කාන්තාවන්ට ස්තුතිවන්න මේ ලෝකෙට ආව නව නිපැයුම් 16ක් මෙන්න - Nonimi

කාන්තාවන්ට ස්තුතිවන්න මේ ලෝකෙට ආව නව නිපැයුම් 16ක් මෙන්න

යාලුවොත් එක්ක බෙදාගන්න

වැදගත් නව නිපැයුම් හා එම නිර්මාණකරුවන් ගැන සිතද්දි අපිට මුලින්ම මතකයට එන්නේ තෝමස් එඩිසන් හෝ රයිට් සහෝදරයන්. බොහෝ නව නිපැයුම්කරුවන් අපි නොදන්නවා විය හැකියි. නමුත් එයින් අදහස් කරන්නේ ඔවුන් අඩු වැදගත්කමක් ඇති බව නම් නෙවේ. සමහර අවස්ථා වල කාන්තාවන්ට පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට හෝ සුදුසු ණය ලබා ගැනීමට අරගල කිරීමට පවා සිදු වුනා. උදාහරණයක් විදිහට මාගරට් නයිට්ගේ අදහස සොරාගැනීම නිසා ඇගේ කර්තෘත්වය ඔප්පු කිරීම සඳහා උසාවියේදී සටන් කිර්‍රිමට පවා සිදුවුණා..

Caller ID, Call Waiting – Dr Shirley Ann Jackson

© PopTech/flickr, © Alan Levine/flickr

ආචාර්ය උපාධියක් ලබා ගත් ප්‍රථම අප්‍රිකානු ඇමරිකානු කාන්තාව වන්නේ ෂර්ලි ඈන් ජැක්සන් වන අතර ඇය න්‍යායික භෞතික විද්‍යාඥවරියක්. MIT වෙතින්  70 දශකයේ සිදු කරන ලද ඇගේ පර්යේෂණ අද අපි බොහෝ දෙනෙක් අදුනන Call waiting සහ caller Id ලොවට හදුන්වාදීමට හැකිවුණා. ඒ වගේම අතේ ගෙන යා හැකි ෆැක්ස්(portable fax), ෆයිබර් ඔප්ටික් කේබල්(fiber optic cables), සූර්‍ය කෝෂ(solar cells) යනාදිය සොයා ගැනීමටත් ඇය සමත් වුණා.

2. Dishwasher – Josephine Cochrane

© Keith’s Magazine/Wikimedia Commons, © depositphotos.com

ජොසෆින් කොක්‍රේන්ට අවශ්‍ය වුණේ තමන් වෙනුවෙන් වැඩ කළ අයට වඩා වේගයෙන් පිඟන් සෝදන උපකරණයක් සහ ඒවා කැඩීමට ඇති ඉඩකඩ අඩු කිර්‍රීමටයි. එබැවින් ඇයම එවැනි යන්ත්‍රයක් නිපදවීමට තීරණය කළා. ඒ අනුව ඇය 1917 දී ඇගේ නව නිපැයුමට පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇගේම කර්මාන්ත ශාලාවක් විවෘත කළා.

3. Kevlar – Stephanie Kwolek

© Michael Branscom/MIT, © depositphotos.com

නමින් ස්ටෙෆනි ක්වොලෙක් නම් රසායන විද්‍යාඥවරිය 1965 දී වානේ වලට වඩා 5 ගුණයක් ශක්තිමත් සැහැල්ලු ද්‍රව්‍ය සොයා ගත්තා.මෙම සොයා ගැනීම වෙඩි නොවදින ඇඳුම් කට්ටල, ශරීර සන්නාහ, ගෘහස්ත අත්වැසුම් වැනි විවිධ නිෂ්පාදන සඳහා බහුලව භාවිතා වන අතර කෙව්ලර් ජංගම දුරකථන වලද , ගුවන් යානාවල ,අත්හිටුවීමේ පාලම්වල දක්නට පුලුවන්.

The curling iron – Theora Stephens

© depositphotos.com, © jenklk2/imgur

අද වන විට බොහෝ තරුණියන් අතර ප්‍රසිද්ධ curling iron නිමැවීමට 1980 දී තියෝරා ස්ටෙෆන්ස් සමත් වුණා.ඇය  ඇමරිකානු කොණ්ඩා මෝස්තර ශිල්පිනියක්.

The fire escape – Anna Connelly

© Google Patents, © Derek Jensen/Wikimedia Commons

වර්තමානයේ සෑම නගරයකම පාහේ ආරක්‍ෂිත පියවරයන්හි තීරණාත්මක අංගයක් වන ගිනි නිවීමේ පාලම සොයාගැනීමටත් දායක වන්නේ කාන්තාවක්.ඇනා කොනලිගේ නම් ඇය ගැන අපි වැඩි යමක් නොදන්නා නමුත් ඇයගේ  සොයා ගැනීම නවීන ගින්නෙන් ගැලවීමට පූර්වගාමී සාධකයක් වූ බව නම් නොඅනුමානයි. ඇනා 1887 දී නිර්මානය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා

The car heater – Margaret A. Wilcox

© Google Patents, © Karen Roe/Wikimedia Commons

සීතල ශීත දිනවල අපව උණුසුම් කරන නවීන කාර් හීටරය සොයාගැනීමට 1893 දී මාගරට් ඒ. විල්කොක්ස් ප්‍රථමවරට සමත් වුණා.

Life rafts – Maria Beasley

© Google Patents, © U.S. Air Force/Wikimedia Commons

මාරියා බීස්ලි විසින් නව ජීවිතාරක්ෂක පාරු සැලැස්මක් ඉදිරිපත් කළ අතර එය වඩාත් ආරක්‍ෂිත විය. 1882 දී ඇයගේ නව නිපැයුමට ඇය පේටන්ට් බලපත්‍රය ලබා ගත් අතර පසුව මාරියා බීස්ලි බැරල් හූප් කිරීමේ යන්ත්‍රයට පේටන්ට් බලපත්‍රයද ලබා ගන්නට සමත් වුණා..

