කාන්තාවන්ගේ හා පිරිමින්ගේ උපන් ලප වලින් හෙළිවෙන රහස් - Nonimi

කාන්තාවන්ගේ හා පිරිමින්ගේ උපන් ලප වලින් හෙළිවෙන රහස්

නළලේ පිහිටි ලපය-නළලේ කළු පාට උපන් ලපයක් පිහිටන තැනැත්තත් නපුරු ගති ඇති අය ය. උපන් ලපය දුඹුරු පැහැයෙන් යුක්ත නම් එම පුද්ගලයන්ට නිතර රෝග සෑදෙන බව කියයි.

ඇහිබැම මත පිහිටී ලප දකුණු ඇහි බැමේ පිහිටි ලප ඇති අයගේ සියලු කටයුතු සාර්ථක වන අතර වාසනාවන්ත විවාහයකටද හිමිකම් කීමේ වාසනාව උරු‍ම‍ වේ. වම් ඇහි බැමේ ලප පිහිටි පුද්ගලයන්ට දුක් ඇති වීම මෙන්ම රෝග බෝවීමේ ඉඩකඩ ද වැඩි වේ.

ඇහි පිහාටුව මත ලප පිහිටීම දකුණු ඇහි පිහාටුව මත ලපයක් පිහිටීම වාසනාව,ධනය ලැබීම හා භාග්‍ය උදාකරවන්නක් බවට විශ්වාස කරයි. නමුත් මේ අය බොහෝවිට වංචාකරුවන්ගේ ප්‍රයෝග වලට අසුවීමේ ඉඩකඩ වැඩි ය. මෙහෙකරුවන් මෙන්ම පහත් අය ඇසුර නිසා නින්දා අපහාස ලබනු ඇත.

ඇස කෙළවර ලප පිහිටීම වම් ඇස කෙළවර ලපයක් පිහිටීම නිසා ස්ත්‍රින්ට පුරුෂ පක්ෂයෙන් කරදර ඇති වන අතර විවාහයටද බාධා පැමිණේ . දකුණු ඇස කෙළවර මෙවැනි ලපයක් ඇත්නම් පිරිමියකුගේ විවාහ ජිවිතය වාසනාවන්ත වේ. මෙවැනි උපන් ලපයක් ඇති ස්ත්‍රියකට ලැබෙන විවාහක පුරුෂයා කරුණාවන්ත වාසනා ගුණය ඇති අයෙකු වේ.

නාසයේ ලප පිහිටීම නාසයේ දකුණු පැත්තේ ලපයක් පිහිටීමෙන් දුක් ඇති වීම බලාපොරොත්තු කඩවිම් සිදු වේ. මේ ලපය කළු පැහැති නම් එම පීඩාකාරි ගති වැඩිවන අතර දුඹුරු පැහැ ලපයක් නම් එම තත්ත්වය අඩු කරවන බව කිව හැකි ය. නාසයේ වම් පැත්තේ ලපයක් පිහිටියේ නම් ක්‍රීඩාවට මෙන්ම ආහාර වලට ද ප්‍රියතාවයක් ඇති කරයි.

කම්මුලේ ලප පිහිටීම දකුණු කම්මුල මත ලපයක් පිහිටීම විවාහය වාසනාවන්ත වීමට බලපායි. ස්ත්‍රියක් නම් පුරුෂ ආකර්ෂණය ඇති වන පිහිටීමකි. තම කටයතුවලට ආධාර උපකාර බහුලව ලැබේ. පුරුෂයකු නම් ස්ත්‍රින්ගේ උදව් උපකාර මෙන්ම ඒ අය වසඟකර ගැනීමේ හැකි‍යාවක් ද පවති. ලප දෙකක් පවතී නම් විවාහ දෙකක් සිදු වීමට ද හැකි වම් කම්මුල මත ලප පිහිටි විට විවාහය පිළිබඳ කරදර බාධක ඇති කරයි. පුරුෂයකුගේ මෙවැනි ලපයක් පවතී නම් ජලයෙන් අනතුරු ඇති විය හැකි අතර විදේශයකදී මරණය පවා සිදුවීමේ ඉඩ කඩ ඇති වේ. ලප ගණන වැඩි වු විට දෝෂ වැඩිවනු ඇත.

කම්මුල් දෙකේම ලප පිහිටි විට බලාපොරොත්තු බිඳ වැටීම් සිදු වේ. විවාහ වීමට කළින් විවාහය පිළිබඳ ප්‍රශ්න ඇති වේ.නමුත් විවාහයෙන් පසු සැප ලබයි. නිවෙසේ දියුණුව සිදු‍වන අතර මහලු ජිවිතයේද සැප ලැබීමට මෙය හේතු වේ.

මුඛයේ ලප පිහිටීම මුඛයේ දකුණු කෙළවරේ ලප‍යක් පිහිටිම වාසනාවන්ත විවාහ ජිවිතයකට හිමිකම් කියන අතර දිර්ඝායුෂ ඇති වීමට සහ බොහෝ ‍දරුවන් ලැබීමටත් මෙය හේතු වේ. මුඛයේ වම් කෙළවරේ පිහිටි උපන් ලපයක් ඇති තැනැත්තා කෙළි සෙල්ලම් සඳහා ප්‍රියතාවයක් දක්වයි.

