ඔබ ආදරය කරන කාන්තාවගේ හිත දිනා ගැනීමට වැඩි හැකියාවක් තියෙනවා.

12. උස.

කාන්තාවන් 600 දෙනෙකු යොදාගෙන කල අධ්‍යනයකින් හෙලි වුනේ පිරිමි පුද්ගලයාගේ උස කෙරෙහිත් කාන්තා අවදානාය යොමු වෙනවා කියලයි. එහිදි තමන්ට වඩා උස පිරිමියකු තම සහකාරයා කර ගැනීමෙන් වඩාත් ආරක්ෂාකාරී හැගීමක් ඔවුන්ට ඇතිවෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒනිසා ක්ෂණික ආකර්ෂණයකට වගෙම දිගු කාලීන සබදතාවයක ආරම්භයට පිරිමි පුදගලයාගේ උසත් අනිවාරෙන්ම බලපානවා.

Leave a Reply