Computer algorithm – Ada Lovelace

© Wikimedia Commons

අද වන විට ලොකු කුඩා සැම අතරම ප්‍රචලිත programming languages ප්‍රථම වරට හඳුන්වාදීමට බයිරන් සාමිවරයාගේ දියණිය වු ඇඩා කිං-නොයෙල් නම් අති දක්ෂ ගණිතඥවරියට හැකි වුණා. කවුන්ටස් ලව්ලේස් සහ චාල්ස් බැබේජ්  සමඟ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ විශ්ලේෂණ එන්ජිම (analytical engine) නිපදවීමටද ඇය දායක වුණා. Programming languages තේරුම්ගත නොහැකි බොහෝදෙනාගේ අදහස නම් මෙය කාන්තාවක් විසින් හඳුන්වාදීම ඊට හේතු වුණ බවයි

Wireless transmission – Hedy Lamarr

© AlbumEAST NEWS, © depositphotos.com

 

හෙඩි ලැමර් එකල ප්‍රසිද්ධ හොලිවුඩ් නිළියක් මෙන්ම නව නිපැයුම්කරුවෙකු ද විය. දෙවන ලෝක යුද්ධ සමයේදී, ඇය සහ ජෝර්ජ් ඇන්තෙයිල් විසින් ටෝර්පිඩෝ ගමන් කිරීම වැළැක්වීම සඳහා ගුවන් විදුලි මාර්ගෝපදේශන පද්ධතියක් සොයා ගත් නමුත් තාක්‍ෂණික දුෂ්කරතා හේතුවෙන් 1962 වන තෙක් මෙම සොයා ගැනීම භාවිතා  කිරීමට නොහැකිවුණා. wifi සහ bluetooth දියුණු කිරීමට හෙඩි ලැමර්ගේ රැහැන් රහිත සම්ප්‍රේෂණ පද්ධතිය අතිශයින් දායක විය.

Central heating – Alice Parker

ඇලිස් පාකර් 1919 දී ගෑස් බලයෙන් ක්‍රියාත්මක වන මධ්‍යම තාපන පද්ධතියක් නිර්මාණය කළ නව නිපැයුම් කරුවෙකි. ඇයගේ විශේෂිත සැලසුම කිසි විටෙකත් ඉදි නොකළද, නවීන මධ්‍යම තාපන පද්ධති සඳහා ආභාෂය ලබා දුන් ජයග්‍රාහී අදහස එයයි.

The windscreen wiper – Mary Anderson

1903 දී මේරි ඇන්ඩර්සන් නිව් යෝර්ක් වෙත ගිය විට, ඇගේ රියදුරුට ජනේලය විවෘත කර වින්ඩ්ස්ක්‍රීනයේ ඇති හිම ඉවත් කර තම දෑතින් ඉවත් කළ යුතු බව ඇය දුටුවා. එය රියදුරුට මෙන්ම මගීන්ටද අපහසුතාවයක් වූ අතර එයද අනතුරුදායක වූ නිසා එයට විසඳුමක් සෙවීමට අවශ්‍ය වූ අතර 1903 දී ඇය windscreen wiper සොයා ගත්තා. අවාසනාවන්ත ලෙස කාර් සමාගම් මේරිගේ සොයා ගැනීම විශ්වාස නොකළ අතර ඇය එයින් කිසිඳු ලාභයක් ලැබුවේ නැත.

Computer software – Grace Hopper

ග්‍රේස් හොපර් ඇමරිකානු පරිගණක විද්‍යාඥවරියක වූ අතර එක්සත් ජනපද නාවික හමුදාවේ පසුපස අද්මිරාල්වරියකද වුණා. ලිඛිත භාෂාව computer code එකක් බවට  පරිවර්තනය කළ compiler ඇය සොයා ගත්තා. ග්‍රේස් හොපර් විසින් “bug” සහ “debugging” යන වචන භාවිතා කලා සහ ඒ අනුව 1959 දී ඇය පළමු නවීන ක්‍රමලේඛන භාෂාවක්(programming language)වූ COBOL නිර්මාණය කිරීමට සහභාගී වූවා

The paper bag – Margaret Knight

1867 දී මාග්‍රට් නයිට් කඩදාසි බෑග් කම්හලක සේවය කළ අතර එහිදී පැතලි පතුලක් ඇති කාන්තාවන්ට අතින් ලියුම් කවර ආකාරයෙන් කඩදාසි ඇලවිය යුතු බව දැක එය ඇත්තෙන්ම අපහසු සහ කාලය නාස්ති කිරීමක් වූ අතර පැතලි පතුලේ කඩදාසි බෑග් සෑදිය හැකි යන්ත්‍රයක් සැලසුම් කිරීමට මාග්‍රට් නයිට් තීරණය කළේ එබැවිනි. 1879 දී ඇගේ නව නිපැයුමට පේටන්ට් බලපත්‍රය ලබා ගත්තාය.

Disposable diapers – Marion Donovan

1946 දී මැරියන් ඩොනොවන් ජල ආරක්ෂිත ඩයපර්(Disposable diapers) ආවරණයක් සෑදීම සඳහා සාමාන්‍ය නාන තිරයක් භාවිතා කළා.1949 දී ඇයගේ නව නිපැයුමට පේටන්ට් බලපත්‍රය ලබා ගත් ඇය පසුව පේකෝට් බලපත්‍රය කෙකෝ සංස්ථාවට ඩොලර් මිලියනයකට අලෙවි කළා.


යාලුවොත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *