කාන්තාවන් වෙනුවෙන්ම නිපදවලා තියෙන අරුහ පුදුම ගැජට් 15ක් මෙන්න

කාන්තාවක් ඇගේ ජීවිත කාලයේදි මේකප් වෙනුවෙන් කොයි තරම් නම් වියදම් කරනවා ඇතිද? හිතා ගන්න අමාරුයි නේද? දල වශයෙන් ලක්ෂ ගානක් කියලා කියන්න පුලුවන්. මේකප් වලට විතරක් නෙමෙයි තව තව පුදුම හිතෙන දේවල් වලටත් කාන්තාවො මුදල් වියදම් කරනවා. ඉතින් මේ පහලින් තියෙන්නේ කාන්තාවන් වෙනුවෙන්ම නිපදවන ලද අපූරු ගැජට් වර්ග 15ක තොරතුරුයි ඔයාලත් ඒවා බලලා ඒවා ගැන ඔයාලගේ අදහසත් කියාගෙනම යන්න

1. හාදු දෙන්න පුරුදු වෙන්න කොට්ට

හාදු දෙන්න පුරුදු වෙන්න පුලුවන් මේ කොට්ට වල ජනප්‍රියත්වය ඇත්තටම ඉතාම ඉහලයි කියලා තමයි වාර්තා වෙන්නේ.

2. RAD  තිසරපට.

මේක ඇත්තටම ජීවිතය බේරා ගන්න පුලුවන් වස්තුවක් කියලා කිවුවොත් හරි. මේක හොයාගෙන තියෙන්නේ චිකාගෝ හි කම්පන අවදානම් කළමනාකරණ පර්යේෂණ ආයතනයේ නිර්මාතෘවරිය වූ ආචාර්ය එලේනා බොනර් විසිනුයි. මේ ආකර්ෂණීය තිසරපටිය ස්වාධීන රැහැන් පද්ධතියක් සහිත gas masks දෙකක් බවට පරිවර්තනය කරන්න පුලුවන්. අවුරුදු 20ක පලපුරුද්ද යටතේ පරික්ෂණ ගණනාවක් සිදු කරලා තමයි ආචාර්ය බොනර් මේ නිර්මාණය කරලා තියෙන්නේ.

3. GoGirl

කෙල්ලන්ට ශරීර කෘත්‍ය කරන්න ගියාම ඇතිවෙන අපහසුතා ගැන අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. ඉතින් ඒ වගේ අපහසුතා මගහරවා ගන්න තමයි මේ නිර්මානය කරලා තියෙන්නේ. කාන්තා පාර්ෂවයට ඉතා පහසුවෙන් මුත්‍රා කිරීමේ හැකියාව මෙමගින් උදා වෙනවා. විශ්වාස කරනවද?? මේ වෙනකොට මේ නිර්මාණයෙන් මිලියන 5කට වඩා අලෙවි වෙලා තියෙනවලු.

4. Boob glue

 

මේ නිර්මාණය ඕනෑම ප්‍රමානයක පියයුරු අලංකාරව ආකර්ෂණීයව නියමිත ස්තානයේ රදවා තබා ගැනිමට උපකාරි වෙනවා.

5. Heel condoms

මුලදි මෙය කකුලේ පහසුවට පලදින සරල අඩි ආවරණයක් ලෙස භාවිත කලත්, පසුකාලීනව විලාසිතාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ සාමාන්‍ය පාවහන් යුවලේ අඩියට මේ විදියේ මෝස්තර සහිත ආවරණයක් තෝර ගන්න පුලුවන්.

6. BraZing

එකම විදිය බ්‍රා පටි දැකලා වෙහෙස වෙලා ඉන්න අයට තමයි මේ විසිතුරු බ්‍රා පටි නිර්මාණය කරලා තියෙන්නේ.

7. Foot undiez

බැලේ නර්තනය ඉගෙන ගන්න අයට තමයි මේ පාද වලට අදින මේස් යට ඇදුම වැඩියෙන් ප්‍රයෝජනවත් වෙන්නේ.

8. තිසරපට තුවා.

තුවා භාවිතා කරන්න පුලුවන් පිසදමන්න විතරයි කියලද හිතුවේ? නැහැ, තුවායක් තිසරපටියක් විදියටත් අදින්න පුලුවන්.

9. කුරුමිණි කරාබු.

පෙනුමෙන් ටිකක් අප්‍රසන්න වුනත් මේ කුරුමිණි කරාබු මේ වෙනකොට ගොඩක් දෙනා අතර ජනප්‍රියයි කියලා තමයි ආරංචි වෙන්නේ.

10. අත් රදවන දුරකතන වැස්ම.

ගොඩක් පාලුවෙන් ඉන්න කෙනෙකුට නම් මේ නිර්මාණය ප්‍රයෝජනවත් වෙනවා.

11. රයන් ගෝස්ලින් කොට්ටය.

කඩවසම්, දක්ෂ ප්‍රසිද්ද අය තමන්ගේ ලගින්ම ඉන්නවා දකින්න කැමති කාන්තාවන්ට තමයි මේ අපූරු නිර්මාණය ගැලපෙන්නේ. රයන් ගෝස්ලින් විතරක් නෙමෙයි, කැමති වෙන ඕනෙම කෙනෙක්ව කොට්ටයක් විදියට හදා ගන්න පුලුවන්.

12. වැලද ගැනීම්.

තනිකමෙන් පාලුවෙන් ඉන්න අයටම තමයි මේ නිර්මාණයත් කරලා තියෙන්නේ.

13. සිනාසීමේ පුහුණුකරු.

සිනහව මගින් කාන්තාවකගේ සුන්දරත්වය වැඩි දියුණු කරනවා වගෙම අදහස් ප්‍රකාශ කරන ප්‍රධානතම ප්‍රකාශන මාධ්‍යක් විදියටත් හදුන්වන්න පුලුවන්. ඉතින් පරිපූර්ණ සිනහවක් පුරුදු පුහුණු වෙන්න තමයි මේ උපකරණය නිර්මාණය කරලා තියෙන්නේ.

14. වයින් බ්‍රා.

යම්කිසි, පානය කිරීමට නොහැකි තැනකදි ඔයාට වයින් ටිකක් පානය කරන්න හිතුනා කියන්නකෝ. කණගාටු වෙන්න එපා. වයින් බ්‍රා තියෙනවනේ. මේ තිසරපටිය ඇතුලේ වයින් බෝතලයක් විතර ගබඩා කරන්න පුලුවන් කියලා තමයි නිෂ්පාදකයො කියන්නේ. ඒ වගෙම කිසිම අපහසුවක් ඇතිවෙන්නෙ නැහැ කියලත් ඔවුන් සහතික වෙනවා.

15. තොල් ආලේපන උපකාරකයා.

පරිපූර්ණ පෙනුමක් ලැබෙන විදියට තොල් ආලේපන ගැල්වීම අපහසුයිද? මේ උපකාරකය ඒ කටයුත්ත පහසු කරනවා.

 

Leave a Reply