තොළෙහි ලප පිහිටීම උඩු තොලේ දකුණු පස ලපයක් පිහිටි විට විවාහය තරමක් ප්‍රමාද වන නමුත් වාසනා ගුණය ලැබෙන අය වේ. උඩු තොළෙහි ලපයක් පිහිටීමෙන් ධනවත් වේ.බොහෝ ආදර සම්බන්ධතා ඇති වෙයි. මේ ලපය කළු පාට නම් අපවාද ලබන්නට සිදු වන්නියකි. පුරුෂයෙකුට මෙවැනි ලපයක් ඇත්තම් බාල කාලයේ සිටම උත්සාහවන්තව කටයුතු කර ධනය,සැප සම්පත්,කිර්ති ප්‍රශංසා ලබන අයෙකු වනු ඇත. යටි තොලේ දකුණු පැත්තේ ලපයක් පිහිටීම අධික කාමුක හැඟීම් ඇති ස්ත්‍රි පුරුෂයන් ජනිත කරයි. නමුත් වාසනාවන්ත විවාහයකට හිමිකම් කියයි.විදේශ රැකියාවක නියුතු ‍අයෙකු බොහෝ විට විවාහයට ලැබෙනු ඇත. නො එසේ නම් තැනින් තැන රැකියාව මාරු කරමින් ගත කරන අයෙකු වනු ඇත.

කනේ ලප පිහිටීම දකුණු ‍කනේ ලපයක් පිහිටීම සැප සම්පත් හානි වීම සහ ශෝකය දුක ඇති වීම පෙන්වන්නකි. නෑයන්ගෙන් වෙන්ව දිවි ගෙවීමටද සිදුවනු ඇත. විදේශ ගත වීම ද ඇතිවේ.වම් කනේ ලපයක් පිහිටීම කරදර ඇතිවීම භයානක තුවාල ඇතිවීම සහ රුදුරු මරණයකට ද ගොදුරු වීම ද පෙන්නුම් කරයි.

යම් ස්ත්‍රියකගේ නාසයට කෙලින් නළලේ හරි මැද තරමක් විශාල කළු ලපයක් පිහිටා තිබේනම් එම කාන්තාවන් වාසනා ගුණයෙන් යුක්තවේ.ඉගනීමට ඉතා දක්‍ෂ මොවුන් දෙමාපියන්ගේ ආදරය නොඅඩුවම ලබයි.ප්‍රියමනාප බවින් යුතු මොවුන් දෙමාපිය ආශිර්වාද මැද විවාහවී සාර්ථක විවාහ දිවියකට උරුමකම් කියයි. ඒවාගේම දීර්ඝායුෂ ලබන්නියකි.

යම් කාන්තාවකගේ මුහුණේ කටට උඩින් හා කම්මුලේද දකුණු ඇහිබැමේද ලපයක් බැගින් පිහිටයි නම් එවැනි ලදුන් උපතින්ම ධනවත් වන අතර ඉතා වාසනාවන්තය.මොවුන් අහංකාර ගති පෙන්වන අතර විනෝදකාමී ජිවිතයකට කැමැත්තක් දක්වයි. උසස් ධනවත් තරුණයෙකු සමග විවාහ වීමටද ඇති වාසනා ගුණය අතිමහත්ය.

කාන්තාවන්ගේ දකුණු කම්මුලේ මැද හා වම් කනේ සිරුරට ආසන්න කෙලවරේ එක කෙලින් ලප දෙකක් පිහිටයිනම් එම කාන්තාව කාම ආශාවෙන් පිරි අදහස් ඇති තැනැත්තියකි. මෙවැනි කාන්තාවන් පරපුර්ෂසේවනයට යොමුවීම ඇති ඉඩකඩද වැඩිය.

මුහුණේ හා ඛෙල්ලේ පේළියට ලප තුනක් පිහිටයිනම් මෙවැනි ස්ත්‍රියන් රූප ස්වභාවයෙන් යුක්තයි. ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ දිවියකට එළඛෙන මොවුන් සාර්ථක පවුල් ජිවිතයක් ගතකරයි.

සමහර කාන්තාවන්ගේ කම්මුලේහි උඩට නෙරා ඇති ගුලියක් ආකාරයේ උපන් ලපයකින්ද කට ආසන්නයේ පිහිටන කුඩා උපන් ලපයක්ද ඇතිනම් ඔවුන් මිහිරි කටහඩකට උරුමකම් කියයි.කලාවට ආදරය කරන මොවුන් කාලා කුසලතාවයෙන් හෙබි නිර්මාණශීලි අදහස් ඇති නිර්භීත ගති පැවැතුම් වලින් පිරි කිසිම දිනක ආත්ම ගරුත්වය පාවා නොදෙන එඩිතර කාන්තාවන්ය.

Leave a Reply